අලුත්ගම විදුහලක සිසුන් දෙදෙනකු අතර බ්‍රහස්පතින්දා ආරවුලක් ඇති විය. එක් සිසුවෙක් පන්තිය අතුගෑවේය. කුණු ටික ඉවත් කරන ලෙස ඔහු අනෙක් සිසුවාට කීවේය. ආරවුල හට ගත්තේ එවිටය. පසුදා පිටින් කොල්ලෙක් පාසලට පැමිණියේය. එක් සිසුවකුට පහර දුන්නේය. ඔහු අල්ලා ගත්තේය. පාසලට රැගෙන ආවේය. බෝඩ් ලෑල්ලක් අතට දුන්නේය. ‘මට සමා වෙන්න. මීට පස්සේ මෙහෙම වැඩ කරන්නේ නෑ‘ යනුවෙන් එහි ලියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදී වෙඩක් කරලා තිබුනට. දුන්නු දඩුවම නම් බොහෝම භයානකයි. අහිංසක, අංගුලිමාල උනෙත් ඔය වගේ දඩුවම් දෙන්න ගිහින්. චන්ඩියෙක් උනත් මේ දරුවා තාම කුඩා දරුවෙක්. සම වයසේ ළමුන් ඉදිරිපිට මොන තරම් අපහසු තාවයක් ඇති වෙන්න ඇතිද? ගුරුවරු විදුහල්පති මෙයිට වැඩිය හිතන්න තිබුනා. (නදී)
මැර කොල්ලා පාසලට ගෙන්නාපු සිසුවා සහ මැර කොල්ලා, අනාගත දේශපාලනයට අවතීරණ වීමට ඇති සුදුසුකම්, ළමා කාලයේ සිට විදහා පායි. (නදී)
කුලී වැඩ කරනවට හොද වැඩේ. (නදී)
දෙමව්පියන්ගෙ වැරදි නිසා දරුවො අපහාසයට ලක්වේ (නදී)
මෙම තත්වය ඉතා ඛේදනීයයි. අපි සැමට මතකද අැඹ්ලිපිටිය පැත්තේ පාසලක විදුහල් පතිවරයෙකුගේ පුතෙකු තමන් යහළු ළමය ගේ පන්තියේ අනෙක් ළමුන් ගෙන් වැඩ අරගන ඒ පාසලේ ළමුන් කීප දෙනෙකු අකාලයේ මැරුණද? සුරියකන්ද මේවා පාසැල තුල අධ්‍යාපන ආයතන තුල අවබෝදයෙන් යුතුව නතරකල යුතුයි. (නදී)
කුලියට මැරයෝ හයර් කරපු කෙල්ලටත් දඩුවමක් දිය යුතුයි (නදී)
මේක නම් ඔබින දඩුවමක්. එ්ත් හෙට තත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. පාරා මේවට කියන්නේ කුලී වැඩ නෙමෙයි. කුලියට කරනවා,අනුන්ට කඩේ යනවා කියලයි. කමල්, මේක කරවල තියෙන්නේ කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්. සිසුවා කියන්නේ ඉගෙන ගන්න පිරිමි දරුවන්ට.(නදී)
දෙවියනේ මේකේ ගුරුවරු විදුහල්පති නැද්ද ලමයිද මේක පාලනය කරන්නේ. මේක තමයි නියම ළමා හිංසනය. මේ ළමයට මොනවා හරි උනොත් පරීක්ෂණ ඕන තරම්. රටකට ගිය කල. මතක නැද්ද වෙනුෂා (නදී)
ඕව එච්චර ගණන් ගන්න එපා පාසල් කාලේදී ඔය වගේ මෝඩ වැඩ කරනවා. මටත් මතකයි පාසලේදී අපිට කවුරු හරි ගැහුවොත් අපිට ඌට ගහන්න බැරි තරම් බතලයෙක් නම් කාගේ හරි කෙනෙක් පහුවෙනිදට එක්ක ඇවිත් අර කොල්ලට දෙකක් දෙනවා හැබැයි එ් කොල්ලවත් අපිවත් එතනින් එහාට ගෙනියන්නේ නැහැ ටික දවසකට පස්සේ අපි හොඳ යාළුවො , මේවට මහා එවුන් හවුල් උනොත් තම මහා විනාස වෙන්නේ (නදී)
දැන් කාලේ ගුරු මව්වරු පියවරු සිසුන්ගේ ප්‍රශ්ණවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්කො දණ ගහන්න වෙනවා එහෙම නැත්තම් මානව හිමිකම් නඩුවකට පැටලෙනවා. (නදී)
මෑතක සිට මරු සිටින දිසාව අලුත්ගම. (නදී)
අලුත්ගම පැත්තේ පොඩි එකාගේ ඉඳල ලොකු එකා වෙනකම්ම චන්ඩි වගේ. (නදී)
අලුත්ගම වෙන්නෙම අලුත් වැඩ. (නදී)
රට කොහාටද මේ යන්න හද්දනේ කෝ අපේ හැදියාව විනීත කම පොඩි කාලය ඉඳන්ම නැති වෙලා. රට සංවර්දන්ය උනාට මෙවැනි දේවල් අසන්වර්දිතයි (නදී)
පොඩි එවුන්ගෙත් මොලේ අවුල් වෙලා වගේ. රටට ගිය කලක්. පොඩි කාළෙම කුලියට මැර වැඩ කරන්න හදනවට හොද පාඩම. ඇඟේ හැටි බලන්නකෝ පොඩි එකාගේ. කෙලින් හිට ගන්නවත් පන නැහැ චන්ඩි කම් පෙන්නනවා. (නදී)
මොනවා උනත් ඔහුත් බාල වයස්කාරක දරුවෙක්. මීට වඩා මෙම ප්‍රශ්න දීහා බැලිය යුතුය. දැන් බලන්න මෙම ළමයාගේ මානසික තත්වය (නදී)
මේ වගේ දඬුවම් අනුමත කරන්න බෑ. මේකෙන් මෙයාගේ ආත්ම ගෞරවය නැති වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්. පොලීසියට දැනුම් දීලා, සමථ මණ්ඩලයක් මගින් විසඳ ගන්න එක තමයි හොඳ.(නදී)
අවනීතිය (නදී)
ගුරුවරුන්ට තිබුනේ පොලිසියට කියන්න (නදී)
අජන්තගේ කතාව සහතික ඇත්ත. මේක හරි දඬුවමක් නෙමේ. මේකෙන් වෙන්නේ මේ ළමයා තවත් නරක වෙන එක. වෙනත් ආකාරයක සුදුසු බුද්ධිමත් දඬුවමක් දෙන්න තිබුණා. අනික මේක දුන්නේ විදුහල්පති හෝ ගුරුවරයෙක් නම් ඒ අයට පුහුණුවක් දෙන්න ඕනේ. (නදී)