පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට රටේ ජනතාව සූදානමින් සිටින්නේයැයි ඉත්තෑපානේ ධම්මාලංකාර කොළඹ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ කොළඹ දී ප්‍රකාශ කළහ.
මැතිවරණ කොමසාරිස්වරයා මෙවර මහ මැතිවරණයේ දී වෙනත් මැතිවරණ කාලයන්හි නොතිබූ සාමකාමී බවක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
රටේ වෙසෙන සියලු ජනතාව ජාති භේදයකින් තොරව සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහය දිය යුතු බව ද ඒ හිමියෝ කීය.
මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, බ්‍රහ්මණවත්තේ සීවලී හිමි, දුලිප් ඩී චිකේරා බිෂොප්තුමා ද , ආගමික සමුළුවේ උප ලේකම් එබෙන්ෂර් ජෝෂප් පියතුමා සහ සමස්ත ලංකා ජමියාහ්තුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ඈෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක් මවුලවිතුමා ද සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ජාත්‍යන්තරයේ හුදකලාවෙලා ඔවුන් සමග අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව ගනුදෙනු නොකොට කොහොමටවත් දුප්පත් රටක් හැටියට ඉදිරියට හෝ දියුණුව කරා යන්න බැහැ. මුළු ලොවම ගරුකරන ශීලාචාර රටක් හැටියට ඉදිරියට යන්ට ඕනෑ නම් අනිවාර්යයෙන් හොඳ යහපත්, ශීලාචාර, වැදගත් මහත්වරුන්ව තමයි අපි පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුත්තේ. (නි)
අපි එකඟයි (නි)
හොඳ මිනිසුන් සිටින රටක් කොහෙද මිනිසුනේ? (නි)
කවදාකවත් නොවන දෙයක්. (නි)
මේක ඉතාම සත් භාවයෙන් තළ ඉල්ලිමක් බව පේනවා. කැපුවත් අපේ පාට මේකයි කියන මතවාදය පරයා බුද්ධිමත් කාර්යශුර නව මන්ත්‍රී මණ්ඩලයක ට අපි සැමගේ පුර්ණ ආශීර්වාදය! (ම)
දේශපාලුවන්ටයි ජාතිබේදය ඕනෑ. අපිට ඕනෑ නැහැ. අපි සමගියෙන් ඉඳිමු. (නි)
බොහොම කාලෝචිත අදහසක්. හැබැයි ඔය ඡන්දෙ ඉල්ලන අය අතරෙන් ඒ හොඳ යහපත් චරිත තිබෙන 225ක් හොයාගන්න එකනේ වැඩේ. (නි)
පක්ෂ වලත් වගකීමක් තිබෙනවා උගත් චරිතවත් අයට නාමයෝජනා ලබාදීමට. (නි)
අරමුණ නම් බොහොම හොඳයි (නි)
පාර්ලිමේන්තුව නැවත පින් බිමක් වේවා (ම)
පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට ජනතාව සුදානම්. ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය (නදී)
හාමුදුරුවනේ ඉල්ලීම නම් හොඳයි නමුත් තාත්වික නැහැ. මොකද 4-5 දෙනෙක්ට වඩා යවන්න වෙන එකක් නැහැ. (නදී)