පවුම් එක හමාරක මාලයක් පැළඳ බේරුවල නගරයට ආ කතක (47) කඩදාසියක එතූ කොන්ක්‍රීට් ගල් කෑල්ලකට මාලය අහිමි කරගෙන පොලිසි ගියාය.
මෙම කාන්තාව ළඟට ආ මිනිසකු චාටුවෙන් ඇය මුළාකරගෙන තමා ළඟ රුපියල් ලක්ෂ 4ක මැණිකක් ඇතැයි ඇයට කියා ඇති බවත් ඒ සමගම තවත් අයකු ඔහු ළඟට අවුත් එම ගල රුපියල් තුන් ලක්ෂයකට ඉල්ලා ඇතැයිද පසුව කාන්තාව මාලයට ගල හුවමාරු කරගෙන ඇතැයිද කියති.
මාලය බැංකුවට උගස් තැබීමට ගිය පුද්ගලයා නොපැමිණි හෙයින් ඇය පොලිසි ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරුවලදී ? හිතාගන්නත් අමාරුයි මෙහෙමත් මෝඩ ඉන්නවද බේරුවල. (ර)
මෙහෙමත් අනුවණ විදියට රැවටෙන මිනිස්සු තාම ඉන්නවනේ. කොලේ ඇරලවත් බලන්නේ නැතුව මාලේ ගලවලා දෙන්න තරම් මොළය වැඩිකම. (නි)
ඕකට කියන්නේ හැදිමිටේ නුවන කියලා. (ර)
මොලේ වැඩිකම නෙවෙයි. බොරු පණ්ඩිත කම. (ර)
තන්හා ජායතී සෝකෝ..! කිව්වාලු (ම)
මෙතන වෙලා තියෙන්නේ අනුවන කමටත් වඩා ගැහැනුකම ඉස්සර වීමක්. අර වෙන කෙනෙක් ලක්ෂ තුනකට ඒක ගනීවි කියලා ඉරිසියාවත් එක්ක ආවා ගොන්කම.(හේ)