මහේන්ද්‍ර සිං දෝනිගේ වේගවත් ඉනිම නිසා බැංගලෝර්හි (23) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් තේරීමේ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 38 කින් පරාජය කරන ලදි.
මහේන්ද්‍ර සිං දෝනි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 20 කදී හතරේ පහර 6 සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 51 ලබා ගත්තේය. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ලසිත් මාලිංගට කඩුල්ලක් දවාගත නොහැකි වු අතර ඔහුගේ පන්දුවාර 4 තුලදී චෙන්නායි ක‍්‍රීඩකයෝ ලකුණු 41 උදුරා ගැනීමට සමත් වූහ.
තරගය ජයග‍්‍රහණය කළ චෙන්නායි කණ්ඩායම ලබන 25 වැනිදා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා පිල ලබන ඉරිදා (27) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව අවසාන මහා තරගයට මුහුණ දිමට නියමිතය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 187 (මයිකල් හසී 49, සුබ‍්‍රබනියම් බද්‍රිනාත් 47, මහේන්ද්‍ර සිං දෝනි නොදැවි 51, ඞ්වේන් බ‍්‍රාවෝ 33, ධවාල් කුල්කානී 46/3)මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 141 (සචින් තෙන්ඩුල්කාර් 11, ඞ්ෙවින් ස්මිත් 38, රෝහිත් ෂර්මා 14, ඇල්බි මෝකල් 31/2, ඞ්වේන් බ‍්‍රාවෝ 10/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝ චෙන්නායි ගෝ ?
දැන් ඉතින් පුඵවන් හම්බකරගත්ත සල්ලි ටිකත් අරන් ආපහු ගෙදර එන්න...
චෙන්නායි super kings ටීම් එක නියමයි
ms dhoni මම ඔයාට ආදරෙයි ලංකාදීපයට ස්තූතියි
දෝනී මම ඔයාට ගොඩාක් ආදරෙයි....ස්තූතියි ලංකාදීප.
Suresh Raina, මම ඔයාටත් ආදරෙයි
මාලිංග ඔහෝම ගෙදර යන්න
අපොයි මාලිංගගේ සල්ලී.....
දිනුවත් පැරදුනත් ලෝකේ අංක එකේ පන්දු යවන්නා මාලිංගමයි
IPL එකේ සෙල්ලම් කරන්න ලංකාවේ ක්‍රීඩකයෙක් ඉන්දීය රුපියල් කෝටී 10ක් ගත්ත කියල නිවුස් 1 ක් යනවා......???
මාලිංග අපේ රටට සම්පතක් අපේ මෝඩ මිනිස්සු මාලිංගට ලැබුන මුදල් හොයන්න යන්නේ මොකටද හා හා එයාට එවා ගනන් කරගන්න පුලුවන් මාලිංග අයියේ තව හොද වැඩක් නම් තියනවා අපේ කෑගහන මෝඩයින්ට කියියක් හරි දෙන්න නිකන්ම කට වහගනියි පෙරේත මිනිස්සු
දිල්ලි මහේලගේ stump නිසා පැරදිලා ,බොම්බාය සචින්ගේ run out නිසා පැරදිලා.