ලබන 17 වැනිදා මහ ඡන්දයට සුදුසු අය ඇතැම් පක්ෂවලින් නම් කර නැති හෙයින් ඡන්ද දායකයන්ට ලොකු වගකීමක් පැවරෙන බවත් හොඳ අය හා නරක අය අතර පවතින සටනේදී හොඳ අයට පමණක් ඡන්දය හා මනාපය දෙන්නැයි සාධාරණ හෙටක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘මේ ඡන්දය පුද්ගලයන් අතර ඡන්දයක්ද නොවේ. පක්ෂ අතර ඡන්දයක්ද නොවේ. ප්‍රතිපත්ති අතර ඡන්දයකි. හොඳ නරක අතර ඡන්දයකි. කුඩුකාරයන් එතනෝල්කාරයන් හා දූෂිතයන් වෙනුවට උගතුන් බුද්ධිමතුන් ඇතුළු හොඳ මිනිසුන් පත් කරගත යුතුයි.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මිනිසුන් හදුනාගන්න එක එතරම් අපහසු වෙන එකක් නැහැ. පසුගිය කාලයේ ඔවුන් කල කි දෑ ගැන පොඩ්ඩක් හිතුවොත් (නදී)
දෙපැත්තේ වාඩි වෙලා ඉන්නෙත් බොහොම ප්‍රතිපත්ති ගරුක අය.(නදී)
හොදයි කියන කෙනෙකුට ඡන්දෙ දුන්නත් මේ ක්‍රමයට අනුව හොරෙකුට යන්නත් අවස්ථාව තියනවා. මන්ද ඒ පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි වන හින්ද යටින් ඉන්න හොරෙකුටත් එන්න පුළුවන්. හොදම දේ හොරු ඉන්න පක්ෂ වලට ඡන්ද නොදී ඉන්න එක. (අ)
ටිකක් ඔලුව පාවිච්චි කරන්න , සිසිත කියපු එක බලන්න එක හරියට හරි (අ)
හොඳ අය කියල කිව්වේ, ඔය දෙපැත්තෙන් වාඩි වෙලා ඉන්න අය වගේ හොඳ අයද? (ම)
අපි 80 දශකයේ දැකපු සෝභිත හාමුදුරුවන්ට වෙලා තියෙන දේ දැක්කහම අනේ අපොයි කියලා හිතෙනවා.හරි හරි ඔබවහන්සේ මෙදා පාරත් තැටිය රත් කරලා බලන්න.හැබැයි මෙදා පාර ඒ තැටියේ රොටි පුච්චන්නේ අපි.. (නි)
එහෙනම් අපි එහෙම කරන්නම්කෝ (නි)
දෙවැනි වර තැටිය රත් උනාම රොටි පුච්චන්න හැකි අයද-රට රැකීමට යහ පාලනය පමණක්ම ඇතිද (නදී)
ඔය සංගමයෙත් ඉන්නේ අසරණ රෝගීන්ව ප්‍රාන ඇපයට තියක අය විතරමයි නේද ? (නදී)
අපේ නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ නිජබිම වන මාදුළුවාව ගම පියසේ දරිත්‍රභාවයෙන් පෙලෙන අහිංසක පවුල් ගැනත් ටිකක් විපරම් කරලා බැලුවොත් තමා සාධාරණ සමාජයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ. (නදී)
විදායක ජනදිපතිකම නැති කරන්න නේද ඔබ වහන්සේ මුලින්ම සංවිදාන පිහිටුවා ගත්තේ ? කෝ දැන් ඒ කතා ? එක එක කාලෙට කඩේ යන්න එක එක කතා කියනකොට, මිනිස්සු ඔබ වහන්සේ කියන ඒවා අහවිද ? මහා බැංකු හොරකම්, රට ගියපු පාතාලයෝ ආපහු ගේන ඒවා ගැන කතා නොකරන ඔබ වහන්සේ අවංකව රට ගැන හිතනවා කියල අපට නම් හිතන්න අමාරුයි. (නදී)
දැන් තැටිය රත්වෙලාද අපේ හාමුදුරුවනේ? (නි)
මහින්දගේ දොස් කියනකොට සමහරු විරුද්ධයි.ඉපදිලා තියෙන්නෙම බොරු අහලා, බොරු කියලා.එක පැත්තක දොස් කියනකොට ඒකෙන් කියන්නේ නැහැ අනිත් පැත්ත හොඳයි කියලා. ඉවසීමෙන් අහගෙන ඉන්න. (නි)
කඩේ යන අය පත් කරගත්තට කමක් නැද්ද ජාතියේ පිනට පහළවුණු අපේ හාමුදුරුවනේ! (අ)
හොඳ අය කවුද කියල ඔබ වහන්සේම කිව්වා නම් අපිටත් බලාගන්න තිබුනා ඔබ වහන්සේ හොඳයි කියන්නේ මොන වගේ අයටද කියලා (නදී)
මහා බැංකු හොරා දූෂිතයෙක් නෙමෙයි නේද හාමුදුරුවනේ. ඒ නිසා කමක් නැහැ නේ ඡන්දය දුන්නට (නදී)
ඔක්කොම සුදු ඇඳලා අතේ පිරිත් නුල් බැඳගෙන ඉන්නේ. කාලා තමයි බලන්න වෙන්නේ හොඳ ද නරකද කියලා.(නදී)
ඇත්ත තමයි (නදී)
අපේ මුදල් කොල්ල කාලා, දරුවන්ව කුඩ්ඩෝ කරපු අයට හුරේ දාන අයත් ඉන්නවනේ මේ රටේ (නදී)
දුෂිත පුද්ගලයන් පක්ෂයකින් නම් කරලා තියෙනවා නම් ඒ පක්ෂයත් දුසිතයි නේද හාමුදුරුවනේ ? අනිත් කාරණේ කවුරුත් ඉස්සෙල්ලම එනවිට දුෂිත නැහැ නේද? (නදී)
හොඳ අය හඳුනාගන්න විදිහත් කිව්වනම් වඩා වටිනවා (ම)
ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සේගේ සේවය අගය කරමි (අ)
1970 /75 /80 කාලේ අපි එවපු අයත් අද මාර විදිහට දුෂ්ඨයි (නදී)
හොඳ අයට ජන්දේ දීලා බොරු අහලා, බඩගින්නේ ඉඳගන අහසේ මාලිගා හදමු නේද? (නදී)
අර පහුගිය කාලේ දැම්ම රොටිය කෝ හාමුදුරුවනේ? එ්ක කර වෙලාම ගියා නේද ? (නදී)
එක රටක් - එක නීතියක් සදහා ඡන්දය දෙන්න.
ඔබ වහන්සේගේ චතුර සුමදුර ධර්ම දේශනා අහන්න අපිට සිංහල මිනිසුන්වි ශ්‍රි ලංකාෙ බේරලා දුන්නු මහින්ද මහත්තයට කෘතඥ වෙලා කලින් වගේ පන්සලට වෙලා බණ කීවානම් ඔබවහන්සේ අපිටත් කලින්ම නිවන් දකීවි. දේශපාලකයෝ, රාජ්‍ය නායකයෝ ඔබවහන්සේ කියන දේ අහන්නේ උන්ගේ මෙලොව වාසියට, අපි ඔබවන්සේගේ බණ ඇසුවේ ඉදිරියටත් අහන්නේ පරලොව වාසියට. ඔබ වහන්සේම තේරුම් ගන්න කුමක් කරමිද වැඩ රටට හොඳ සේවයක් කළ හැක්කේ කියා.( ම)
සෝබිත හිමි !
බැංකු හොරුන්ට ඡන්දය නොදී හොඳ අයට ඡන්දය දෙන්න (නදී)