යුද්ධයෙන් පසුව උතුරු, නැගෙනහිර ජනතාවට මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලු හා එම ගැටලු ජයගන්නා ආකාරය ඇතුළත් 'හුනුවටය' සිංහල නාට්‍යය දෙමළ බසින් පරිවර්තනය කර 'වෙන්කට්ටි වට්ටම්' නමින් උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙමෙ මේ බව පැවසුවේ, මේ දිනවල උතුරු පළාතේ ප්‍රදර්ශනය කෙරෙන 'හුනුවටය' වේදිකා නාට්‍ය‘යේ දෙමළ පරිවර්තනය වූ ‘වෙන්කට්ටි වට්ටම්' නාට්‍ය ප්‍රදර්ශනය වූ අවස්ථාවකට සහභාගි වෙමිනි.
සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කර එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිඳියාව ගොඩනැගීමට උත්සාහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම හරහා සංහිඳියාව ගොඩනැංවීම වඩා වැදගත් බව හෙතෙම පැවසීය.
'හුනුවටය' සිංහල නාටකය "වෙන්කට්ටි වට්ටම්" නමින් දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ 'කුලදේ ෂන්මුගලිංගම්' නැමති දෙමළ නාට්‍ය පිටපත්කරුවාගේ පරිවර්තනයක් ඇසුරින් බවත්, ඊට යුනෙස්කෝ සංවිධානයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබුණු බවද නිරිඇල්ල මහතා පැවසීය.
පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'හුනුවටය' සිංහල නාට්‍ය‘යේද, දෙමළ නාට්‍යය වූ 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේත් ගෲෂාගේ චරිතයට පණපොවනුයේ 'ලීලාවතී සෙල්වරාජ්' නැමැති දෙමළ තරුණියයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පරාක්‍රම නිරිඇල්ල මහතා,
"හුනුවටය කතාවේ දෙමළ පරිවර්ථතය වුණු 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේ ගෲෂාගේ චරිතය දෙස බලන විට ඇය මුහුණදෙන ගැටලු හා ප්‍රශ්න සියල්ලක්ම පාහේ උතුරු නැගෙනහිර වැසියන් යුදසමයේදී විඳි ගැටලුවලට බොහෝ සෙයින් සමානයි. මේ නිසා එම නාට්‍යය ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව යළි විමසා බලන, ඔවුන්ගේ දුක කතාකරන ඔවුන්ගේම නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයට උතුරු, නැගෙනහිර දෙමළ ප්‍රෙක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා." යනුවෙන් පැවසීය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි