ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා අඟහරුවාදා අලුයම සිට හුන්නස්ගිරියේදි අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.
ඇඳ සිටි සරම හා කමිසයේ කැබලි කිහිපයක් සම්ප්‍රේෂණාගාරයේ පහළ කැලයේ තිබූ බවත් එම ස්ථානයේ ගස් වැල් පොඩිවී තිබූ බවත් පොලිසිය කියයි. අඟහරුවාදා අලුයම 12.30 ට පමණ සිය සගයන් දෙදෙනා සමග තේ බී නින්දට ගිය ජාගොඩ මහතා ඔහුගේ කාමරයේ නොසිටි බව සගයන් පොලිසියට පවසා ඇත.
මාතලේ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා හුන්නස්ගිරි මහ කැලේ සෝදිසියක්ද අද පටන් ගත්තේය.
මාතලේ, කළුදෑවල ජාගොඩ මහතා පදිංචිව සිටියේය. ඔහුගේ බිරිඳ හා දරුවන් මාතර පළාතේ සිටි. ජාගොඩ මහතාට මෑතදි උසස්වීමක් ලැබුණු බවත් ඔහුගේ සගයකු බව කියන පුද්ගලයකු ඒ ගැන නොසතුටින් සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
දින දෙකකට පසුවත් ඔහු ගැන ආරංචියක් ලැබී නැති බව පොලිසිය කියයි. කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කළ පොලිසිය හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - රවීන්ද්‍ර විරාජ් අබේසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd