කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකරුවන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතරින් පළාත් පාලන ආයතනවලට පත් වු ඇතැම් මන්ත්‍රීන් රජයෙන් සහන මිලට ලබා දුන් යතුරුපැදි දෙක දෙක ලබාගෙන ඇතැයි දිස්ත්‍රික් කිහිපයකින්ම වාර්තා වේ.
පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ඒ කේ රණවක මහතා පැවසුයේ එවැනි දෙයක් සිදු වී ඇත්නම් ඒ මන්ත්‍රීවරුන් වැරැදි වැඩක් කැර ඇති බවයි.එසේ යතුරුපැදි ලබාගෙන ඇත්නම් නැවත පවරා ගන්නා බවත් අතිරේක ලේකම් ඩබ්ලිව් එම් පී ජී වික්‍රමසිංහ මහතාට එය භාර කැර ඇති බවත් ඔහු කීවේය.
නාවුල ප්‍රාදේශිය සභා මන්ත්‍රී රුවන් සමරවික්‍රම ,ගලේවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී අසංක නිල්දණ්ඩාවෙල යතුරු පැදි දෙක බැගින් ලබා ගත් බව කියති.ඇතැම් යතුරුපැදි සමීප නෑයනට දී ඇති අතර ඇතැම් ඒවා විකුණා ඇතැයිද කියති.
අනුරාධපුර දිස්ත්‍රිකයේ පමණක් මන්ත්‍රීන් එකොළහක් දොළහක් පමණද බෙලිඅත්තේ හා හම්බන්තොට සෑහෙන පිරිසක්ද යතුරු පැදි දෙක බැගින් ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
මෙම සයිකලයක සහන මිල රුපියල් පන්ස් පන්දහසකට ආසන්නය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් මොනවා වෙනවද එයාලා ගත්තහම? (නි)
චන්ද කාලයේ ජනතවට දුන් පොරොන්දු ඉටුකළ නිසාද ගෙදර උන්දැටත් යතුරු පැදියක් ගත්තේ (නදී)
දානයක් දෙනකොට වැඩිපුරම කාපු තරමටලු දුන් කෙනාට පින් පිරෙන්නේ. මේ සයිකල් දානය දුන්නේ කතිර පින ගන්න ඕනේ නිසා කීයක් ලබා ගත්තත් දානය දුන් කෙනාට කම් නැත (නදී)
ඔය කවුරුත් ඔහොම තමයි.අවංක නැහැ. පුළුවන් නම් සමෘද්ධි සහනාධාරය පවා ගනීවි. (නි)
ඔහොම තමයි ඉතින්. ගන්න පුළුවන් අය ගන්නවා. නැති අයට මොකුත් නැහැ (නි)