(නාලක සංජීව දහනායක)
මෙරට සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමයක් වන හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථාව ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහණය තුරන්වන බව ප්‍රකාශ කළද එවැන්නක් සිදුනොවන බවත් හේන් සකස් කිරීම සඳහා යොදාගන්නේ සාමාන්‍ය ළඳු කැලෑ බවත් දිස්ත්‍රික් ලේකම්වරු අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
රටට අවශ්‍ය රට කජු, කජු, තල, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග හේන් ගොවිතැන ආශ්රයෙන් වගා කළද මේ වනවිට එම ධාන්‍ය වර්ග පිටරටින් ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැයවේ.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික වැඩපිළිවෙල පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමඟ පැවැත් සාකච්ඡාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ හේන් ගොවිතැන පෙනී හකුරු නිෂ්පාදනය සහමුලින්ම බිඳලා දැම්මේ මේ අනවශ්‍ය දේවල් නිසි රටේ අවශ්‍ය දේවල් රටේම නිපදවන්නේෙ... අපි කළ යුත්තේ පරිසරය සුරකින්න නම් මහාපරිමාණ ජාවාරම් නතර කිරීමයි. ජාල මූලාශ්‍ර අපවිත්‍ර කිරීම නිසා වන සංහාරය වැනි දේ තියෙද්දී කොහුමිටක් කපන කෙනා හේනක් කරන මනුස්සයා නතර කිරීම අලි යන සිදුරු තියාගෙන් කෝඳුරුවෝ යන සිදුරු වහනවා වගේ වැඩක්...