
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය සෙනසුරාදා විදුලිය හදිසියේ ඇන හිටීමේ සිද්ධිය ගැන තමාටත් සැක සහ ප්රශ්න මතුවන තැන් තිබෙන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය
ඉහළ අවදානම් පවතින දිනයක
නොරොච්චෝල බලාගාරයේ අවදානම් නඩත්තුවකට ගියේ ඇයි තමාට ප්රහේලිකාවක් බව පැවසූ අමාත්යවරයා පද්ධතිය සාමාන්යයෙන් සති අන්ත සහ නිවාඩු දිනවල අවදානම් තත්වයේ පවතින බවද සදහන් කළේය.
හොඳින් ඉර පායලා පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් තියෙන ඉල්ලුම අවම දවසක මෙවැනි අවදානම් නඩත්තුවක් කිරීම ගැනද ප්රශ්නයක් මතුවන බවත් ඒ ගැන දැනටමත් නිලධාරීන්ගෙන් ප්රශ්න කර ඇති බවත් ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් තම අමාත්යංශ ලේකම්වරයා මාර්ගයෙන් පරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
එම පරීක්ෂණයේ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසූ අමාත්යවරයා එක් යන්ත්රයක් බිඳ වැටෙද්දී පද්ධතියම අක්රිය වුණේ අැයිදැයි යන්න ගැනද සැක මතුවන බව ප්රකාශ කළේය.
හදිසි තත්වයකදී අමතර පද්ධතියක් නොතිබුණේ ඇයිද යන්න ගැනද ප්රශ්නයක් තිබෙන බව ඔහු කීවේය.
අමාත්යවරයා මෙසේ පැවසුවේ මන්ත්රී රවී කරැණානායක මහතා මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd