
(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය මේ මාසයේ සිට දීර්ඝ කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දිට්වා සුළි කුණාටුව සමග හදිසි නීතිය පැනවීමට තීරණය කළ නමුත් මේ මාසයේ සිට අප හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි අමාත්‍යවරයා කීය.
" ආණ්ඩුව හදිසි නීතිය වැරදි ලෙස පාවිච්චි කරාවි යැයි යම් අය විසින් මතයක් හදන්නත් උත්සහ කලා.
හදිසි නීතිය යොදාගන්නේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් බව අප පැහැදිලිව සඳහන් කළා.ඒ අනුවම අප කටයුතු කළා.මෙතනින් එහාට හදිසි නීතිය යළි දීර්ඝ කරන්නේ නැහැ යනුවෙන්ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd