‘රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකිය ඒත් අපට කට වටකර වැට බඳින්න හැකි නම් හෘද රෝග පාලනය කරගත හැකිය. අප රටේ සීනි, ලුණු හා පොල්තෙල් පරිභෝජනය වැඩි නිසා ඉදිරියේදී ඒවාගේ මිල වැඩි කිරීමට අප මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවනවා‘ යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක හදවත් දිනය සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් පැවසීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විණි.
ලෝක හදවත් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ආහාර ප්‍රදර්ශනයක්ද එහි සංවිධානය කර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහතා තමා නියම නමින් මෙවන් අදහස් දාන ඔබතුමා වැනි සත්‍යවාදීන් අද විරලය . ඔබතුමා ගේ කතාව 100% නිවැරදිය , 2020 ජනාධිපති අපේක්ෂක වෙන්න හීන දැකපු මා සරසවි මිතුරු ( ජෙයස්ට ) , කොළඹින් ප්‍රතික්ෂේප කළේ ඡන්ද පදනම 50% අඩු කරලා , ගිය පාර දෙලක්ෂය පැන්නුවා , මෙවර යම්තම් 95,000 ක් ගත්තා . චම්පික මහතා ගේ ගෝලයා උදය මැතිතුමා පළමු වර තරග කර පරාජිත පක්ෂෙන් ඉල්ලලා ඡන්ද 195,000 ගත්තා . කොහොමද කොළඹ ජනතාවගේ ප්‍රතිචාරය ? (බ)
ඔක්කොටම කලින් මෙතුමා අර වාහන 18 පාක් කරපු තැන කියන්නකෝ..පුතා ගෙනිච්ච එකත් එතනටම දාන්න.නැත්නම් හොරු ගෙනියයි..ඕනනම් බෝඩ් එකක් ගහන්න යහපාලන කාර් සේල් කියල..(බ)
ඇමෙරිකන් පාන් පිටිවල මිල වැඩි වෙන්නේ නැහැනේ. ග්ලුටෝන් වැඩිම ආහාර (බ)
අපි තණකොළ කනවා කියලාද මන්දා සමහරු හිතාගෙන ඉන්නේ? (නි)
බඩු මිල ඉහලට දාන්න කරන කපටිකමක් ඕක (බ)
මෙයාගේ මොලේ කකුල් දෙකේද? (බ)
මේ වගේ කතාවලට අහුවෙන්න තරම් අය ලංකාවේ ඉන්නවද කියලා අපි බලමු (නි)
මිල වැඩි කළාට නම් කමක් නෑ ඒ්ත් අපිව අන්දන්න හැදුවාට අපි අහුෙවන්නෑ අැමතිතුමා (ම)
බත් කෑමත් ඒ තරම් ඇඟට ගුණ නෑ. ඒ නිසා හාල් මිලත් වැඩි කරන්න ඇමතිතුමා.(ම)
අම්මලා ළමයින්ට මවුකිරි නොදී හරියට පිටිකිරි පොවන නිසා කිරිපිටි මිලත් ඉහළ දැම්මොත් නරකද? (නි)
ඡන්දය දුන් සැමට ජයවේවා ! (ර)
ඔබතුමා අපේ සෞඛ්‍ය ගැන අපිට ගොඩක් ආදරෙයි. අපේ ජීවිත ගැටගහගන්න ඕනෑ බඩු වල මිල අඩුකරලා දෙන්නකෝ (නි)
අනේ ගොන් කතා.වෙනස රටවල පොල්තෙල් හොයා හොයා යනවා.(ම)
ඒ වගේම ශරීරයට හොඳ භාණ්ඩවල මිල හදවතට එකඟව අඩු කරමු. (ම)
එතකොට පැණිබීම, අයිස් කෝපි සහ වෙනත් අහිතකර බීම වර්ගවල මිල වැඩිකළොත් නරකද? (නි)
සිගරැට් මත්පැන් වගේ ජරාව ඇඟට ගුණ ඇති (නි)
අනේ අපි ගැන දුක හිතිලා මිල වැඩි කරන්නේ පව් රජයට අදායම නැතුව හොයන්න වැඩි කරන්නේ (අ)
එහෙනම් අපට ගුණ ඒවගේ මිල අඩු කරන්න (ම)
හදවතක් තිබෙනවාද කියලා මුලින් අපි බලමු. මොකද අපිට දැනෙන විදිහට දේශපාලඥයින්ට හදවතක් නැහැ. (නි)
ගහට ගිය මිනිහටත් කියන්න කතාවක් තිබුනලුනේ. බඩු මිල වැඩි කරන්න හොඳ උපායක්. හොඳ වැඩේ (නි)
අරක්කු සිගරැට් වගේ දේවල් නැතිම කරන්න බැරිද? (නි)
ඒක හොඳයි. (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්? (නි)
බොහොම හොඳයි. අරක්කු, පෙනඩෝල්, කුඩු එහෙම සීනි, ලුණු හා පොල්තෙල් වලට වඩා සෞඛ්‍යයට හොඳ ඇති නේද? (නි)
බටහිර රටවල් පොල්තෙල් ප්‍රවර්ධනය කරනවා.පිළිකා, හදවත් රෝගවලට හොඳ බව තහවුරුවෙලා. (නි)
ඔබතුමා මේ කියන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිකළොත් අපි බහිනවා පාරට. අපිට ආදරේ නම් කරන්න ඕනෑ ගුණදායී ආහාරවල මිල අඩුකරන එක. බලයට ආවේ ආහාර මිල 50% කින් අඩු කරනවා කියලා නේද? කෝ ඉතින්? (නි)
එක එක තර්ක දානවා බඩු මිල වැඩිකරන්න. ඔක්කොම එකයි බලාගෙන යනකොට. (නි)
දෙවියනේ මෙහෙමත් කතා! (නි)
පුදුම බුද්ධිමත් කතාවක්. ඔබ රටටම වාසනාවන් (නි)
දෙයියන්ට ස්තූති වේවා. අපේ ගැලවුම් කාරයා ඇවිත්. මොලේ ඇති වැඩක්. ඔක්සිජන් වලටත් මිලක් දෙන්න බැරිද දන්නේ නැහැ. ඇයි හැමෝම පාවිච්චි කරනවනේ. (බ)
දුප්පතාගේ කුස්සියේ ටික ටික හරි නොවරදවාම තියෙන්නෙත් මෙම වර්ග තුන විතරයි. ඒවායේ මිලත් ඉහළ ගියොත් කන්න වෙන්නේ පස්. ඇමතිතුමනි ඔය ගොන් කතා කියන්නවත් ගොන් වැඩ කරන්නවත් නොවෙයි නේද ඔතනට ගියේ. ඕව කිව්වේ නැහැ නේද? මැතිවරණයේදී. යහපාලන ප්‍රකාශවල ඕව තිබුනේ නැහැ නේද? දැන් මොකාටද එන්න හදන්නේ? 2016 මාර්තු පුංචි ඡන්දෙදි ජනතාව ප්‍රතිපල පෙන්නාවි. බලාගෙන ඉන්න. (බ)
අක්මාවට හොද නැති මධ්‍යසාර නවත්වන්ඩ බලන්ට, නැතුව දුප්පතා බොන කහට කොප්පෙටයි, ලුනුමිරිසටයි, කරවල කෑල්ලක් වත් බදගන්ට තියෙන තෙල් ටිකටයි කෙළවන්නේ නැතුව. (බ)
අපේ රටේ ඉන්න කළගුණ දන්නේ නැති අයනේ (ම)
මැති ඇමතිවරුන්ටත් ජනතාවගෙ සල්ලි වලින් කාල තෙල වැඩිවෙල තියෙන්නේ. හදවත් රෝග අවදානම ඉතාම වැඩියි. ඒක නිසා වාහනවල යන එක අඩුකරන්න ඩියුටි ෆ්‍රී වාහන දෙන එක නවත්තමුද? (බ)
දත් දොස්තර දන්න ආර්ථික විද්‍යාවක් තියෙනවද? ලුණු පූර්ණ අනමිය භාණ්ඩයක් බව මෙයා දන්නේ නෑ.(බ)
අනේ දත් දොස්තර ගෙදර අයට බැනුම් අස්සවන් නැතුව මිනිස්සුන්ට දැනෙන්න මොනවා හරි කොරහන්. (බ)
මට කැකිල්ලේ රජතුමා මතක් උනා.(ම)
නවතම සොයාගැනීම් වලට අනුව පොල්තෙල් ඉතාමත් හොදයි. අපේ අය දැනුවත් විය යුතුයි මීට වඩා. (බ)
කට වටකර වැට බඳින්න ඕනේ සමහර දේශපාලනඥයින්ගේ, එතකොට අපිට කණක් ඇහිලා ඉන්න පුළුවන්. (බ)
සමීර මමත් ඉන්නේ ගම්පහ දිස්ත්‍රක්කයේ ගමක. වැරදිලා හරි ඒවි නේ දින 19 කදී ජනප්‍රිය වෙච්ච මුන්නහැගේ පුතණ්ඩියා මේ පැත්තේ. කියල යවන්න අප්පච්චිට හොඳවයින් දෙකක්. (බ)
මහින්දගේ ආණ්ඩුවෙන් ගන්න තිබුණ ඉහලම ඵල ප්‍රයෝජන ගෙන ඇමරිකන් හා ඉන්දියන් අවශ්‍යතාවය මත ඩොලර් වලට මහින්දව නොමරා මැරූ රාජිත හා චම්පික ජනතාවට හිතකර දෙයක් කරන බවට කවර කලෙකවත් බලාපොරොත්තු තියා ගන්න එපා. මේ අය එදත් අදත් ජනතා ද්‍රෝහී ප්‍රා සාමාජිකයින් (බ)
අපේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන පර්මිට් එක ලක්ෂ 200 ක් විතර වෙනවා. අපේ මන්ත්‍රීවරු 225 ක් විතර ඉන්නවා. රජයට විශාල බදු මුදලක් අහිමි වෙනවා. මේ අනවශ්‍ය වරප්‍රසාද ඉවත් කරලා එම මුදල් වලින් ගොවීන්ට පොහොර, බීජ , උපකරණ නොමිලේ ලබා දෙන්න. මෙමගින් ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය පහත වැටෙන නිසා ආහාර මිල පහත වැටේවි. මෙමගින් රටේ අධිකව පවතින මන්දපෝෂණය නැති කරන්නට පුළුවන්. (බ)
යුනිසෙෆ් ආයතන මගින් පවසා ඇති ලංකාවේ දැනට පවතින මන්දපෝෂණය පිළිබද තොරතුරු කියවන්න. සිනි පිටි විතරක් නොවේ සියලු ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න(අඩුම 50% ක් ) අර ආණ්ඩුව කාල මේකත් කන්න ආවද? (බ)
පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න වුනේ දරාගන්න බැරි ජීවන වියදම හින්ද. යහපාලනයත් ඉක්මනින් බඩු මිල පහල දාල ජනතාවට සහන සැලසුවේ නැත්තන් ඉතින් ඒ ටික තමයි. ජීවත් වෙන්න නම් හොදටම අමාරුයි. ඉක්මනින් බඩු මිල පහත දාල ජනතාවට සහනයක් සලසල දෙන්න. (බ)
මේ කියපු මැටි කතාවට මෙයයි , මෙයාගේ පුතයි ආයෙත් ජන්දයක් නම් දිනනවා බොරු. (බ)
උපදින සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු අඩු බර සහිතව උපදී. වයස 5 ට අඩු දරුවන්ගෙන් 29% ක් අවශ්‍ය අවම බරට වඩා අඩු බරක් සහිතය. ඇතැම් දිස්ත්‍රික්කවල මෙම අගය 37% දක්වා ඉහළ අගයක් ගනී. මින් 14% ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි. මාස 6 ත් 11 ත් අතර දරුවන්ගෙන් 58% රක්තහීනතාවයෙන් පෙලෙයි. මාස 12 -23 අතර දරුවන්ගෙන් 38% ක් රක්තහීනතාවයෙන් පෙලෙයි. මීට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ දරා ගත නොහැකි ආහාර මිල නිසා ආහාර සපයා ගැනීමට බහුතර ජනතාවට නොහැකි වීමයි. යහපාලනයන් අප ඉල්ලන්නේ හැකි ඉක්මනින් ආහාර මිල පහත දමන ලෙසය. (බ)
මේගොල්ලෝ කියන ඒවට වටේ ඉන්න නිලධාරීන්ගේ උල්පන්දම් දීම් හා ඒගොල්ලන්ගේ පිස්සු කතාත් බලපානවා. (බ)
මිල වැඩි කරන්නේ බලාගෙනයි මාර්තුවේ පුංචි ජන්දෙ. මේ රටේ බුද්ධිමත් ජනතාව ජන්දය දෙන්නේ ඉතාමත් විමසිල්ලෙන්. දැක්කනේ මහා ජන්දෙ ප්‍රතිපල හදවතට හොඳ නැති දේවල් වෙළඳ පොලේ වැහි වැහැල. ඒ ගැනත් පස්සේ බලන්න..(ම)
දැන් එහෙමවත් කියමු.(හේ)
දත් දොස්තර කෙනෙකු හදවත් රෝග ගැන මොනවා දනීද .ප්‍රස්ථා පිරුලත් නොදනී .කටකතා නවත්වන්න බැරි බවයි ඉන් කියවෙන්නේ .පොල් තෙල්, සීනි ,ලුණු අධික ප්‍රමාණ අහිතකර බව ජනතාව දනී .ඒවා අවශ්‍ය ප්‍රමාණයට මිලදීගන්න. ජනතාව දනිති .ඔය එන්නේ ඒවගේ මිල වැඩිකරලා මැති ඇමති වැටුප් ඉහල දමාගන්න බදු වැඩි කිරීමය (බ)
වෙනසකට කියල ඡන්දෙ දීල මේ ගොල්ලන්ව පත් කරගත්ත නම් මේ වගේ කතා අහගෙන ඉන්න ඕන. සත්ත්ව ඝාතනය තහනම් කිරීම ගැන කතා කරන්නේ නෑ. මස් කෑමෙන් හදවත් රෝග නෙමෙයි සියලුම සර්වාංග රෝග හැදෙනවා. (ස)