ඇඹිලිපිටිය රෝහල් කොරිඩෝරයේදී වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සුරිය දිසානායක නම් හදවත් රෝගියාට පා පහරක් දුන්නේ යැයි ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කැර ඇත.
ටිකට් කැපීමෙන් පසු බෙහෙත් සටහන් පොත ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරයට ලක් වු බව කවියකු හා ගත් කතුවරයකු වන දිසානායක මහතාගේ ඥාතීන් පොලීසියට පවසා ඇත.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රුද්‍රිගු පැවසුයේ වෛද්‍යවරයකු විසින් කරන ලදැයි කියන පහර දීමක් සම්බන්ධ සිද්ධිය සමථයකට පත් කැර ගැනීමට දෙපාර්ශවයම එකඟ වු බවයි.
රෝහල් ආරංචි පවසනුයේ රෝහල් කොරිඩෝරයේ වැතිරී විරෝධය පළ කරමින් සිටි රෝගීයා රෝහලේ නිල රියකින් ඔහුගේ නිවසට රැගෙන ගිය බවයි.
මේ ගැන වහා පරීක්ෂණයක් පවත්වන බව
සබරගමු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරිය දිසානායක, 1977 දේශපාලන වේදිකාව කොලොන්න ආසනය අපේ ගමට පාර කපලා දුන්න මහත්තයා අපේ ගමට බස් සේවය දුන්න මහත්තයා අපේ ගමට ඉස්කෝලය දුන්න මහත්තයා සැමදාම අපිට ඕනේ නන්ද මහත්තයා කොලොන්නේ ජනතාවට මතක ඇති නේද? මම මේක ලීවේ මේ මනුස්සයා එදා දේශපාලන වේදිකාවේ ගිරිය කඩා ගෙන විරිදු කීව හැටි මතක් වෙලා. පේනවා නේද මේ මිනිස්සුන්ගේ කර පිටින් පරිල්මෙන්තු ගිය මිනිස්සු දැන් නා නැහැ නේද. මේ මනුස්සයා අසරණ වෙලා. මිනිස්සුනේ මේවා හිතට අරන් කාටවත් කඩේ යන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. දිසා ඔබට ඉක්මන් සුවය! (නදී) . ..
පෞද්ගලික රෝහල් මාෆියාව නිසා තමයි දොස්තරලා කොන්දොස්තරලා ගානට වැටිලා තියෙන්නේ. නමුත් ඔය අතර දෙවිවරු වගේ වෙදදුරොත් ඉන්නව. (ස)
ප්‍රියන්ත ටිකක් ඔලුවෙන් හිටගන්න මහත්මයෝ .එතකොට තේරෙයි දොස්තරගෙයි කොන්දොස්තරගෙයි වෙනස. (ස)
දොස්තරට, ලෙඩා පහර දුන්නා නම් මොකද වෙන්නේ, අසරණ මිනිස්සුන්ට තමයි හැමෝම පාට් දාන්නේ? (නදී)
අපේ ජනාධිපති තුමා. රජයේ සේවකයින්ට කියල තිබුන පසුගියකාලේ එක්තරා මාධ්‍යයකින්, රටේ ජනතාවට දෙවියන්ට සේ සලකන්න කියල,, ඔය තියෙන්නේ දෙවියන්ට සලකන ආකාරයෙන් ම සළකලා ..ඕක තමයි අද දෙවියොත් උදහසට පත්වෙලා අහක බලන් ඉන්නේ ...? (ස)
ඉවසීම හොඳට ප්‍රගුණ කරපු උදවියත් මෙහෙම හැසිරෙන එකනම් හොඳ මදි. (දිල්)
නූගත් පවුල් පසුබිම්වලින් විශ්ව විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වුනාට ජන්ම ගතිය අත හරින්න බෑ.. හේතුව අන්න එතනයි...(ස)
නිල අල්ලලා පයින් ගහන්න ඇති ලෙඩේ හොඳ වෙන්න. (ස)
රූපා, ඔයාට තරහා ගිහිල්ලා ලෙඩාට වඩා. බෙහෙත් ගත්තා නම් නේද හොඳ? (නි)
ලංකාවේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය ලබාගෙන අන්තිමේදී එකට කලගුණ සළකන හැටි තමා මේ. ලංකාවේ දොස්තරලා හිතා ඉන්නේ ඒගොල්ලන් දෙවිවරු කියලා. අනුකම්පාව, දයාව තෙතමනය කියන එක ගෑවිලාවත් නැහැ. මේ තිබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. (නි)
මේකට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය.අපේ අධ්‍යාපනය ගොඩනැගිලා තියෙන්නෙ සම්පුර්ණයෙන්ම දැනුම මත. නමුත් අධ්‍යාපනය කියන්නෙ දැනුම,ආකල්ප,කුසලතා කියන සියල්ලයි.පවතින ටියුෂන් සම්ප්‍රදාය විසින් දැනුම විතරක් ඇති කියන අදහස දීලා තිබෙනවා. (නි)
දොස්තර විභාග සමත් වූ අමනුෂ්‍යයන් අතින් මෙවැනි දේ සිදුවෙනවා (අ)
රෝහල රජයේ වුනාම එහෙම තමයි සැලකිලි. රෝහල පෞද්ගලික වුනානම් රජ සැලකිලි. ගරු සේවය නෙ? ගනන් ගන්න එපා. හැබැයි පිටින් ගන්න බෙහෙත් ලියපු වර්ගයෙන්ම ගන්න. මොකද කොමිස් වැරදුනොත් ගෙදරටම ඇවිත් ගහලා යාවි. (ස)
ලංකාවේ ඉන්නේ ඔක්කොම චන්ඩි ද? කිසිම කෙනෙකුට ඉවසීමක් නැද්ද? දොස්තරලා ලෙඩ්ඩුන්ට ගහනවා. ජනතාව දුම්රිය රියදුරන්ට ගහනවා. තව කට්ටියක් පොලීසිවලට ගහනවා. ලංකාවේ මිනිසුන්ට පිස්සුද? (ස)
මේකට ක්‍රියා මාර්ගයක් ගන්න එපා. එහෙම කලොත් දොස්තරල වර්ජන කරාවි. එතකොට ලෙඩ්ඩුන්ට දෙවියන්ගෙම පිහිටයි. (ස)
අපෝ මේ ලංකාවේ රාජ්‍ය අංශයේ වැඩකරන ෙමාලේ තියනවයි තියන අයටත් හැදියාවක් නම් නැහැ.(නදී)
ලෙඩෙකුටත් ගහනවද ? අනේ මන්දා. (නදී)
සමහර වෙලාවට දොස්තරලා ගැන කතා කරන්නත් එපා වෙනවා. මගේ බිරිඳගේ අසනීපයකට චැනල් කළ දොස්තර පැය 3 ඇතුළත ලෙඩුන් 80 බලනවලු. රුපියල් 1000 ගන්නවා. ඉතින් දවසකට කීයද, මාසෙක අදායම කීයද? නිදහස් අධ්‍යාපයනයට දෙවියන්ගේම පිහිටයි! (නි)
මේ රාජ්‍ය අංශයේ වැඩකරන සියලුදෙනාම යකුන් බැඳගෙන වැඩකරනා වගෙයි පෙනෙන්නේ. (නදී)
පහර දීමෙන් ප්‍රශ්න විසඳීම වනචාරී ක්‍රමයයි . රට නැවතත් ගමන් කරන්නේ කොහාටද? (ස)
අපේ රටේ දොස්තරලා මහා ලොකු ගෞවයකින් වැඩ කලාට ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටවල දොස්තර වුනත්, රටේ අගමැති වුනත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත්වෙනවා. රැකියාව අනුව, සමාජ තත්වය අනුව, උස් පහත් භේද සමාජය තුල නැහැ. නම විතරක් කියල ඕන කෙනෙකුට කෙලින්ම කතාකරනවා. රැකියාවේදී හාම්පුතාට සේවකයා කතා කරන්නේ නම විතරක් කියලා. සර්, මැඩම් කියල කතා කිරීමක් නැහැ. ඕනෑම වෘත්තියක් කිරීමට පෙර අඩු වශයෙන් සහතික පත්‍ර පාඨමාලාවක්වත් සම්පුර්ණ කරලා සහතිකේ ගන්න ඕනා. ඒ සෑම පාඨමාලාවකදීම මුලින්ම උගන්වන්නේ එයින් ප්‍රයෝජනය ලබන අයගේ ආරක්ෂාව සහ වෘත්තියේ යෙදෙන අයගේ ආරක්ෂාව සලසගන්න හැටිත්, හදිසි අනතුරු අවම කරන හැටිත්. පාරිභෝගිකයන්ගේ තෘප්තිය උපරිම වන ලෙස සේවය සැලසීමට විශාල උනන්දුවක් ඇතිකරලා තියෙනවා. එ්ත් අපේ රටේ හැම දේම දවසින් දවසම වලපල්ලට යනවා, හරිම ඛේදවාචකයක් මේක.(නදී)
ප්‍රිමේශිකා කියපු කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. (ස)
බොහොම කාරුණික වෛද්‍ය වෘත්තිය හරියටම කරන මුදල් ගැන නොහිතන රජයේ වෛද්‍යවරුන් දෙන්නෙක් මට හමුවී ඇත..එක් අයකු හමුවූවේ කොළඹ පුද්ගලික රෝහලකදීය.මම ඔහු හමුවී මගේ බිරිඳගේ ශල්‍ය කර්මය එම රෝහලේ මගේ රක්ෂණය හරහා කරගත හැකි බව පැවසූවිට ඔහු පැවසුවේ එම ශල්‍ය කර්මය කිරීමට අවශ්‍ය ඔහුගේ කණ්ඩායම සිටින්නේ මහ රෝහලේ බැවින් මහ රෝහලේදී කර දිය හැකි බවයි.එලෙසම මෙතුමා උදේ 6-7 වනවිට ශල්‍යාගාරයට පැමිණ මුදල් නොගෙන අවශ්‍ය දේ කළේය.අනික් වෛද්‍යවරයා බදුල්ල මහා රෝහලේ සේවය කරන තරුණ විශේෂඥයෙක්වේ. පුවතට අදාල වෛද්‍යවරයා වැනි අය නිසා අවංකව රාජකාරිය කරන අයට මහා අවමානයකි. (ස)
දයා ඔයා අහන ප්‍රශ්නයම තමයි මටත් අහන්න තියෙන්නේ. පිට රටක ජීවත් වෙන මම ලංකාව දිහා බලාගෙන ඉන්නකොට ඔය ටිකම අහන්න හිතුනා. (ස)
ගහල බේරුනා යන්තම්..ගස් බදින්නේ නැතුව..(ස)
වෛද්‍යවරයෙකු කියන පුද්ගලයෙක් රෝගියාට පයින් ගහලා. සමහරවිට වෛද්‍යවරයෙකු නොවන්නත් පුළුවන් නේද ? (ස)
මේ සිදුවූ දෙයින් පෙන්නුම් කරන්නේ මේ දොස්තරගේ දෙමව්පියන්ගේ පවුල් පසුබිම නොවේද? උගත්කම තිබුණත් සමහරුන්ට තමන් හැදුන පවුලේ පරිසරය යහපත් ආකල්ප වලින් තොර එකක් නම් මේ වගේ දේවල් හැසිරීම් වලින් පෙන්නුම් කරනවා. (නි)
දොස්තරලා කොහොමත් කරන්නේ රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න එන රෝගීන්ට පයින් ගහන එකයි පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න එන අයව වඩා ගන්න එකයිනේ. (ස)
ගැහුවේ දොස්තර නිසාත් පහර කෑවේ රෝගියා නිසාත් ප්‍රශ්නය ගොඩින් බේරුනා. ඔය පා පහර දොස්තරට වැදුනා නම් අද ලංකාව පුරාම රෝහල් වල තත්වය කොහොමට තියෙයිද?. මට නම් හිතෙන්නේ මස්කඩ කාරයෝ පාදඩයෝ පාතාලයෝ වෙන්න ඉපදුන අයත් අද දොස්තරලා වෙලා ඉන්නවා . එවැනි අය නිසා බෝසත්වරු වැනි මිනිසුන් සිටිය යුතු වෛද්‍ය ක්‍ෂේත්‍රය පවු කාරයින්ගෙන් පිරිලා.(ස)
මේගොල්ලෝ තමයි විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට කියල පාරවල් වහගෙන උද්ඝා්ෂණ කරපු අය. විශ්වවිද්‍යාලෙන් අයින් උනාම ඔක්කොම අමතකයි...(ස)
වහ බොන කෙනාට දෙන දඩුවමට වඩා ප්‍රමිතියකින් තොරව ආහාර නිෂ්පාදනය කරන කෙනාගේ දඬුවම ලිහිල්. මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා වෘත්තීය අයිතිවාසිකම් වලට නිදහස. පයින් ගහපු දොස්තර ගැන කතා කරමු. මේ රෝග නිධානය ගැන ටික වෙලාවක්වත් හිතමු. (ස)
සමහර දොස්තරලා ළඟ මනුස්සකම් නැත. හැබැයි හැම පහසුකමක්ම ඉල්ලනවා. ලෙඩ්ඩු මැරෙනවා. (ස)
මේ දොස්තරලා මහජන මුදලින් ඉගන ගෙන පිට රටවලට සේවය කරන්න ගියාම බලන්න ඕන රෝගියාගෙ නෑයන්ට දත් ටික ඔක්කෝම පෙන්නල රෝගියා ගැන විස්තර කරන හැටි. සියලු දේට කලින් මේ දොස්තරගෙ හදවත පරික්ෂා කරන්න. මේ වගේ උගත් මහත්මයෙකුට මෙසේ කිරීම, නූගතෙක්වත් නොකරන දෙයක්. (ස)
දොස්තරලට මුළු රටම බයයි. මෙයාල පොඩිදේටත් වර්ජනය කරනවා. ලංකාවේ නීතියක් ගෙන්න ඕනේ දොස්තරලට වර්ජන තහනම් කියල. පොලිසි වලට වගේ. මේක දවසක් අනුර කුමාර මන්ත්‍රී තුමත් කිවුව. (ස)
මට හිතෙන විධිහට මෙයා ඇත්ත දොස්තර කෙනෙක් නොවයි...සමහරවිට ' කොන් කෑල්ල කපපු ප්‍රයිවෙට් බස් කොන්දොස්තරකෙනෙක් වෙන්න පුළුවනි.ඒ අයනම් මගීන්ට නිතරම පයින් ගහනවා. ඇත්ත දොස්තර කෙනෙක් කියන්නේ මෙලොව දෙවිකෙනෙක් වැනි උතුම් පුද්ගලයෙක්. (අ)
ලංකාවේ බොහොමයක් දොස්තරලගේ සහ නර්ස් නොනලගේ හැසිරීම අන්තිම නරකයි (අ)
දොස්තර කොන්දොස්තර ගේ තත්වයට වැටෙන්න එපා. දෙපැත්තේම අය කාරුණික සහ ඉවසිලිවන්ත වෙමු (අ)
මගේ පියත් මේ දවස් වල අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ගන්නවා පිළිකාවකට එහි වෛද්‍ය තුමා ඇතුළු සියලුම කාරිය මණ්ඩලය කරන්න සේවය ඇති ප්‍රසන්සනියයි ඔහුන්ට මගේ ප්‍රණාමය (දී)
යහපත් දොස්තරලත් ඉන්නවා මේ වගේ තිරිසන්නුත් ඉන්නවා. මෙයාල අර යහපත් දොස්තරලටත් නිගාවක්.
දොස්තර කම ලැබුනම තමන් සිටි තැන ජීවිතය අමතක වෙලා . හිස මානයෙන් උදුම්මාගෙන මුදල් වෙනුවෙන් පමණක් රැකියව කරන කොටසක් , නමුත් මේ අය අතර දෙවියන් වැනි දොස්තර වරුන් කිහිප දෙනෙකුද සිටිති (අ)
ලෙඩා සුව වෙන්න කළ ප්‍රතිකාරයක් (අ)
මගේ පවුලෙත් කිහිප දෙනක්ම වෛද්‍ය වෘත්තියට සම්බන්ද අය.මේ දොස්තරට කල යුතු නියම දෙය කිරීමට රෝගියාගේ පවුලේ කෙනෙකු නැති හැටි. මට මතකයි සටන් පැවැතී අවදියේදී බිම් බෝම්බයක හසුව රෝහල ගෙන ආ යුද විරුවන් පිරිසකගේ ඇස්වල තිබු වැලි දැක , ඔබල යුද්ද කලද,කුඹුරු කෙට්වදි අසු අමන වෛද්‍යවරයික් විරුවන්ගේත් අසාගත් බැනුම්. (අ)
ඉගෙන ගත්තත් උපන් ගති යවන්න බැහැ. (ස)
සමහර දොස්තරලට හදවත් නැති බව කව්රුත් දන්නා දෙයක්නේ. (නදී)
මම නම් හිතන්නේ ලංකාවේ ඉන්න බොහෝ දෙනා දැඩි පීඩනයකින් ජීවත් වෙන්නේ .ඒකට බොහෝ කරුණු තියෙන්න පුළුවන්.නමුත් එම පීඩනය කරන රැකියාවෙන් හෝ පුද්ගලයෙකුට මුදා හැරීම නොකළ යුතු දෙයක්. ජීවත් වීමේදී පොත් වලින් දැනුම ලබා ගෙන මහා ලොකු විබාග පාස් වෙලා දොස්තරවරු මහාචාර්යවරු වුනාට වැඩක් නැහැ. පොළවේ පය ගහල ජීවත් වෙන්න දන්නේ නැත්නම් ..(ස)
අවම බලයක් පාවිච්චි කර ඇති බව නේද පෙනෙන්නේ ? (ස)
දොස්තරලා වර්ජනය කරනකොටත් ලෙඩ්ඩු පයින් ගහන්න ඕනේ. (ස)
පුද්ගලික හැඳුනුම් කමක් මත හෝ තුන් වැන්නෙක් මාර්ගයෙන් එවැනි හැඳුනුම් කමක් හදාගෙන , ඔබ රජයේ රෝහලකට ගියොත් විතරයි සැලකිලි ලැබෙන්නේ.(විශේෂයෙන් නේවාසිකව ප්‍රතිකාර සඳහා)...එසේ නැත්නම් රෝගී ඔබට සිදුවන්නේ ඔවුනට සැලකිලි කිරීමටයි. (ස)
පූරුවේ පිනකට උගත්කම ලැබුනට මෝඩකම අත්හරින්න බෑ. (අ)
මේ දිනවල සහ පසුගිය අවුරුදු කීපය තුල රටේ වෙමින් තිබෙන මේ ඉතාම පහත නින්දිත සිදුවීම් වලින් පැහැදිලි වෙන ප්‍රධානම දේ නම් රටේ නිතිය, සාධාරණ ගුණාංග වැනසී යන බවයි. මා පිට රටක ජිවත් වුවත් මේ වගේ විපර්යාසයන් මා ජිවත් වන රට තුළ නැත. ලංකාවේ මේ වැනි දේ සිදුවීමෙන් පැහැදිලි වන ප්‍රධානම ලක්ෂණය නම් රට දවසින් දවස ඉතාම අරාජික තත්වයකට පත්වන බවයි. (ස)
අපේ තිබුණ අපේ කම ටිකෙන් ටික රට පාලනයේ වරදින් අපෙන් ඇත්වෙලා ගිහින් කියල මට හිතෙන්නේ! ඉස්සර අපි ඉස්කෝලෙන් ඉගෙන ගත්ත ගුරුවරු පඩියට සරිලන විදියටත් වඩා වැඩ කළා. අද ළමයි ටියුෂන් ගිහින් ඉගෙන ගන්නවා. ගුරුවරුන්ට නිකන් ඉදල පඩි ලබා දිය යුතු නිසා පාසල් යනවා! පොලිසියේ මහත්වරු වැඩට යනවා. චන්ඩි නිතිය අකුරටම කරනවා! දොස්තරලා ලෙඩ්ඩු බලනවා. සුළු සේවකයෝ බෙහෙත් දෙනවා! නර්සලා ඉල්ලීම් ඉල්ලනවා. ලෙඩ්ඩු මැරි මැරි යනවා! දේශපාලකයෝ තමන් හැදෙනවා. පවුල හදනවා! ඉතින් අපි මේවට මොනවා කියන්නද? දොස්තරට බැනල වැඩක් තියෙනවද? මුල ඉදලම එන ක්‍රමය තව පහු වෙන කොට මීටත් හපන් වෙයි! (ස)
මේ දොස්තරට හෙණ හත ගහන්න එපැයි !! (ස)
පාලනයේ වැරැද්ද ... කරුණාකරලා කරන්න පුළුවන් කෙනෙකුට බාරදෙන්න...පින් සිදුවෙයි ......(ස)
කොන්දොස්තරලාත් එහෙම කරන්නේ නෑ. සමහර වෙලාවට බැරි මිනිස්සුන්ව අතින් අල්ලලා බස් එකට නග්ගනවා. (ස)
අපේ බොහොමයක් දෙමාපියෝ ලොකු මිනිහෙක් වෙයන් පුතේ කියනවා මිසක් හොඳ මිනිහෙක් වෙයන් පුතේ කියන්නේ නැහැ නේ? එතනයි වැරැද්ද. (ස)
දොස්තරගේ වරදින් මගේ සහෝදරයට ඇහක් නැති උනා. පරීක්ෂණ ඉල්ලුවත් අදවෙනකන් මොකුත්ම නැහැ. (නදී)
සේන ඔයාගේ කතාව හරියටම හරි. අපේ තාත්ත අපිට කිව්වේ "පොතෙන් ඉගෙන ගත්තට වැඩක් නැහැ සමාජයේ හැසිරෙන හැටි ඉගෙන ගත්තේ නැත්නම්" කියලයි! අම්ම මියගියත් තාත්ත අපි නව දෙනෙක් ලොකු මහත් කලේ මේ දර්ශනය අනුව.(නදී)
මට මතකයට නැගුනේ මම බුද්ධ ධර්මය ඉගෙන ගන්න කාලේ එක පාඩම තිබුණා බුදු පියාණන් වහන්සේ කුෂ්ට රෝගයෙන් පෙළුන එක්තරා හාමුදුරු නමකට ආව තේව කල ආකාරය, බලන්න වෙනස.(නදී)
ලංකාවේ දොස්තරලා සල්ලි නිසා හොද නරක දන්නේ නැහැ.බලාගෙන ඉන්නෙම පුද්ගලික ඩිස්පැන්සරියට දුවන්නේ කොයිවෙලාවෙද කියල. (අ)
දොස්තර විභාග සමත් වූ අමනුෂ්‍යයන් අතින් මෙවැනි දේ සිදුවෙනවා. මේකම දොස්තර කෙනෙකුට නෙමෙයි සුළු සේවකයෙකුට වුනානම් අද මුළු රෝහල් ක්ෂේත්‍රයම වර්ජනය කරාවි.(නදී)
නසාර් මහින්ද ජනාධිපතිතුමා දොස්තරලට අඬගහල කියල තියෙනවද ලෙඩ්ඩුන්ට පයින් ගහන්න කියලා. ඔයා වගේ කෙනෙක් රට පාලනය කළා නම් එහෙම කියයි (නදී)
මේ වගේ පහත් වැඩ ලෝකයේ වෙන කිසිම රටක දොස්තරලා කරනවා කියලා මම හිතන්නේ නැහැ. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වේවි, ජනතාවටම තඩි බානවා. දොස්තරගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ කාට බයේද ? (නදී)
ලංකාව ගැන හිතනකොට මුළු ජිවිතේම එපා වෙනවා.(නදී)
අපොයි දොස්තරලත් පටන්ගනී උද්ඝෝෂණය කරන්න.(නදී)
ඇත්තටම එ් රෝගියගේ මානසික තත්වයවත් බැලුවද .? මේ දොස්තර මහතාගේ රැකියාව වහාම නවත්වන්න ඕනා. පැන්ෂන් එක අසරණ වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරන්න ඕනා.(නදී)
ලෙඩත් ආපසු ගැහුවා නම් තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වේවි (නි)
කව්ද කෙනෙක් කියල තියෙනවා දොස්තර කොන්දොස්තරගේ තත්වයට වැටෙන්න එපා කියලා. කොන්දොස්තර කියන්නෙත් රස්සාවක් තමයි. පහත් කරලා කතා කරන්න එපා (දිල්)
විදේශ රටවල් කියනවා වගේම අපේ රට පාලනය කරන්න විදේශික සභාවක්ම ඕනේ. මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ කියමින් අපි උඩු බිරුවට ඇත්තටම ලෝකය අපේ අසරණ රට වැසියන් දිහා බලාගෙන ඉන්නේ හැමදාම මේවා තමයි මානව හිමිකම් උල්ලංගනය වෙන තැන්. යුද්දය පසෙකින් තිබ්බාම වෙනමම මානව හිමිකම් සමුළුවකින් අපේ රටට මිනිසුන්ට අනාගත පරම්පාරාවට සුභවාදීව ජීවිතය ගැන හිතන්නවත් දේශයේ උපන් වෙනුවට නිදහසේ ජීවත්වෙන්නවත් අපිටයි කියල නිවහනක මරණ බිය නැතිව සැනසීමෙන් ඉන්න නම් අපිට මේ දාමරික, නුගත් මිනිසුන්ට මනුෂ්‍යත්වය ගැන උගන්වන්න ඕන පිට රටකින්වත් ගෙන්වලා. අපි පිට රටවල ජීවත් වෙන ලස්සන දැක්කම ,ආරක්ෂාව ,පිළිගැනීම , අපේ රට ගැන පුදුම කල කිරීමක් දැනෙන්නේ. රටේ පාලකයෝත් බීරි අලි වගේ. තමන්ට පාඩුවක් නැහැනේ මේ හැම දෙයක්ම රටේ පාලකයින්ට උනා නම්. එයාල අදම නීති වෙනස් කරනවා. ඒවාට පිළියම් යොදනවා. අර සැපට යන්න ලොකු අයට හයිවේ ඉදි උනා වගේ. පොඩි මිනිසුන්ට කැලේ දෙවියන්ගේ පිහිටයි.(නදී)
සමහර කොන්දොස්තරලත් මගීන්ට පා පහරවල් දෙනවා මේ දොස්තරත් ඒ වගේම කොන් වේද දන්නේ නැහැ ? (නදී)
ඇන්ටන් ඔබගේ අදහසේ යම් සතයක් තිබෙනවා.ලංකාවේ සන්තෝෂයෙන් සිනා මුසු මුහුණින් හිටිය මිනිසුන් හිටියේ ඉස්සර.දැන් ඉන්න මිනිසුන් ආර්ථිකයෙන් හොදටම හෙම්බත් වෙලා. හෙට කන්නේ,දරුවන්ට කන්න අදින්න දෙන්නේ කොහොමද කියල විශාල පීඩනයකින් ජීවත් වෙන්නේ.වයසට වඩා වයසට ගිහිල්ල.(අ)
මේ සිද්ධිය ඇත්ත නම් සමථයකට පත් වුණත් වෛද්‍යවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් තැබිය යුතුයි.එවැනි නිලධාරීන්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවලංගු කළ යුතුයි (නි)
කරුණාකර රටේ මහජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ගැන මාධ්‍ය මගින් සහ නීති මගින් කියලා දැනුවත් කරන්න පාසලේ විෂයක් වශයෙන් ළමුන්ට ඉගැන්වීමට කටයුතු තකිරීමට අතිගරු ජනාදිපති ඇතුළු සියලු දෙනාටම ලිකිතව දැනුම්දෙන්න. දොස්තරවරුන්ට ලෙඩුන්ගේ අයතීන් ගැන විසේශ පාඨමලාවක් අනිවාර්ය කරවන්න. එම පාඨමාලාව නොකරන දොස්තර වරුන්ට රෝගීන් බැලීම තහනම් කරන්න විශේෂයෙන් බටහිර රටවල් වල දොස්තරවරු රාජකාරිය කරනහැටි ලක් ජනතාවට පහදා දෙන්න වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ගරු ජනාදිපතිතුමාට කියන්න. (නදී)
රජයේ සේවකයන් කියන්නේ මේ හුදී ජනතාවට වැඩිය උඩින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කට්ටියක්. ඒ ගොල්ල රජයේ සමහර චන්ඩි ලොක්කන්ව අනුගමනය කරනවා වගෙයි. (අ)
අතේ ඇඟිලි 5 ම එක වගේ නැහැ කියන්න වගේ. හොඳ දොස්තරලා අතර ඔය වගේ අයත් ඉන්නවා. (නදී)