විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට අද (25) උදේ මලින් උපහාර දැක්වීය.
හෙට අනිද්දා බිහිකරන පොදු ජන පක්ෂයට එක් වන්නැයි රජයේ මැති ඇමැතිවරුන්ට ද සන්ධානයේ සෙසු පක්ෂයටද ඇරැයුම් කරන බව ඔහු මාධ්‍යවේදීන් සමඟ කීවේය.
‘සමහරු මගෙන් අහනවා එනවා කිවු අය කොහේද කියා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි ‘
මේ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියද පැමිණ සිටියාය.
ඡායාරූපය- එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන
ඡායාරූපය-ආනන්ද ජයකොඩි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එනවද ආවොත් හොදයි. එකට කෑවත් බොක්ක වෙනස් කියලා අහල නැද්ද.(හේ)
ඔබතුමා කතාකරන දේවල් පරිස්සමට කතාකරන්න. ජය වේවා ශ්‍රී ලංකික ජනතාවටම .........
මෛත්‍රීට ජයවේවා (දී)
අපිට ඔබ විශ්වාසයි (දී)
අනවශ්‍ය දේවල් නොකියා වැඩක් කරලා පෙන්වන්න. (ර)
මොන ජාමෙද මහත්තයෝ දැන් එළිවෙලා, ඔබ තනිවෙලා.(හේ)
මම හිතන්නේ මෙතුමා තුරුම්පු ටික හන්ගන් ඉන්නේ අවශ්‍ය වෙලාවට එලියට දාවි. (හේ)
පුද්ගලයින්ට වඩා ඔබ ඉදිරිපත්කරන වැඩ පිළිවෙලයි වැදගත්. පොරොන්දු ඕනම කෙනෙකුට දිය හැකියි. පොරොන්දු ඉටු කෙරෙන සැලැස්ම තාත්වික හා කළහැකි දේ විය යුතුයි. එසේ ඉටු නොවුවහොත් වගකිවයුතු ආකාරය පැහැදිලි විය යුතුයි. මහ ජනතාවට අවශ්‍ය ඡන්දයට පමණක් සීමා වුණ ඉන් පසු බලාගෙන හිඳින තවත් එක් පාලනයක් නොවේ. (හේ)
මෛත්‍රීට ජයවේවා.(හේ)
ඔබ තුමා නිහතමානී මිනිසත් බව තිබෙන කෙනෙක්. (ර)
ඔබ තුමා දිනවනවා. හැබැයි පොළොන්නරුවට විතරක් කරන්න එපා. (ස)
සුභපැතුම් (දී)
ඔබතුමාගේ ජය ස්ථිර බව පොදු ජනතාව දන්නවා .. (දී)
ඔබ තුමා ගත් තීන්දුව ඉතා නිවැරදිය. මෙයට ජනතාව ඔබට කලගුණ සලකනු ඇතිය. (ර)
ජයවේවා. ඔබට මෙය කල හැකියි. (ර)
ඡන්දේ වැඩවලින් පස්සේ ඔබේ පවුලේ අයව දේශපාලනයට ගැනීම සහ දේශපාලන තනතුරු ලබා දීමෙන් වලකින බව ඔබ තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරනවානම් හොදයි. (ර)
ඔබටත් රටටත් ජය වේවා.! (ර)
මට බලපු ටෙලිනාට්‍යයක් මතක් උනා. (ර)
ජය වේවා ඔබ තුමාට!!(දිල්)
අන්තිමට ඔයා කවුද අහයිද?(දිල්)
ඇත්ත ඇත්ත ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලා ගන්න පුළුවන් (දී)
සිංහල බහුතරය පාර්ලිමේන්තුවේ නැති වෙයි. (අ)
අප ඔබව තරුණ කල සිටම දනිමු. ඔබ අවංක කෙනෙක්. ඔබ මේ රටේ නායකයා වේවා. (අ)
අපේ අනාගත ජනාධිපතිතුමා මෛත්‍රී තමයි (නදී)
සෑම්, තමා හරිදේ කියා ඇත්තේ. අරින්නකෝ කට පොඩ්ඩක් ටොපියක් දාන්න. (ර)
මෙතෙක් පැමිණි හැම කෙනෙකුටම වඩා ඔබ පොරොන්දු ඉටුකරන බව අපට දැනෙනවා.ඔබ ආ මග දෙස බලද්දී. (අ)
මේක හරියට නංගි පෙන්නල අක්කා දෙනව වගේ වැඩක් මෛත්‍රී පොදු අපෙක්ශකය වෙලා ඡන්දේ ඉල්ලල දින 100 කින් අගමැති රනිල් සියලු බලතල සමග , අපේ මිනිස්සූන්ට මොලේ තියනව මෛත්‍රීට හිතනවට වඩා, මිනිස්සු බුද්දිමත් (අ)
විධායක ක්‍රමය අයින් කරාට පස්සේ අගමැති කවුද? රනිල්ද? මෛත්‍රීපාලද? (අ)
මට ඡනතා විමුක්ති පෙරමුණට යමක් කියන්න අවශ්‍යයි. ඔබ සැම ඡ්‍යාත්‍යන්තර අධිකරණයට යන්න හදනවා ඡනාධිපතිවරණය පැවැත්වීම විරුද්ධව බෝරු බයිලා ගහනවා. තමන්ට කරන්න පුළුවන් දේ කරන්න නොකෙරෙන දීග ගැන කථා කරන්නේ නැතුව කරන්න පුඵවන් දීගෙට හවුල් වෙන්න. නැත්නම් මහ මැතිවණයේදී එකම ආසනයක් වත් දිනා ගන්න ලැබෙන්නේ නැහැ (නදී)
ෆියල් කතාවෙන් අනාගත්තා ඔබ තුමා පරිස්සමින් කතා කරන්න (නදී)
ජනාධිපතිවරනයෙන්න් ඔබ දිනන පසු වහාම දින කීපයක් ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් ප්‍රකාශ කරන්න. ආදායම් බදු නිලධාරීන් සහ අල්ලස් නිලධාරීන් විධිමත් කර වසර කීපයක් පිටුපසට බල පවත්වන පරිදි සියලුම අධික වත්කම් ඇති පුරවැසියන් පරීක්ෂණයට භාජනය කරන්න. ලම්බෝගිනි, ශෙල්බි වැනි වාහන ලංකාවට ගෙන අාවේ කෙලෙසද යන්න සොයා බලා වැරදි කරුවන්ට දැඩි දඬුවම් දෙන්න. (නදී)
දැන් ඒ පාර එළිවෙන ජාමෙට එනවා කියන්නේ...? (නි)
ඔබට ජයවේවා ! (නදී)
ගරු මැතිතුමනි, කරුණාකරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න ඔබතුමා බලයට පත්වුණාම.අපි ඔබතුමා සමඟයි. (නි)
එළිවෙන ජාමය කියන්නේ ඡන්ද ප්‍රතිඵල එන දවසද? (නි)
ඔහු හොඳ මහත්මයෙක් (නි)
කඩේ යන පුද්ගලයෝ පමණයි කියන්නේ මයිත්‍රී කලේ ද්‍රෝහී කමක් කියලා. නමුත් බුද්දිමත් මිනිසුන් පිළිගන්නේ මේ ශත වර්ෂයේ මිනිසෙකු විසින් ජනතාව වෙනුවෙන් කල උතුම්ම ක්‍රියාවක් ලෙසටයි (නදී)
මෙතන අදහස් දමල තියෙන සේරම පිස්සෝ ..?දනගාමින් යන ඔහෙලට මෙයාල ආපුවම හොම්බෙන් තමයි යන්න වෙන්නේ ...? (ස)
ඔබතුමාට ජයෙන් ජයම වේවා!.ඔබ තුමාට තෙරුවන් සරණයි! (ස)
මෙතුමා පොදු අපේක්ෂකයා වීම ප්‍රේමදාස ජනාධිපතිට විරුද්ධව ගෙන ආපු දෝෂාභියෝගයට සමාන කරන්න පුළුවන්. එතැනදීත් ඒකට අත්සන් කරපු මන්ත්‍රී වරුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ආපසු හරවා ගන්න ප්‍රේමදාස මහතා සමත් උනා. දැන් මෙතනදීත් එන්නම් කියලා කියාපු අය නොයෙකුත් වරදාන, මිල මුදල් සහ එකල නොතිබූ "ෆයිල් එක එලියට දානවා" කියන තර්ජනයෙන් ආපසු හරවා ගන්න සෑම උත්සාහයක්ම ගනීවි. කොහොම උනත් ඔක්කොම එක සැරේ මෙතුමාත් සමගම ඉවත් නොවී මැතිවරණ ප්‍රචාරක කාලය තුල වරින් වර ඉවත් වෙලා මෙතුමා සමග එකතු වීම සාර්ථක උපක්‍රමයක්. කොහොම උනත් ඔබ තුමාට ජය පතනවා. (ස)
එළිවෙනකොට පෙරහැර ගිහිල්ලනේ? (ස)
රජ රටට ජය!! ලංකාව කෘෂි කර්මාන්තයේ දියුණුවේ ඇරඹුම !! (ස)
ජය වේවා මෛත්‍රී මහතාට.! රටට ජය ! (ර)
මෙතුමා කියන ඔය කට්ටිය එනවනම් එන්නේ අය වැයටත් පක්ෂව ජන්දය දීලනේ ඉතින් අපිට ඉතාගන්න පුළුවන් එන කට්ටියගේ තරම....(ස)
බැරිද දවල් එලියේම ගෙන්න ගන්න. (නදී)
රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී (නදී)
ඔය හොරු ගන්නත් එපා. ඔබට ජය සිකුරුයි (නදී)
යහපාලනයක් ඇති කරන්න ඔබතුමාව අනිවාර්යෙන් පත්කරනවා. මෙතෙක්කල් හැම කෙනෙක්ම වගේ බොරු පොරොන්දු දීලා ඒවා කළේ නැහැ. ඒ නිසා දළඳා සමිදුන් ඉදිරියේ පොරොන්දු වුණා වගේ මහජන හිතට ළංවෙන්න (නි)
ලංකාවේ දැන් දැන් වෙන්නේ හීනෙකින් වත් හිතපු දේවල් නෙවෙයි (දී)
බලමු බලමු (දී)
ඔබගේ කතාව අපි පිලි ගන්නවා (දී)
දින සීයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි. රනිල් අගමැති වෙනවා.... එහෙම නේද? (නි)
මෛත්රී මහත්තයාට ජයවේවා (දී)
මට නම් පිස්සු වගේ (දී)
නීතිය, සදාචාරය ඇතිකරන්න. රට නිකම්ම හැදෙනවා. (නි)
ඔහොම පොඩ්ඩක් ඉන්න ජනවාරි වෙනතුරු. මෛත්‍රීට ජය වේවා! (නි)
ඔය කියන කව්රු බලයට ආවත් ජනතාවට සේවයක් කල එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණයි. (අ)
පක්ෂෙ ලියාපදිංචි වෙනකල් ඉන්නේ කට්ටිය එන්න. එතෙක් ඉවසන්න.(අ)
ඔබට ජය ස්ථිරයි. (ස)
එන්න ඉන්න ඇත්තන්ව දැන්ම තියා ලංකර ගත්ත නම් තමයි හොඳ. මොකද පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියල ගමේ කතාවකුත් තියනවනේ. (ස)
ඔබ තුමා රනිල් මහත්තයාගේ ලනුව කෑව කියලයි මම හිතන්නේ.මොකද යූ.එන්.පී. ව්‍යවස්ථාවේ තියනව ජනාදිපති වරණයකින් පැරදුන කෙනෙක් පක්ෂයේ නායකයා විදියට එන්නේ බෑ කියලා.අපේ රනිල් මහත්තයට ඕනේ පක්ෂයේ නායකයා විදියට එන්නනේ.ඒක තමා ඔබ තුමාට සිදුවෙච්ච වැරද්ද.ඔබ තුමාටත් අන්තිමට වෙන්නේ ෆොන්සේකා මහත්තයට වුණ දේම තමා .පුලුවන්නම් පොලොන්නරුව දිනලා පෙන්නන්නකෝ.(අ)
සුමුදු, ඔයා ලංකාවේ නැතිනිසා දන්නේ මෙයත් අවුරැදු 20ක් ම මේ ආණ්ඩුවේ ඉඳලා හම්බකරගෙන තමයි පැන්නෙ. නිවට කම ගැන බලාගන්න තිබුනා මෙයාගෙ මාධ්‍ය සාකච්චාව බැලුවනම්. මෙයා (හිටපු) කියන වචනෙ දන්නෙ නැද්ද? එහෙම නැත්නම් චන්ද්‍රිකා ඉස්සරහ ඒවචනෙ කියන්ඩ බයවුනාද? මෙහෙම බයගුල්ලෙක් කොහොමද දෙස් විදෙස් සතුරන් ගෙන් රට බේරගන්නෙ? (ස)
මට නම් මේ දේශපාලකයන් ගෙන එච්චර විස්වාසයක් නැහැ. හැබයි මේ තරම් ධනයක් රැස් කරන්න පුළුවන් ආණ්ඩුවෙන් එලියට බැස්සේ මොකක් හරි නිර්බීත කමකට රට ගැන කැක්කුමකින් වෙන්න ඕන. මොන වාද විවාද කලත් අපි ඔක්කොම දන්නවා ආණ්ඩුවේ ඉන්න අය කොච්චර ධනය රැස් කරනවද කියල. එ්කට රටේ මහජනතාවත් අාශිර්වාද කරලා තියෙනවා. ඉතින් මෙතුමාට මෙතරම් බලවත් මිනිස්සුත් එක්ක, බලවත්තු ඉස්සරහ නිවට වෙන ජනතාවක් ඉන්න රටක කොහොම දිනන්නද මන්ද? මමනම් ඉන්නේ බොහොම සිස්ට සම්පන්න මිනිස්සු ඉන්න රටක. මට කමක් නැහැ , ඔය රටේ ඉන්න මිනිස්සු මොන තීරණ ගත්තත්. මොකද මගේ පවුල ඔය රටට ජීවත් වෙන්න එන්නෙ නැහැ. මොකද මම මගේ නිදහස නැති කරගෙන , අසිස්ට මිනිස්සු ඉන්න රටකට එන්න ඕනේ නැහැ. නමුත් ඉතින් මගේ නෑදෑයෝ තවම ඔය රටේ ඉන්නවා. ඒ ගොල්ල එක්ක කතා කරන කොට තේරෙන්නේ, තවම ලංකාව ගෝත්‍රික නායකයෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. (ස)
කවුරු ආවත් නාවත් ප්‍රශ්නයක් කරගන්නට අවශ්‍ය නැති බව සිතේ. එකම පක්ෂයකට ඇලී නැති එකම පුද්ගලයකුට ඇලී ගැලී නැති සුදුසු කලට හොදින් සිතා බලා සුදුසුම පුද්ගලයට ඡන්දය දෙන මිනිසුන් දැන් වැඩිවී ඇත. දිනුම පැරදුම තීරණය කරන්නේ ඔවුන්ය.(අ)
ජයවේවා. ඔබට මෙය කළ හැකියි. (හේ)
අරය නුල අඹරන කොට මෙයා නටනවා. (අ)
සුමුදුගෙ කතාවේ ඇත්තක් තියෙනවා. එත් ඉපදුන රට ගැන ඔහොම කියන්න එපා. (අ)
ඔබට සුභ පතනවා හදවතින්ම (දී)
අලුත් ජනාධිපතිතුමාට ජයවේවා. (අ)
ගොඩක් අය ඒවි මයේ හිතේ. (දී)
තව කල් තියෙනවානේ.කට්ටිය හිමින් හිමින් එයි.(හේ)
ඔබට අපි හදවතින්ම සුභපතනවා (දී)
කට්ටිය ආවත් නැතත් ජනතාව ඔබතුම සමගයි. (දී)
ජය සිකුරැයි .නියම ලෙසින් රට පෙරට යන්නේ මෙවරයි. (අ)
ඔබ ටුමට ජයසිකුරුයි. (අ)
අපි පිට රටක ජීවත් උනත් අපේ රටට ආදරෙයි. ඒක නිසා හැම දෙයක්ම හොඳ අතට හැරේවා කියන ප්‍රාර්ථනාව පමණයි අපට කල හැක්කේ. එම නිසා අඩුවෙන් කතා කරලා වැඩියෙන් දෙයක් රටට කල හැකි නම් හොඳා. (නදී)
සෙනසුරු මාරුව තදින්ම බලපාපු එක්කෙනෙක් තමයි මේ .මොනවා කරන්නද පාප මිත්‍ර සේවනයේ ඵල විපාක තමයි ..(හේ)
බයවෙන්න එපා. කිව්වේ ඡන්දෙ තියෙන්නේ ජනවාරි 8 කියලනේ. ඒ නිසා හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙන්නේ ජනවාරි මුල් සතියේ වගෙයි (නි)
අපි ඔබ සමඟයි (නදී)
අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද විධායක ජනධීපති ක්‍රමය අහෝසි කරන්නේ කියලා , (හේ)
ඒක හරි කවුරු වෙතත් නැතත් ප්‍රතිපත්තියි වැදගත් (දී)
වෛරී නොවන දේශපාලකයින්ට මගේ ආචාරය! (දී)
විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න ඕනේ (දී)
ඔබ තුමාට ජය නියතයි (දී)
අද රටේ තියෙන තත්වය මිනිස්සුන්ට පහදලා දෙන්න(දී)
විදේශිකයෙක් බැදලා විදේශයක ඉන්න නිසා රූපවතිට හොම්බෙන් යන්ඩ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න අපිට තමයි ප්‍රස්නේ (නදී)
ඔබතුමාව අපිට විශ්වාසයි (දී)
ජයවේවා ඔබතුමාට මගේ සුභ පැතුම් (දී)
පොළොන්නරුව පැත්තට මොන වගේ සංවර්ධනයක් දෙන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ? (නි)
මෛත්රී, ඔබට මඩ ගැහුවාට ඔබ එපා මඩ ගහන්න යන්න.අපිට ඕනෑ කතිරය පමණයි. ඊටපසුව ඔවුන්ම ඒ ගැසූ මඩ කන හැටි බලන්න පුළුවන්. වපුරපු දේ නෙලාගත්තදෙන්........ (නි)
සර් හොරුන්ට මේ පැත්තට එන්න බැහැ ෆයිල් ප්‍රශ්ණ තියෙනවා. ඒක නිසා එන කට්ටිය ගැන හෙවීම තේරුමක් නැති වැඩක්. සිද්ද විය යුත්තේ ජනතාව අතරට යාම. (දැනටත් පරක්කු වැඩියි) (නදී)
වැඩිය ඕපාදුප නොකියන තරමට ඔබතුමාගේ පැවැත්ම යහපත්. මොකද තවම අලුත් පිටනේ ඉන්නේ. (නදී)
අපිත් බලාගෙන ඉන්නේ කිව්වා වගේම කට්ටිය එයිද කියලා එනවා කියාලා පොරොන්දුවෙලා පොල්ල තිබ්බොත් ඒ අයව රටට හෙලිකල යුතුයි. එතකොට ජනතාව දැනගනීවි ඩබල් ගේම් කාරයෝ කවුද කියලා (නදී)
ඔබට ජය නියතයි. (ර)
ඔබ තුමා දින 100 ක් විධායක ජනාධිපතිකමේ ඉන්න නිසා ඒ බලතල ඉතාම හොඳ කාරණා දෙකකට යොදවන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. අංක 1,ඖෂධ පනත සම්මත කරගැනීම.අංක 2. සිගරට් පැකට්ටුවේ 80% ක රූපමය අවවාද ඇතුළත් කරවිම. මේ කාරණා දෙක සඵල කරගන්න විපක්ෂ නායකතුමා වගේම ඔබ තුමාට අන්තර්ජාතික සම්මානයක් පිරිනැමුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පූර්ණ සහයෝගය ලබාදෙයි කියලා. (දී)
මෛත්‍රීට ජයවේවා (දී)
ඔබතුමාගේ ජය ස්ථිර බව පොදු ජනතාව දන්නවා. (ර)
මේක පෙරහැර වගේ එන්නේ ඉස්සෙල්ල කස කාරයෝ, කොඩි කාරයෝ අවා. දෙසැම්බර් 8 නැටුම් කණ්ඩායම් එනවා, දෙසැම්බර් අග සතියේ තමා නිලමෙලා එන්නේ අලි, ඇත්තු පිරිවරාගෙන. (ර)
ඔබ තුමාට දළදා සමිදු පිහිට ලැබේවා (දී)
රටේ හෙට දවස වෙනුවෙන් ඔබ තුමාට ජය පතනවා (නදී)
ඔබ තුමා හරි (දී)