හෙද සේවයේ නිර්මාතෘ ‘ෆ්ලොන්ස් නයිටිං ගේල් ’සමරුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ මහජන පුස්තකාලයේදී අද සැමරිය.
අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ,එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක් වු අතර ඔවුන් දේශනද පැවැත් වුහ.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුයේ ‘නයිටින් ගේල් ප්‍රතිඥාව’මදකට පසෙකින් තබා ජනතාව වෙනුවෙන් යහපත් හෙද සේවයක් උදෙසා තමන් සටන් කරන බවයි.ඒ සඳහා අකමැත්තෙන් වුවද නයිටින්ගේල් ප්‍රතිඥාව ට පිටු පා වෘත්තිය අයිතීන් දිනා ගැනීමට සිදු වී ඇති බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය සහායකගේ මූලික පඩිය වන රු. 13000 මෙන් 12 ගුණයක මූලික වැටුපක් ඉල්ලනවා. වෛද්‍යවරු පවු! (නි)
ඔය සේරටම ජිවත් වෙන්න වැටුප් ගෙවන්නේ අහිංසක මහජනහවගේ බදු මුදල් වලින් කියල නොතේරෙන එකයි ප්‍රශ්නේ. (ස)
ඔබලාගේ අයිතිවාසිකම් ඇත්නම්, ඒවා දිනා ගැන්මට කරන ක්‍රියාකාරකම් ඉතා ප්‍රශ්නකාරිය.ඒවා දිනාගත්තත් අද මෙන් හෙටත් ඔබලාගේ අති බහුතරය ලෙඩුන්ට කාරුණික නොවන්නේය.(ස)
මට දැනිලා තියන විදිහට නම් හෙද සේවයේ නියුතු වුවන් ඔය නයිටින්ගේල් ප්‍රතිඥාව ට පිටුපාල එය පසෙකින් තබල තියෙන්නේ, හෙද වාත්තිය පටන් ගත්ත දිනමයි. නැතිනම් හෙදියන් අතරින් බහුතරය රෝගීන්ට මේ විදිහට අකාරුණික ලෙස සලකයිද? සුතිකා පුහුණුව කෙසේ වෙතත් රෝගීන්ට කාරුණික වීමේ පුහුණුවක අවශ්‍ය තාවයක් නම් තිබෙනවා. (ස)
ඒ උතුම් කාන්තාවට අගෞරව කරන්නෙපා.(ස)
හෙදියන් පමණක් නොවෙයි වෛද්‍යවරුන් ,දුම්රිය රියදුරන් බස් කොන්දොස්තරවරුන් පොලිස් නිලදාරීන් වගේ හැමෝටම වැටුප් ගෙවන්නේ මහජන බදු මුදල් වලින්, එත් ඒ කාටවත් තේරෙන්නේ නැහැ එක. එක හේතුව අපේ මිනිස්සුන්න්ගේ නොදන්නාකම සහ අවීන්සිකම. හැමෝම ඉස්සරහ දෙකට තුනට නැමිලා බයාදු විදියට කතාකරනකොට ඒ අයට හිතෙනවා ඇති එයාල මහජන සේවකයෝ නොවෙයි අයිතිකාරයෝ කියල (අ)
නයිටින්ගේල් ප්‍රතිඥාව නැතුවද ජනතාව වෙනුවෙන් යහපත් හෙද සේවයක් උදෙසා සටන් කරනවාද? අකුරු නැතුව වචන හදන්නද බලන්නේ? (නි)
අම්මා තාත්තා අදුනන්නේ නැති, ආගමක් දහමක් දන්නේ නැති,රෝම කූප පවා රතුයි කියලා හිතන බංකොලොත් දේශපාලනයේ ඉත්තන් වන වෘත්තිය සමිති මේ වෘත්තිය තුළට රිංගා ගත්තට පස්සේ මෙයාලා නයිටිංගේල් ප්‍රතිඥාවට පයින් ගහලා ෂර්ලොක් ප්‍රතිඥාව අදහන්න ගත්තා.අද මෙයාලගේ ආගම දහම වෙලා තියෙන්නේ ඒක.අද රෝහලක හෙදියන්ගේ හැසිඳටම පැහැදිලියි කට්ටියට රෝගීන් කියන්නේ ලොකු හිසරදයක් කරදරයක් කියලා.ඔහොම යමු ඔහොම යමු මහත්තයෝ.අහිංසක රෝගීන්ගේ ශාපය බොහොම බලගතුයි. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. මගේ අම්මාත් හෙදියක්. 88-89 කාලයේ අම්මලා පොලිස් ආරක්‍ෂාව මැද්දෙ තමයි ගෙදර ඉඳලා වැඩට ගියේ. (නි)
කොහොමද දන්නේ නැහැ සමරුවේ.(නදී)
මේ හැමදේටම යටින් තියන හේතුව තමයි යටිකූට්ටු ගිනි තැබීම්. ලෝකයේ දියුණු රටවල සුව සේවය තුල සිටින සියලුම මට්ටම් වල සේවකයන්ට තියෙන්නේ සමාන සැළකිලි. වැටුප් විෂමතා නැහැ. මම දොස්තර ,මම හෙදිය කියලා වෙනසක් නැහැ. හැමෝම රෝගියා වෙනුවෙන් සේවය කරනවා.ලංකාවේ තිබෙන මේ ප්‍රශ්නයට විසඳුම නම් හෙද සේවය විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කරන්න. බොහෝ දෙනාගේ හීනමානය මෙමඟින් තුරන් වේවි. (නි)