අනුරාධපුර රෝහලේ හෙද නේවාසිකාගාරයේ විදුලි බිල එහි නේවාසික හෙදියන් 89 දෙනා අතර සමසේ බෙදා අය කරන බව රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න මහත්මිය කියන්නීය. ඒ අනුව මේ මාසයේ රුපියල් 800ක් කපා ගෙන ඇතැයි ද විදුලි බිල පාවිච්චි කිරීම අඩු වැඩි වන ආකාරයට එම ගණන ද අඩු වැඩි වෙතියි ද අධ්‍යක්ෂවරිය පවසන්නීය. මෙම මාසයේ බිල රුපියල් 800ක් වී යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ අටසියයක් පමණ හෙදියෝ අද වැඩ වැරූහ.