කරන්දෙණියේ ඉපැදී, කරන්දෙණියේ ජනතාව සුපවත් කිරීමට ඇප කැපවූ දොස්තර ප‍්‍රසාද් ජයසිංහගේ (40) අවඟුල මහා පිරිසක් මැද්දේ අද සන්ධ්‍යාවේ සිදුවිය. සාහාසිකයකුගේ වෙඩි පහරින් සිකුරාදා ඔහු ඝාතනය විය. අද පැමිණි තරම් සෙනඟක් කරන්දෙණි ඉතිහාසයේ නොදුටු බව ගැමියෝ කියති. අම්බලන්ගොඩ සිට හැම පාරකම ද නගර හා ගම්නියම් ගම්වලද සුදු කොඩි, බැනර් හා ශෝකය ප‍්‍රකාශ ප‍්‍රදර්ශනය කැර තිබිණි. අවමඟුලට ආ අය වෙනුවෙන් තැන තැන සිසිල් බීම දන්සල් ද පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සහාසික අපරාධ සිදුවෙන රටක ඉපදීම ගැන අපි ලජ්ජා විය යුතුයි.මෙවැනි යහපත් මිනිසුන්ට අපේ රටේ ඉඩක් ඇත්තෙම නැද්ද
ජීවකයානෙනි, ඔබට නිවන් සැප ලැබේවා! ඔබ වෙත පැමිණි ජන ගඟ කැඳවීමට සමත් වුවේ මනුස්සකම උණ්ඩයට හැකිනම් ඒ ජන ගඟ හැරවීමට වෙනත් කෙනෙකු වෙත සිතූ තවත් මුග්ධ අමන මිනිසුන් සිටිය හැකිද මෙවන් දහම්දීපයක?
දයාබර ජීවකයාණෙනි. ඔබ නැසුවෝ කෙසේ නම් සැනසෙත්ද නමුදු ඔබ වැනි උත්තමයන්ට ඉපදීමට මෙය කාලය හෝ දේශය නොවන බව ප්‍රත්‍යක්ෂයි.
ඔබ තුමාට මේ අපරාධය කළ කුහක නරුම අසත්පුරුෂ ජඩයන්ට මේ ආත්මයේදිම පල දෙනවා දැනටත් මනසින් විදවනවා ඇති මේ ජන ගංගාව දැකලා....
වෛද්‍ය සංගම් වල ඉන්න ඕනි පාදෙනිය වගේ මිනිස්සු මරන්න හදන දොස්තරල නෙවෙයි... මේ වගේ දොස්තරලා
ශ්‍රේෂ්ඨයෙකු ලොව පහළ වූ බව දැන ගත හැකි නොවරදින ලකූණක් වෙයි. එනම්, සකල විධ මුග්ධයෝ එකා වන්ව ඔහුට එරෙහිව බුරා හැලෙන්නට පටන් ගැනීම යි. - ජොනතන් ස්විෆ්ට්
වෛද්‍යචාර ප‍්‍රසාද් ජයසිංහ මහතාට ස්වර්ග සැප,නිවන් සැප ලැබේවා. ඔබ ජනතාවට කළ සේවය අමරණීයයි. ආදරණීය වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යවනි, පෙළපාලි යායුත්තේ ඔබලාගේ ගුණවත් සහෝදර වෛද්‍යවරයාට වෙඩිතැබූ මිනීමරුවාට සහ පාතාල ලෝකයට විරෝධය පලකරමින්ය.
ජයසිංහ මිත්‍රයාණෙනි ආදී ආනන්දයෙකුවූද ..අපේ 90 කණ්ඩායමේ සාමාජිකයෙකුවූද ඔබ ලක්මාතාවටම ආඩම්බරයකි
රෝගී ගත සනහා ලූ ඔය හදවත තෙත කෙසේද රුදු උණ්ඩයකින් නැසුවේ එම ගත අමන දරුණු මැරවරයින් රජයන දස අත කෙසේද අපි ගොඩ නගන්නේ.. අසිරිය සිරිලක