ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයට අනුබද්ධිත අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිටිසරබද පාසල්හි දු දරුවන්ට උපකාරවිමේ සහන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පවසති.
අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයේ සිසුනට අවශ්‍ය අභ්‍යාස පොත් සහ අනෙකුත් භාණ්ඩ මෙන්ම පාසල් නිල ඇඳුම් සකසා ගැනීමට අවශ්‍ය රෙදිපිළි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි
මෙයට අමතරව ඉගෙනීමෙහි දක්ෂතා දක්වන දුප්පත් පවුල්වල දරුවන් දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද එදින සිදු විය.
විද්‍යාලයයේ බුදුමැඳුර වෙත යාමට ඇති මාර්ගය අලුත්වැඩියා කිරිම සඳහා අවශ්‍ය බඩු බාහිරාදියද එදින සපයා දීම සිදු විය.
මෙම පිංකම සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලැබුවේ සිය මෑණියන් වන වෛද්‍ය ගුණපාලි කුසුම් විජේතුංග මැතිනියට පින් පැමිණවීමේ අරමුණෙන් මේ පිංකම සංවිධානය කෙරිණි.
ශ්‍රී රතන ජෝති විද්‍යාලයේ විදුහල්පති පි.ජි.ආනන්ද මහතා සමඟ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ දෙමාපියන් උත්සවයේ වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා සහාය වුහ.
උත්සවය සඳහා අවට විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය 30 නමක් සහභාගී වූ අතර උන්වහන්සේලාට දහවල දානය ද පිරිනැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හිත්රෝ පන්සලට යන්න තිබුනේ,බදුල්ල,මොණරාගල,අම්පාර, වැනි දුෂ්කර සහ හුදෙකලා වුණ ගමකට. කොහොම වුණත් පින් කටයුත්තක් නිසා සතුටුයි. (නි)
මෙවැනි පුණ්‍ය ක්‍රියා වල නිසි ප්‍රතිපලය ගන්න නම් යන්න ඕනෑ මායිම් ගම්මාන වලටය. එසේ නැත්නම් පානම, කුමන වැනි පෙදෙස් වල පීඩා විඳින පවුල් සොයාගෙනය. (නි)
විහාරාධිපති වඳුරඹ කස්සප හිමින්ට බොහොම පින්. තවත් මෙවැනි පින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා! (නි)
ලාංකිකයෝ හැටියට අපි අගය කලයුතුයි මෙවන් වැඩ (දී)
හරි පින් සිද්ද වෙන වැඩක්
පුක්කුස, මීට පස්සේ පින් කරන්නේ කොහොමද කියලා ඔයාගෙන් අහලම කරන්නම්. (දී)
ලන්ඩන්හි සිටින පින්වතුන් එක්කරගෙන තවත් පින්කම් කිරීමට ලැබේවා! (නි)
මෙම පාසැල තෝරාගෙන තිබෙන්නේ කුමන පදනමකින්ද? (නි)
දකුණේ කොපමණ දුෂ්කර ප්‍රදේශ තිබෙනවද කියලා පුක්කුස දන්නේ නැතුව ඇති. ගොඩක් පින්. (නි)