ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 කඨින පිංකම පසුගියදා කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්තානාධිපති බොරැල්ලේ අතුල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ කියති.
මෙවර පිංකමට සැදැහැවත්හු 500 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූහ.
සීවලී ලියදිපිට, සුගන්ධි ඒකනායක, වෛද්‍ය නිශාන්ති බජ්රමෝවිච්. පියුමිකා ජයසේන,තනුර සඳකැලුම්, අයිරාංගනී සමරකූන් සහ චන්ද්‍රා ගුප්ත කඨින චීවරය පුඣා කිරීමට මුල් වුහ.
පිංකම පැවති දිනයට පෙර දින සවස බොරැල්ලේ අතුල නාහිමියෝ සුමධුර ධර්මදේශනයක් පවත්වා අටවිසි බුද්ධපුජාමය වැඩසටහනක්ද මෙහෙයැවුහ.
පසුදින උදෑසන කඨින පින්කමෙහි ප්‍රධාන දායකයෝ අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩම කැරැවුහ.
වඳුරඹ කස්සප හිමියෝ කඨිනානිසංස අනුමෝදන් කළහ.
දවස පුරාවටම විහාරස්ථානයේදී දාන සීල, භාවනා, ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.
කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, බොරැල්ලේ අතුල නාහිමි, තෙල්දෙණියේ අමිත හිමි, දෙදියවල විමල හිමි, ගොනුල්ලේ අස්සජී හිමි, හෝමාගම කොන්ඩඤ්ඤ හිමි, මතුගම පාලිත හිමි, වකමුල්ලේ උදිත හිමි, බෙරගම පියරතන හිමි, පනාමුරේ තපස්සී හිමි සහ ශාන්තිදේව හිමියෝ පිංකමට වැඩම කළහ.
බොරැල්ලේ අතුල නාහිමියන්, තෙල්දෙණියේ අමිත හිමි සහ බෙරගම පියරතන හිමි ධර්මදේශනා පැවැත්වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වදුරඹ කස්සප හිමියන්ගේ කැපවීම අපි දිවිහිමියෙන්ම අගය කරමු (නි)