හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ අධාරකරුවකු වන අබාධිත හමුදා කපිතාන් ගයාන් ප්‍රසාද් කුමාර විතානගේට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉල්ලා අස්කැර ගැනිණි. නීතිපති විමසා යළි චෝදනා ගොනු කරන බව සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. ෆොන්සේකා පසුගිය ජුලි 21 වැනි දා කොළඹ නව ලෝක රෝහලට රැගෙන එද්දී ඔහු බැලීමට පැමිණි පිරිස අතර සිටි මෙම විශ්‍රාමිකයා කිහිලිකරුවෙන් බන්ධනාගාර නිලධරයට පහර දුන්නැයි බන්ධනාගාර නියාමකයකු කළ පැමිණිල්ලක් අනුව ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. යළි නොතීසි ලද විට උසාවි එන්නැයි ඔහුට නියම විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...ගයාන්.
අපේ නීතිය සාධාරණ විය යුතුයි... (ස)
නීතිය කොයිබට ගොසින්ද ?? (ස)
අයුක්තියට එරෙහිව හඬ නගන්නන්ට තැනක් දෙන්න.
ලාංකිකයන්ට තවමත් මොලේ පෑදිලා නැති එකට දුකයි....
අද රටෙ නිතියක් නෑහෑ. බලවතුන් සතුටු කරන්න නිතිය රකින අයයි, නිති උපදෙස් දෙන දේපාර්තමෙන්තුවයි විතරයි (ස)
මේ රටේ නීතියට මොනවද වෙන්නේ.