IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට  ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  රුපියල් කෝටි හැට  එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද  වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි පනස් හතරකට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ   ඉහත  දීමනා  සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි. ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී  මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී   ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට්  අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බව  සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (5)

හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා

Nimal Saturday, 23 March 2024 01:49 PM

මහ බැංකුවට හපන් මේ කොල්ලය...

:       0       14

RatneSaturday, 23 March 2024 05:29 PM

මහ බැංකුවේ පඩි වැඩිකර ගැනීම, මාස 2-3 න් ඔය ගැන ඉක්මවා යයි...

:       0       6

Hafeel Saturday, 23 March 2024 05:06 PM

අද රටේ රාජ්‍ය ආයතනවල් නූල් කැඩිච්ච සරුංගල් වගේ. තමන් හිතූ දේ බය නැතුව කරගන යනවා...

:       1       11

Sirisena Silva Sunday, 24 March 2024 09:44 AM

හෆීල් මහත්තයෝ එහෙම වෙන්නේ ඇයි කියලා හිතුණේ නැද්ද? ඇත්තටම ලංකාවට නිදහස දෙන්න පෙර ඡන්ද බලය දීමට පෙර ඉංග්‍රීසීන් සෑම කෙනෙකුටම ඡන්ද බලය නොදෙන්න තමයි තීරණය කර තිබුණේ.. මොකද නූගතුන්ට ඡන්ද බලය දුන්නාම වඳුරාට දැලිපිහිය ලැබුණා වගේ වෙන්න පුළුවන් නිසා. එහෙම ඡන්ද බලය ගත් ජනතාව තවමත් කිසිම අවබෝධයක් ඇතිව ඡන්දය දෙනවා කියලා පේන්නේ නැහැ. කවුරු හෝ කඩදාසි කැබැල්ලක ලියා දුන්නු දේ ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරින්ට පෙන්වා ඡන්දය ලකුණු කරවනවා. එහෙම නැත්නම් ඡන්ද ලකුණ ඉදිරියේ කතිරය ගැසූ කොළ කැබැලි ඡන්දය මධ්‍යස්ථානය අවට බෙදා දෙනවා. ඒවා අරගෙන ඡන්දය දෙන්නේ ඒ ඒ පක්ෂය නාමයෝජනා දෙන හොරුන්ට, කසිප්පුවන්ට, කුඩ්ඩන්ට, ස්ත්‍රී දූෂිතයින්ට, නූගතුන්ට මුදල් පසුපසම දුවන සිල්වලාට සොයිසලාට වෙන්න පුළුවන්... ඉතින් කොහොමද වංචා, දූෂණ වලින් තොරව රටට සේවයක් කරන්නේ? උදාහරණයක් හැටියට ඊයේ, පෙරේදා එක් සභාපති කෙනෙක් ඉල්ලා අස්වීම පෙන්වන්න පුළුවන්...!

:       0       0

J VP ATHUKORALA Sunday, 24 March 2024 03:01 AM

ඔතැනත් ජෙප්පො කවුරුවත් ඉඳලාම නැද්ද? යාල හිටියා නම් ඕකට විරුද්ධ වෙනවා එකෙන්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site