උතුරැමැද පළාත් සභාවෙ මහ පුටුවක වාඩිවෙලා ඉන්න ලේකම් සයිස් එක්තරා පොරක් ගෑණු ළමයින්ට රස්සා දෙන්න ලිංගික අල්ලස් ඉල්ලනවය කියල එක ගෝරියයි...
එයා ටෙලිෆෝනෙන් කියපු පෙම් කතා සමහරැ පටිගත කරලලු...
මේ නිලධාරී "රත්නය" මෙයට පෙර හිටියෙ කොළඹ අමාත්‍යාංශයක ලේකම් සයිස් පුටුවක... එතෙන්දිත් දකින දකින ළඳුන් පසුපස ගිහිල්ල ජරමර කර කර හිටිය...
ගිය රජය කාලෙ දකුණු පළාතෙ හිටපු ගමගේ ඇමැතිතුමාගෙ ඥාති දියණියට ඉඟිබිඟි පාල කරදර කරන කොට ඒ තරැණිය මේ කතාව ඇමැති නෑයට කියල උන්නැහේ ජනාධිපතිතුමාට පැමිණිලි කළා... ඊළඟට සුළු පරීක්ෂණයකින් පස්සෙ එක දවසෙන් මෙයා ලේකම් පුටුවෙන් එළවල පූල් එකට දැම්මලු...
ඊට පස්සෙ ඡන්දෙ කලෙ යහපාලනේට සැට් වෙලා රජරට පළාත් සභාවෙ මහ පුටුවකට ගොඩවුණා කියමු. දැන් එතනත් පරණ සෙල්ලම පටන් අරන්ලු.
මෙහෙම ගියොත් ළඟදීම එයාගෙ පුටුව පෙරළෙයි කියලයි රජරට ජනතාව කියන්නෙ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හත්පළේ ගාගත් පොරක්