කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (4) නියෝග කළේය.
නීතිපති උපදෙස් අනුව මේ පියවර ගත් බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් 5 වැනිදා තෙක් කල් තැබිණි.
ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව පැමිණිල්ල ගොනු කළේ 2009 වසරේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ලොක්කන් එක එක නිදහස් වෙති. එහෙත් මරපු අවියක්, ලැබුණු මිනියක්,මරණ බව දුටු සාක්කියක් නැතිව රක්ෂිත බන්දනාගාර ගත කර සිටින රණවිරුවන්ට අඩුම වසයෙන් ඇපවත් දිය නොහැකිද?මේ නිදහස් කිරිම් ජනපතිවරණ පොරොන්දුද?රොෂේන්,ප්‍රදීප් ඔබලාගේ අදහස් වලට පින්.(බ)
තව ටිකක් කල් ඇතුළේ ඉඳලා දැම්මා නම් එතකොට මිනිසුන්ට අමතකවෙලා තියේවි (නි)
මේකද අර ගේනවා කිවුව වෙනස? (නි)
ප්‍රභාකරන් හිටියා නම් මොනවා වෙයිද? වෙනස සැපද? (නි)
ප්‍රබාකරන් කුඩුවේ හිටියනම් මිනිහව තමා ඉස්සෙල්ලම නිදහස් කරන්නේ. (බ)
අලුත් රජයට වැඩක් තිබෙනවා. ස්තූතියි මහින්ද ජනපතිට (බ)
හරිම සන්තෝසයි. ඔහොම තමා වෙන්න ඕනේ.(කෞ)
මෙයාලා හයි ෆයි අය ද ? කුඩුවේ දාන්නෙම සිංහලයින් නේ (බ)
ප්‍රබාකරන් හිටියනම් එයත් නිදහස් (බ)
දැන් එතකොට හරිද..? නීතිය ක්‍රියාත්මක වුනාද..?(හේ)
වසර තිහක් මේ අය නිසා ඇති වුණ ප්‍රශ්න අමතක වෙලා මේ අයට.(හේ)