බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයය මගින් හත ශ්‍රේණිය සිසුනට අද ලබා දුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ හතර වැනි ප්‍රශ්නයට අදාල රූපසටහන වෙනුවට එහි මුද්‍රණය වී ඇත්තේ තද කළු පැහැ රූපයක් බවත්, 10 වැනි ප්‍රශ්නයේ සඳහන් අසා ලිවීමේ ප්‍රශ්නයේ ඉංග්‍රීසි ඡේදය ගුරුවරුනට දී නැති බවත් ලංකා ගුරු සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳල හිටලා වෙන වැරද්දක් නම් මේක මහා ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එ්ත් දැන් මේක එහෙම දෙයක් නෙවෙයි. ප්‍රශ්න පත්‍ර වගකීම භාර දීලා තියෙන්නේ කිසිම වෘත්තීය දැනුමක් හෝ ගරුත්වයක් නැති අයට කියල හොඳට පැහැදිලියි. එක්කෝ ප්‍රශ්න පත්‍ර වැරදියි. නැතිනම් ටියුෂන් පන්තිවල ගුරුවරුන් අතට වේලාසනින්ම ප්‍රශ්න ටික ලැබිලා. (නදී)
මේ ප්‍රශ්න දෙක විතරද ? ඇයි අනෙකුත් ප්‍රශ්න පත්‍ර ? මේ තත්ත්වය අපි පාසල් යනකොට ඒ කාලයේ තිබුනේ නැහැ. පේන හැටියට ප්‍රශ්න පත්‍ර කටයුත්ත ගෙදර ඉස්සරහින් යන කෙනෙකුට කතා කරලා කඩෙන් සීනි අරික්කාලක් ගේන්න කියනවා වගේ තත්ත්වයකට වැටිලා. ඔහේ අහුවුන කෙනෙකුට ප්‍රශ්න පත්‍ර වල වගකීම් දීලාද කොහෙද ? (නදී)
ගයාන්ගේ කතාව හරියටම හරි. දර්ශන මහතාත් කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපි පාසල් යනකොටත් මේ වගේ දේවල් උනා. එ්ත් මේ වගේ ලොකුවට ඒ ප්‍රශ්න දුරදිග ගියේ නෑ. අපේ අධ්‍යාපනයේ වැරදි නැතුවම නොවේ. එ්ත් පොඩි දේටත් උඩ පනින අය නිසා මේ වගේ පොඩි දේවල් ජාතයන්තරේට පවා ගිහින් අපේ රටට තවත් ප්‍රශ්න වෙන එක විතරයි වෙන්නේ. (නදී)
දර්ශන, ඔයා පුතේ තවම පහේ පන්තියේ කියල තේරෙනවා. තැනගේ දරුවා ගැන නොව සමස්ත දරුවන් ගැන වේදනාවෙන් කතා කරන අම්ම කෙනෙකුට සමච්චල් කරන්න එපා. එ්ක ඔබේ අම්මටත් කරන වරදක්. (නදී)
ජයමහ, ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ........ඔයාගේ අග පුරාම මොලේ වගේ....(නදී)
ජයමහ - ඔය වගේ දේවල් මම පහට යනකුනුත් ප්‍රසන්න පත්තරවල තිබුනා. එවරදී ප්‍රශ්ණ පත්‍රය දෙන වෙලාවේ අපේ ගුරුවරු හැදුවා. ඒවා දැන් වගේ ජන මාධ්‍යවල වල කතා කලේ නැහැ ලොකුවට. ඔයාල වගේ උගත් මෝඩයෝ නිසා තමයි පාසැල් වල උද්ගෝෂණ (නදී)
ඇමතිවරු 3ක් ඉන්නවා. තර්ක කරනවා. වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ටිකවත් හදා ගන්න කොන්දක් නැහැ (නදී)
දර්ශන ඔයා පුන්නකු කෑවට අපිටත් කවන්න හදන්න එපා. මේ පාර ප්‍රස්න පත්‍ර කියක් වැරදිලා තිබුනද ? (නදී)
මගේ දුව මේ දැන් ඉස්කෝලේ ඉඳල ඇවිත් කියා කියා අඬන්නේ මේ ගැන කියමිනුයි. අනේ මේ පුංචි රටේ අපිත් ඉස්කෝලේ ගියා. මෙහෙම විපර්යාස කවදාවත් ඇතිවෙලා නැහැ. පළාත් ක්‍රමයටයි, කලාප ක්‍රමයටයි දිස්ත්‍රික් ක්‍රමයටයි කියමින් අධ්‍යාපනය බෙදල දාල හැඳිගාලා වගේ අනේ. මේවා කරන්නේ නිලධාරින් විය හැකියි. නමුත් ඒවාට සමස්තයක් වශයෙන් විෂය භාර ඇමති වගකිව යුතුයි. එහෙම නොවෙයිද...? (අ)
දැන් දර්ශනගේ දර්ශනයේ විදියට ජනමාධ්‍ය වල කතා කරන්න ඕන මොනවද ? රටේ බහුතරයකට අදාළ ප්‍රශ්න නෙවෙයිද ? මේ ප්‍රශ්න එළිපිට කතා කලේ නැතිනම් මේ වැරදි තව දුරටත් පොදු ජනයාගෙන් වසන් කරමින් තව දුරටත් දිගින් දිගටම සිද්ධවෙනවා. ප්‍රශ්න පත්‍ර අවුල ඒ කාලයේ මෙහෙම ඔඩු දුවලා තිබුනේ නැහැ . අදාළ උදවිය තමන්ගේ වගකීම හරියට ඉටු කළා. දැන් එහෙම සිද්ධ වෙන බවක් පේන්න නැති නිසා තමයි ජන මාධ්‍යයට මේ ගැන පුවත් මැවෙන්නේ. (නදී)
දර්ශන ලංකාවේද ඉන්නේ ? මේ ප්‍රශ්න දෙක විතරක් පෙනිලා තිබෙන නිසා ඇහුවේ. පහුගිය දවස් වල පිළියන්දල ප්‍රශ්න පත්‍ර අවුල වෙන දවස් වල ගොරව ගොරවා නිදා ගෙන ඉන්න ඇති. (නදී)
දර්ශනගේ කතාව හරි (නදී)
ඇත්තට කාටද මේ ප්‍රශ්න පත්‍ර වල වගකීම භාරවෙලා තියෙන්නේ? මේවායේ හරි වැරදි බැලීම් , මුද්‍රණ දෝෂ පරික්ෂා කිරීම් මොනවත් දැන් සිද්ධ වෙන්නේ නැද්ද ? මට පේන හැටියට ප්‍රශ්න පත්‍ර කටයුතු භාර දීලා තියෙන්නේ හත පාස් නැති අයටද කොහෙද? නැත්නම් මෙහෙම විහිලු දිගින් දිගටම සිද්ධ වේවිද ? (නි)
අධ්‍යාපනය කැඳ හැලියක් බවට පත් කිරීමේ මහා පුණ්‍ය කර්මය දේශපාලකයෝ මැනවින් ඉටු කර ඇත. ඔල මොට්ටල සිංහල ජාතියක් නිර්මාණය කිරීමෙන් සැමදා බලය පවත්වා ගත හැක. විදේශ වල ජීවත් වන අපට දුක වරප්‍රසාද නොලත් දුප්පතුන් ගැනය. (නදී)
දර්ශන, මෝඩකම ප්‍රදර්ශන කරමින් කඩේ යනවද? (නදී)
දෙවන්ගා නෝනා, අනේ පව් ඔයාගේ දුව. මේ වැරදි ප්‍රශ්ණ දෙක නිසා එයාගේ මුළු අධ්‍යාපනයම කඩා වැටිලද? ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ ඕකට තමයි (නදී)
අය්යෝ! අපේ කාලෙත් ඕවා තිබුනා. අපේ ගුරුවරු ඒවාට අදාල විදිහට ප්‍රශ්න වෙනස් කරා. එක පාරක් මට මතකයි අසා ලිවිම කොටසේ පරිච්චේදය එවල නෑ. ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරු එකතු වෙලා එකක් හදලා දුන්නා: දැන් වෙලා තියෙන්නේ හොද සුදුසුකම් ඇති ගුරුවරුත් නෑ. ඉන්න අයත් අධ්‍යාපන වග කීම ගන්නෙත් නෑ. අනෙක තව දෙයක්, අද සිංහල ජාතියට වෙලා තියෙන්නේ කාගේ හරි පිට වරද පටවල අත පිහදාගෙන ඉන්න තමා බලන්නේ. අනේ මන්දා අපේ ජාතිය ඕවා තේරුම් අරන් කවද හැදෙයිද කියලා (නදී)
වැරදි ප්‍රශ්න දෙක නිසා පමණක් නොවෙයි මුළු අධ්‍යාපන ක්‍රමයම කවුරු හෝ කාලා දාලා. මගේ පුතා ඉගෙනගන්නේ දහයේ වුණත් එයාටත් ඔය වගේ දේවල් තියෙනවා කතා කරන්න. (නි)