‘නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ලග්ගල ඉඩම් බෙදා දෙන බව ඇත්ත.මේ ගැන ජනපතිට පැමිණිලි කළා.තද තීන්දුවක් ගන්නා බව ජනපති මට කිව්වා.ඒත් අද වන තුරු ගත් තීන්දුවක් නෑ.ඒ ගැන මගේ හිතේ අමාරුවක් තියෙනවා.ඒක ප්‍රසිද්ධියේ මං කියනවා.ඒකට හේතුව මේ මැති සබේට අරක්කු කාරයින් එතනෝල් කාරයින් පැමැණිමයි.‘ ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්කොන් මහතා පාර්ලිමේන්තු ඉඩම් අමාත්‍යංශ වැය ශිර්ෂයේදී කීවේය.
ඇමැතිට කලින් කතා කළ එජාපයේ පී හැරිසන් මහතා කීවේ ජනක බණ්ඩාර තෙන්කෝන් ඇමැති වුණාට මතලේ ඉඩම් බෙදා දෙන්නේ නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් පෙරේරා බවයි.
‘ජනක ඇමැතිතුමා ළඟ ඇත්තේ බෝඩ් එකක් විතරයි. හිස් ටින් එකක් විතරයි ,හිස් බෝඩ් ලෑල්ලක් විතරයි.ඉඩම් බෙදන්නේ වෙනත් අය.‘මේ පැත්තට එනවාදැයි හැරිසන් මහතා ඇමැතිගෙන් ඇසුවේය. කෑකෝ ගැසීම් නිසා ඇමැතිගේ පිළිතුර හරියට අසාගත නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආණ්ඩුව බිස්නස් කාරයන්ගේ. පොදු අපේක්ෂකයා ලඟට එන්න (නදී)
එයත් යන්න වගේ. (ර)
මොනවා කරන්නද ඇමතිතුමා අපිත් ඉන්නේ හිතේ අමාරුවෙන්, හැබැයි ඔබ තුමන්ලාට තියන ප්‍රශ්න නොවෙයි අපිට තියෙන්නේ.මේ ආණ්ඩුව යටතේ එදා වේල කාලා ජීවත්වෙන්න බැරි එක තමයි අපේ හිතේ අමාරුවට කාරණය(දිල්)
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී (නදී)
අනේ ඉතින් හිතේ අමාරුවට පක්ෂයේ මාරු කරන්නකෝ.(දිල්)
ඉතින් හිතේ අමාරුවට පක්ෂය මාරු කරන්නකෝ.(හේ)
"එනවා එනවා. මොකෝ නොඑන්නේ ".ඒක තමයි පිළිතුර.(දිල්)
තවත් බුලත් කොලයක් වැටෙන්න යන්නේ..(හේ)
මොකක්ද දෙයියනේ මේ එකපාරට හැමෝටම හැදිච්ච හිතේ අමාරුව. (ර)
මහජනයාට ඉඩම් ලැබුනානේ කාගෙන් හරි. පෝස්ටර් එකට මූණ දැම්මේ නැහැ කියල පක්ෂය දාලා ගිහිල්ල අනාත වෙන්න එපා. මහජනයා ඡන්දය දුන්නේ ඔයාගේ හිතේ අමාරු නැතිකරන්න නෙවෙයි නේ.(නදී)