IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හුණු වටයේ කතාව බලපිටිය උසාවියේ

අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි.

2013 වසරේ නොවැම්බර් මස 12 වන දින අම්බල්න්ගොඩ බස් නැවතුම්පොළේදී මිත්තනිය සමඟ සිටියදී පැහැරගෙන ගිය බව කියන සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි දරුවා ඊයේ (22) හවස අම්බලන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.

මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සැකකරු හඬමින් කියා සිටියේ දරුවා ඔහුගේ පුතකු බවයි. එහෙත් සැකකරු පසුව මහේස්ත්‍රාත්වරයා වෙත කියා සිටියේ මිත්තනිය සමඟ අම්බලන්ගොඩදී හමුවූ දරුවා දරු කමට හදා ගැනීම සදහා ගෙන ගිය බවයි. ඒසේම දරුවාට තමන් පණ මෙන් ආදරය කරන බවත් මෙම දරුවා හැර වෙනත් කිසිවකු තමන්ට නොමැති බවත්ය.

එහිදි බලපිටිය මහේස්ත්‍රාත් බෝදරගම මහතා සැකකරුට කියා සිටියේ යම් ප්‍රශ්ණයක් වේ නම් ඉදිරි නඩු දිනයේදී එම ඉල්ලීම කරන ලෙසය.

ඉදිරි නඩු දිනයේදී දරුවා සම්බන්ධයෙන් යම් ලේඛනයක් වෙතොත් ඒවාද දරුවාගේ භාරකාරත්වය පිළිබද ඉල්ලීමක් කරන ලෙස දරුවාගේ මව වන නාඩරාජා ජීවරාණි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

දරුවාගේ අයිතිවාසිකම් හා දරුවාගේ මව වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී.ලංකාදේව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අම්බලන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පෙනී සිටියේය.

 

 

DSC_3758

DSC_3759

දරුවා  වඩාගෙන  පැමිණෙන යාචකයා

DSC_3765

දරුවාගේ මව නඩරාජා ජීවරානී  පොලිස් නිලධාරීන් සමඟ

ඡායාරූප වීඩියෝ දීපාල් ද සිල්වා



අදහස් (0)

හුණු වටයේ කතාව බලපිටිය උසාවියේ

දිල්රුක්ෂි Saturday, 25 October 2014 09:33 AM

කෝටිපතියෝ උනත් මනුස්ස කම නැතිනම් වැඩක් නෑ. එ්ත් මේ හිඟන මනුස්සය ගාව තියෙන මනුස්සකම අගය කරමු. එ්ත් හොයල බලන්න ඕනේ මේකේ ඇත්ත කතාව. (නදී)

:       0       0

වීරා Friday, 24 October 2014 02:31 AM

ඒක එයාල විසදා ගනී. හොරොව්පතානේ ගමකට ගහලා ඉඩම් අල්ලනවා කියලා ආරංචිද? හොයල බලන්න එ්ක? (නදී)

:       0       0

ජානක Friday, 24 October 2014 03:11 AM

මේ මනුස්සයා මේ ළමයා පෙන්නලා හිඟා කනවා මිසක් පාසැලකට යවලා නැහැ (නදී)

:       0       0

අශාන් Friday, 24 October 2014 04:41 AM

ළමයාගෙන්ම ඇහුවා නම් හරිනේ ඇත්ත (නි)

:       0       0

කුමාරි Friday, 24 October 2014 04:44 AM

කොහොමත් කොපමණ ආදරෙයි කිවුවත් මොහු ළමයාට ගැළපෙන හොඳ කෙනෙක් නොවේ. දැන් අම්මා රට ඉඳලා ඇවිල්ලනේ. එයාට බබාව දුන්නොත් හොඳයි. (නි)

:       0       0

ගිහාන් Thursday, 23 October 2014 01:41 PM

දැන් මෙච්චර කල් නොහිටපු අම්ම කෙනෙක් කොහෙන්ද මේ කඩන් පහත් වුනේ ? (නදී)

:       0       0

රූපවතී Friday, 24 October 2014 05:12 AM

අපේ රටේ තිබෙන නීතියේ හිඩැස් වල ලොකු? ඇයි දරුවාව අම්මාට නොදෙන්නේ? ඒ දරුවා මානසිකව වැටිලා ලෙඩෙක් වෙන්න පුලුවන් (නි)

:       0       0

පිටිගල Friday, 24 October 2014 05:53 AM

වීරා සහජීවනේ ගැන දන්නේ නැහැ වගෙයි. එ්කට තමයි සහජීවනේ කියන්නේ. (නදී)

:       0       0

පිටිගල Friday, 24 October 2014 01:41 PM

ඒ මිනිහා දරුවාට ආදරේ බව නම් පේනවා. (අ)

:       0       0

මහ හූරා Friday, 24 October 2014 06:41 AM

දුප්පත් මිනිසුන්ගේ පොහොසත් ප්‍රශ්න (අ)

:       0       0

සමන්ජය Thursday, 23 October 2014 03:17 PM

මට හිතෙන්නේ මෙයාල දැන් දරුවාව නොමරා මරනවා වගේ. ළමා නිවාස වලට භාර දෙන්නේ මොකටද දරුවාගේ භාරකාරයො ඉන්නවනම්. (හේ)

:       0       0

යහම්පත් Thursday, 23 October 2014 04:39 PM

අර සිඟන මනුස්සයාට දරුවා පාසල් යවලා හදා ගනවානම් ආදරයෙන් ඔහුට දීමේ වරදක් නැහැ , දරුවාගේ මානසික තත්වය දුර්වල නොකර.(හේ)

:       0       0

නිමල් Sunday, 26 October 2014 10:16 PM

අන්තිමට මොනවා වෙයිද? (නි)

:       0       0

සුනිල් Thursday, 23 October 2014 06:20 PM

මේ ප්‍රශ්නයට බොහොම සරල විසඳුමක් නම් තිබෙනවා.... (නි)

:       0       0

චමි Friday, 24 October 2014 10:16 AM

සුනිල් ඔයාගේ විසදුම මට තේරෙනවා (නදී)

:       0       0

සෝමා Thursday, 23 October 2014 09:48 PM

කොහොම වුණත් එයාගේ මුහුණින් පෙනෙනවා දරුවා එයාගේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site