අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (23) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි.
2013 වසරේ නොවැම්බර් මස 12 වන දින අම්බල්න්ගොඩ බස් නැවතුම්පොළේදී මිත්තනිය සමඟ සිටියදී පැහැරගෙන ගිය බව කියන සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි දරුවා ඊයේ (22) හවස අම්බලන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සැකකරු හඬමින් කියා සිටියේ දරුවා ඔහුගේ පුතකු බවයි. එහෙත් සැකකරු පසුව මහේස්ත්‍රාත්වරයා වෙත කියා සිටියේ මිත්තනිය සමඟ අම්බලන්ගොඩදී හමුවූ දරුවා දරු කමට හදා ගැනීම සදහා ගෙන ගිය බවයි. ඒසේම දරුවාට තමන් පණ මෙන් ආදරය කරන බවත් මෙම දරුවා හැර වෙනත් කිසිවකු තමන්ට නොමැති බවත්ය.
එහිදි බලපිටිය මහේස්ත්‍රාත් බෝදරගම මහතා සැකකරුට කියා සිටියේ යම් ප්‍රශ්ණයක් වේ නම් ඉදිරි නඩු දිනයේදී එම ඉල්ලීම කරන ලෙසය.
ඉදිරි නඩු දිනයේදී දරුවා සම්බන්ධයෙන් යම් ලේඛනයක් වෙතොත් ඒවාද දරුවාගේ භාරකාරත්වය පිළිබද ඉල්ලීමක් කරන ලෙස දරුවාගේ මව වන නාඩරාජා ජීවරාණි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
දරුවාගේ අයිතිවාසිකම් හා දරුවාගේ මව වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී.ලංකාදේව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අම්බලන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පෙනී සිටියේය.
දරුවා වඩාගෙන පැමිණෙන යාචකයා
දරුවාගේ මව නඩරාජා ජීවරානී පොලිස් නිලධාරීන් සමඟ
ඡායාරූප වීඩියෝ දීපාල් ද සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටිපතියෝ උනත් මනුස්ස කම නැතිනම් වැඩක් නෑ. එ්ත් මේ හිඟන මනුස්සය ගාව තියෙන මනුස්සකම අගය කරමු. එ්ත් හොයල බලන්න ඕනේ මේකේ ඇත්ත කතාව. (නදී)
ඒක එයාල විසදා ගනී. හොරොව්පතානේ ගමකට ගහලා ඉඩම් අල්ලනවා කියලා ආරංචිද? හොයල බලන්න එ්ක? (නදී)
මේ මනුස්සයා මේ ළමයා පෙන්නලා හිඟා කනවා මිසක් පාසැලකට යවලා නැහැ (නදී)
ළමයාගෙන්ම ඇහුවා නම් හරිනේ ඇත්ත (නි)
කොහොමත් කොපමණ ආදරෙයි කිවුවත් මොහු ළමයාට ගැළපෙන හොඳ කෙනෙක් නොවේ. දැන් අම්මා රට ඉඳලා ඇවිල්ලනේ. එයාට බබාව දුන්නොත් හොඳයි. (නි)
දැන් මෙච්චර කල් නොහිටපු අම්ම කෙනෙක් කොහෙන්ද මේ කඩන් පහත් වුනේ ? (නදී)
අපේ රටේ තිබෙන නීතියේ හිඩැස් වල ලොකු? ඇයි දරුවාව අම්මාට නොදෙන්නේ? ඒ දරුවා මානසිකව වැටිලා ලෙඩෙක් වෙන්න පුලුවන් (නි)
වීරා සහජීවනේ ගැන දන්නේ නැහැ වගෙයි. එ්කට තමයි සහජීවනේ කියන්නේ. (නදී)
ඒ මිනිහා දරුවාට ආදරේ බව නම් පේනවා. (අ)
දුප්පත් මිනිසුන්ගේ පොහොසත් ප්‍රශ්න (අ)
මට හිතෙන්නේ මෙයාල දැන් දරුවාව නොමරා මරනවා වගේ. ළමා නිවාස වලට භාර දෙන්නේ මොකටද දරුවාගේ භාරකාරයො ඉන්නවනම්. (හේ)
අර සිඟන මනුස්සයාට දරුවා පාසල් යවලා හදා ගනවානම් ආදරයෙන් ඔහුට දීමේ වරදක් නැහැ , දරුවාගේ මානසික තත්වය දුර්වල නොකර.(හේ)
අන්තිමට මොනවා වෙයිද? (නි)
මේ ප්‍රශ්නයට බොහොම සරල විසඳුමක් නම් තිබෙනවා.... (නි)
සුනිල් ඔයාගේ විසදුම මට තේරෙනවා (නදී)
කොහොම වුණත් එයාගේ මුහුණින් පෙනෙනවා දරුවා එයාගේ කියලා. (නි)