(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා පැනවීමත් සමඟ කෙරවළපිටිය ව්‍යාපාරිකයෙකු හෝටලය වසා දමා එහි ඉහළ කාමරයක වැසිකිලිය තුළ නීති විරෝධි මත්පැන් පෙරමින් සිටියදී වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ දී එහි කසිප්පු බෝතල් 300ක් සහ ගොඩා තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික බවත් පොලිසිය කියයි.
මෙම මත්පැන් පෙරීම වැසිකිලියේ වතුර කරාමයට සවිකර ඇති බවත් වැසිකිලි කරාමයෙන් ජලය වෙනුවට මත්පැන් පෙරී එන ආකාරයෙන් ඔහු එය සූක්ෂමව සකස් කර තිබූ බවද පොලිසිය පවසයි.
සැකකරු කෙළවරපිටිය ප්‍රදේශයේ පදිංචි 39 පුද්ගලයෙකු බවත් ඔහු අද වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොරෝනා කාලෙට සුව ව්‍යපාරනේ
වැසිකිළියෙනේ කසිප්පු පෙරුවේ, ආයේ කියන්න දෙයක් නැහැ .
බාර් වහලා දැම්මාම කසිප්පු ව්‍යාපාරය ජයටම කෙරෙනවා.
කිසිම ප්ලෑන් එකක් නැතිව පිටරටවල් වලට ඕනෑ විදිහට රට වැහුවාම හෝටල්, ආපනශාලා හිමියෝ ජීවත් වෙන්නේ කොහොමද?
හොඳ රසයක් ඇති.
වැසිකිළි එන අයට ගෝඩා බැරල් එකට යූරියා එක්කලාම මිනිහට වැඩේ ලෙහෙසියි...
මේ වැසිකිලිවල හදන විශේෂ මත්පැන් බිලා කොරෝනා වලට වඩා දෙයක් හැදෙයිද දන්නැ