හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දුන්නේය.
නිවසේ මෙහෙකාරිය අපයෝජනය කළැයි නීතිපති ඔහුට චෝදනා ගොනු කළේය. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
හිටපු විනිසුරු ආබෘෘ ඇප අත්සන් නොකර ඇඟිලි සලකුණුද නොදී මහාධිකරණ විනිසුරු පරිහරණය කරන දොරටුවෙන් පිටවී ගිය බවත් පොලිසිය විනිසුරුවරයාට දැනුම් දීමෙන් පසු ඔහු නැවත කැඳවා ගත් බවත් අධිකරණය කියයි. ඉන් පසු ඔහු ඇප ලියවිලිවලට අත්සන් කර ඇඟිලි සලකුණුද ලබාදුන්නේය.
තමා නිවැරදිකරු බව හිටපු විනිසුරු ආබෘෘ කීවේය. මාධ්‍යවේදි රොහාන් සරුක් අබේවර්ධන හා දිවි නැගුම සංවර්ධන නිලධාරී සිසිර කුමාර ද සිල්වා ඇපයට අත්සන් කිරීමෙන් පසු ඔහුගේ ඇඟිලි සලකුණුද ගැනිණි.
නඩු විභාගය මැයි 23 වැනිදාට කල් තැබූ බව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අනෙක් කෙනා? (නි)
අපල කාලයක් ලබලා වගෙයි (නි)
දැන් ඉතින් දඬුවම් විඳින්න කාලයයි (නි)
ඇසළ.ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්.(කෞ)
සමන්,එතුමාගේ කොණ්ඩය ගැන එතුමා හරි විදිහට බලාගත්තානම් මෙතරම් ප්‍රතිචාර වැටුනේ ඇයි එහෙනම් ....? බලාගෙන යනකොට ඔබත් මෙසේ කොන්ඩේ වවපු කෙනෙක්ද? (බ)
මම දැන් කියන දේවල් වල සත්‍ය අසත්‍ය ඉදිරියේදී පට්ට කම්බා හොරු,දුෂිතයෝ,මිනීමරුවෝ වෙනුවෙන් කොහොමද දායක වෙන්නේ කියල බලාගන්න පුළුවන් (බ)
ටිකිරිබණ්ඩා අත්තා තමයි. අසේල කියන එක හරියටම හරි (කෞ)
මොන ලියද්ද වුණත් සමාජයේ පෙනී හිටින එක්තරා ශිෂ්ඨ ආකාරයක් තියෙනවා.විශේෂයෙන් මේ වගේ උදවිය කොන්ඩයාගේ ගානට වැටුනාම සමාජයට මොකද වෙන්නේ?(ම)
නීතිය කාටත් පොදුයි (නි)
මට නම් බය හිතුනා (නි)
උසාවියට මෙලෙස කොණ්ඩය වවාගෙන එන්න අවසර තිබෙනවද? (නි)
කර්ම විපාකයෙන් කිසිදා ගැළවිය නොහැක (නි)
අපි බලමු තීන්දුව කොහොම වෙයිද කියල අනිත් ඒවයින් ඇති වැඩක් නෑ (කෞ)
යහපාලනය බලාගන්න හොඳම අවස්ථාව මේක තමා. (නි)
අපේ ලංකාව ගැන මොනවා හිතන්නද තව. (හේ)
ඩුබායි තිලක්, ඔයාට හාමුදුරුවරු එක්ක තරහ මොකද? රට ජාතිය ගැන එතුමන්ලා සටන් කරන නිසාද? (නි)
ඡායාරූප දැක්කහමත් මට නම් දුක හිතෙනවා. (නි)
සාමා මේකෙන් යහපාලානේ මනින්න එපා එකට බලන්න අර මන්ත්‍රී තුමියගේ නඩුව දිහා (ම)
කළ කළ දේ පළ පළ දේ... (නි)
අයියෝ කැත (බ)
නීතිය අන්ද නොවේවා (ම)
පින්තුර දැක්කම බයක් හිතුන නන්දලාල් කියනව වගේ අනික් අතට හිනා යනවා තිලක්ගේ කතාවල් වලට මෙන්න නියම පිටුවක් . (ර)
දැන් ඔන්න අපිට අහන්න වෙන්න එපා කැමැත්තෙන්ම දුෂණය වුනා කියල. (බ)
වරදක් කළොත් බේරුමක් නැහැ (නි)
මේකත් පළිගැනීමක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
එයා නැති පාඩුව දැනෙන පිරිසකුත් ඉන්න බව අපි දන්නවා (නි)
මට නම් හිතට හරිම සතුටුයි (නි)
උසාවියට එන නීතිඥයන්ට කියාදෙන්න උසාවි එන පිළිවෙල (බ)
වැරදි කළා නම් දැන් දඬුවම් විඳින්න වෙයි (නි)
"තීනියාවල පාලිත හිමිගේ එක් ආදායම් මාර්ගයක් වන්නේ තම දේශපාලන සම්බන්ධතා පාවිච්චි කරමින් දෙමාපියන්ගෙන් අත යට මුදල් මෙන්ම විවිධ අල්ලස් ගෙන සුපිරි පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම බැවින් දූෂිත විදුහල්පතිවරුන් විදුහල් වල නොමැති වුවහොත් ඔහුට අත පය කැඩුනා වැනි පාඩුවක් සිදුවේ. එනිසා ඔහු දිවි පරදුවට තබා දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටී. (බ)
නිතියෙන් ගැළවුණත් තමන්ගේ හෘද සාක්කියෙන් බේරෙන්න බැහැ (නි)
"දූෂිත රාජකීය විදුහල්පතිවරයා මාරු කරන ලද පුවත හෝ කිසිදු මාධ්‍යයක පළ නොකිරීමට මොහු බලපෑම් කරන ලද බැවින් ඒ සම්බන්ධ කිසිදු පුවතක් අද මාධ්‍යයන්ගේ වාර්තා කෙරුනේ නැත. (බ)
"බැක් ටු ද ෆියුචර්" චිත්‍රපටිය මතක් වෙනවා මට (නි)
ආබෘෘට කෙල වෙන්න යන්නේ හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි කාට කාටත් (බ)
මේකද යහපාලනය කියල කියන්නේ?(ම)
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිතරම සටන් කළේ අයුක්තියට ,අසාධාරණයට,දුෂණයට,ගසා කෑමට,මිනීමැරීමට විරුද්ධවයි .ඒ නිසාම ඒ හාමුදුරුවන්ට ජිවිත තර්ජන වලට මුහුණ දෙන්න සිද වුන අවස්ථා එමටයි.ඒ හාමුදුරුවන්ගෙන් පසුව එවැනි හාමුදුරුවරු ඉන්නවා කියල හිතන්නත් බැහැ. (බ)
පට්ට කම්බා හොරු,දුශිතයෝ,මිනීමරුවෝ කොතනද.ඔවුන් වෙනුවෙන් එතන හාමුදුරුවරු ඉන්න නිසයි. (බ)
පින්තුර දැක්කමත් බය හිතෙනවා. ඒවායින් වැඩක් නැහැ. බලමු මේ හිටපු විනිසුරු ආබෘෘට උසාවියෙන් දෙන දඬුවම් ගැන... (ම)
ලෝයර්ව දකිනකොට මරුසිරාව පේනවා බයේ බැ බලන්නකෝ මල්ලි කොන්ඩෙ කොහොමද කියල මේ වගේ අය රටට ආදර්ශයක් දෙන්න ඕනේ නේද?? අම්මෝ කිට්ටු වෙන්නත් බයයි අප්පා (බ)
ඕනෑම වරදක් කරලා බේරෙන්නත් ක්‍රම ලංකාවේ තිබෙනවා. (නි)
මේ පලවෙනි වතාව නෙමෙයි.මිට කලිනුත් අසරණ දමිල තරුණියක්ව දුෂණය කළ චෝදනා තිබෙනවා.ඒ තරුණිය ජීවිතය නැති කර ගන්න වහ බිව්වත් දැනට ජිවතුන් අතර ඉන්න නිසා සාක්කි ගන්න ලැබේවි. (බ)
මේ අසරණය වෙනුවෙන් නැද්ද දන්නේ නැහැ අපේ රට ජාතිය ආගම බේර ගන්න ඉන්න ලොකු හාමුදුරු නමක්වත් (බ)
මොහුගේ මුහුණ දැකකම මිනිස් ගතියට වඩා වානර ගතියක් පේනවා , ලොකු කම් නොබලා මොහුට දඬුවම් කළ යුතුය (බ)
"කහ කුරුල්ලෙක්" අල්ල ගත්තනම් නිදහස් වෙන්න තිබුණා (බ)
මම දැන් නැති හින්ද අහන්නේ ... අර විදියට කොන්ඩේ වවාගෙන අවුල් කරගෙන අපි උසාවියට ගියොත් කමක් නැත්ද ? උසාවියට අපහාස කළා කියල කුඩුවේ දාන්නැත්ද ? (බ)
මේ ෆොටෝ දැක්කම හිතෙන්නේ අපි තවමත් ජිවත් වෙන්නේ 15 වෙනි සියවසේ කියල......පිස්සු හැදෙනවා. (බ)
නන්දලාල් - ප්‍රංශය.පින්තුර දැක්කමත් බය හිතෙනවා..... මටත් සත්තකින්ම එහෙම හිතුනා.(ම)
හරියට ඩිර්කිවුලා චිත්‍ර පටියක නළුවෝ ටික වගේ. (කෞ)
මේ අපි ඉන්නේ පුනරුද සමයේද කියල හිතෙනවා .(ම)
අඳුරන්නේ නැති කෙනෙක් එකපාරම දැක්කාම බය වෙනවා නේ (ම)
මේක 21 වෙනි සියවස. මිනිසුන් තමන්ගේ අනන්‍යතාවයට විලාසිතා කරනවා. අබරන් 19 වෙනි සියවසෙන්ද? (නි)
මෙහි දැක්වෙන පින්තුර දැක්කාම විශ්මයට පත් උනා.ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැනේ. (ම)
පිටරටවල් වල, හිරේ ඉන්න අපරාධකාරයාවත් පිළිවෙලකට අන්දවාගෙන තමයි උසාවියට එක්ක එන්නේ. අනේ මේ අපේ උසාවියද..? (ම)
කොණ්ඩයාව නැවතත් උසාවි ගෙනල්ලද? (ම)
තමන් කරන වැරදි වලට තමන්ට වන්දි ගෙවන්න වෙනවා (නි)
රාජකාරියයි මනුස්සකමයි පටළවාගන්න බැහැ. වරලියද්ද මහත්තයා දැනට ඉන්න හොඳම අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක්. එතුමාගේ ඇඳුම් කොණ්ඩය වැරදි නම් ඒක එතුමා බලාගනියි. (නි)
ආබෘෘ මහතා වගේ වැදගත් නඩුකාරතුමෙකුට මෙහෙම සැළකීම හරිද? මම නම් වරුද්ධයි (නි)
තිලක්-ඩුබායි මොකද දන්නේ නැහැ අපේ රට ජාතිය ආගම බේරාගන්න ඉන්න ලොකු හාමුදුරුවරු එක්ක ඔච්චර කේන්ති..? (නි)
මිනිසුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන්ගේ චරිතය මනින්න එපා. දුමින්ද කොච්චර ආකර්ෂණීයද? ඉන්ද්‍රානි එහෙම නැද්ද? නමුත් එයාලගේ හදවත් කොච්චර වෙනස්ද? හිතලා බලන්න (නි)
හරි අපිට බිතොවාන් මතක් වුනා මේ නඩුව අස්සේ. කොච්චර දැකුම්කලු කොණ්ඩ විලාසිතාවක්ද ? (කෞ)
මෙය ගැන දන්නේ අපි පොඩිකාලේ ඉඳන්. (බ)
කාටත් නීතිය පොදු විය යුතුයි.(හේ)
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට... (නි)
ඇසළ කියල තියෙන දේ දැකල මට හිනාව නවත්තන්න බහ. අනේ, බුදුබණ හැබෑ බව පෙනෙනවා. යමෙක්ගේ මුහුණ තමා චරිතයේ කැඩපත (කෞ)
මේ මනුස්සයා මහා පෝරිසාදයෙක් වගේ මටනම් පෙනෙන්නේ.(කෞ)
නියම මානව හිමිකම් තිබෙන රටක් මේක. කාන්තාවක් දුෂණය කිරීමට චෝදනාලත් අයෙක් එක මොහොතක්වත් රිමාන්ඩ් නොවී ගෙදර යනවා (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
මෙයා හිරේට ගියොත් කොහොම හිටීද? මෙයා හිරේට දාපු කී දෙනෙක් හිරේ ඇද්ද? (නි)