ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට, යහ පැවැත්මට හා උන්නතියට හානිකර ක්‍රියාවන්හි නිරත වීම පක්ෂයේ නායකයාට හා ප්‍රතිපත්තින්ට අගතිදායි ආකාරයෙන් කටයුතු කිරීම හා ප්‍රතිපත්තිවලට එරෙහි අය සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ පක්ෂ සාමාජිකත්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රීලනිපය සැරසෙයි.
ඔවුන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග ගැන නුදුරේදීම දැනුම් දෙන බව ද මෛත්‍රීපාල සිරිසේන ජනපති ඔවුන් වෙත යැවුණු ලිපියේ ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය ගෙනයා හැකි ආණ්ඩුවක් පතමු!! (නි)
සමහරුන්ට නම් හරි සතුටුයි වගේ (නි)
ගරු ජනපතිතුමනි, තව ඉන්නවා කට්ටිය. ඒ අය ගැනත් ....? (නි)
ඉක්මණින් දැනුම් දෙන්න එහෙනම් (නි)
අද ග්‍රීසියට සිදු වී ඇති දෙය මහින්දට තවමත් කඩේ යන මෝඩ රැලට හොඳ පාඩමකි. ගිනි පොළියට චීනයෙන් ණය ගනිමින් ඒවායෙන් මිනිස්සු නැති ගුවන් තොටුපොළවල් හදමින් , ගසාකමින් , ගසා කන්නට ඉඩදෙමින් ගිය ගමන නවතා දැමුවේ මෛත්‍රී මහතා සහ රනිල් මහතාය. එය එසේ සිදුනොවන්නට ග්‍රීසිය මෙන් අපද වැඩිකල් නොගොස් පොළිය ගෙවාගත නොහැකිව බංකොළොත්වීමට ඉඩ තිබුණි. මම මගේ පිටරටවල සිටින සොයුරු සොයුරියන්ගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමතිය. ඡන්දය වෙනුවෙන් ලංකාවට පැමිණීම වියදමක් බව සැබෑවකි. අඩුම වශයෙන් තානාපති කාර්යාලයට හෝ ගොස් නැත්තම් ලංකාවට ගොස් හෝ මේ මොහොතේ තමුන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් එජාපයට ඔබේ ඡන්දය ලබාදෙන්න. රට පස්සට හැරවීමට ඉඩ නොදෙන්න (නි)
මම හැම මැතිවරණයකදිම ඡන්දේ දැම්මේ මහින්දට. මේ පාර නම් මගේ පවුලේ කවුරුවත් දෙන්නේ නැහැ. බල තණ්හාවෙන් වියරු වැටිලා. ජනාධිපතිකම බැරි නම් අගමැතිකමවත් දෙන්න කියන්න ලැජ්ජා නැද්ද? (නි)
මේ මැතිවරණයේදී සිංහල ඡන්ද දෙකට බෙදන්න එපා. සියලුම සිංහල ජාතිකයන් එජාපයට ඡන්දය දුන්නොත් එජාපයට 2/3 ක් පහසුවෙන් ගන්න පුළුවන්. දළදා මාළිගාව ළඟ රේස් තියපු , මාළිගාවට පහරදීපු අයට ඇමතිකම් දීපු , කුඩු එතනෝල් රටේ වපුරවපු, සිංහල ජනතාව හිඟානොකා හිඟාකන මට්ටමට රටේ ණය බර වැඩි කළ අයට එක සිංහල ඡන්දයක් දෙන්න එපා. මම මගේ යුතුකම ඉටුකරනවා. ඔබත් සැබෑ සිංහල ජාතිකයෙකු නම් රටට ආදරේ නම් එජාපයට පමණක් ඡන්දය ලබා දෙන්න කියලා ඉල්ලනවා. (නි)
මම සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. (නි)
අයියෝ වෙච්ච දෙයක්! (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පක්ෂ නායකයාද? එහෙම නැත්නම් පාක්ෂිකයන්ගේ හා මහජන මතයද? (නි)
ප්‍රමාද වුණා වැඩියි (නදී)
පක්ෂයක තනතුරු දෙන්නේ පක්ෂ නායකයා හා පක්ෂය වෙනුවෙන් වැඩකරන්න දිවුරා පොරොන්දු වුණ අයට. මේ අය කළේ හිටපු නායකයා පස්සෙන් ගිය එක. එය වැරදියි. තමන්ට හිතට එකඟව වත්මන් නායකයට වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා තමන් කැමති දෙයක් කරන්න තිබුනා. (නි)
බොහොම හොඳයි (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පක්ෂ නායකයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මිස පොදු මහජනතාව නෙමෙයි.පක්ෂ නායකයාට හිතවත් නැති ලේකම්ලා එක්ක එකට වැඩ කරන්නේ කොහොමද? මේ අය ඉවත් කළයුතුමයි. (නි)
මේක කරන්න තිබුනේ මුලින්මයි.ප්‍රමාද වුණා වැඩියි (නි)
හිටපු ලේකම්වරුන් මෛත්‍රි ජනපතිට කැමති නැත්නම් කරන්න තිබුනේ ලේකම්කමින් ඉල්ලා අස්වෙලා තමන් කැමති නෙකෙකුට ප්‍රසිද්ධියේ වැඩකරන එකයි. නමුත් මොවුන් දෙදෙනා කළේ වෙන දෙයක්. එය වැරදියි. මෙහෙම අය ලේකම්ලා කරලා පක්ෂය ගෙනයන්නේ කොහොමද? වැඩක් කරන්නේ කොහොමද? (නි)
ගෙදරක නෝනායි මහත්තයයි දෙපැත්තට අදිනවා නම් ඒ පවුල කන්න බැහැ වගේ පක්ෂ ලේකම්ලා පක්ෂ නායකයාට විරුද්ධව වැඩ කරනවා නම් ඉවත්කරනවා හැර වෙන මොනවා කරන්නද? (නි)
ධම්මික, ඔබ හරි. මෙහෙම ලේකම්ලා පක්ෂයට හරියන්නේ නැහැ. මේකම තමයි ලොකු ලොකු රාජ්‍ය ආයතන වල ලොකු පුටු වල ඉන්න අයත් කරන්නේ. සද්ද නොකර ඉන්නවා. හැකි සැමවිටම වත්මන් රජය අපහසුතාවයට පත්වෙන්න වැඩ කරනවා. හිත යටින් කැමති පරණ අයට. (නි)
අද වන විට ලංකාව කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ගිය රටක් කියලා ලෝකයට පෙන්වලා තියෙනවා. මේ රටේ 88/89 යුගයේ අත්දැකීම් නුදුරේදීම ලැබීමේ අවදානමක් මෙරට තුළ නිර්මාණය වෙමින් පවතින බවක් පෙනෙනවා (නි)
මේක කරන්න තිබුනේ මුලින්මයි.ප්‍රමාද වුණා වැඩියි (නි)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව අනුව සභාපති තනතුර එතරම් බලවත් නැහැ. ලේකම්ට තමයි බලය ගොනුවෙලා තියෙන්නේ. සන්ධානය මුලින්ම පිහිටු වූ අවස්ථාවේ සභාපති කවුද? එදා සභාපතිකම ශ්‍රීලනිපය ස්ව කැමැත්තෙන් එවකට ජවිපෙ ප්‍රධානියෙක්වූ නන්දන ගුණතිලකට දුන්නා. සභාපතිට ඕනේ විදිහට තනතුරු මාරු කිරීමේ බලයක් තිබුනා නම් ශ්‍රීලනිපය කවදාවත් සභාපති තනතුර වෙනත් පක්ෂයක අයෙකුට දෙයිද? (නදී)
ජනාධිපතිවරණය අවසන් වු වහාම පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිම හා මහින්ද මහතාට බුලත් කොළයෙන් නාමයෝජනා දිම නිසා තමයි මේ හැම අර්බුදයක්ම. මේ හැම දේකටම වත්මන් ජනපතිතුමන් වගකිව යුතුයි. (නදී)
වීධායක ජනපති එක්ක හැප්පෙනවා බොරු (නදී)
ලේකම්වරු පක්ෂ නායකයාට වැඩකරන්නේ නැත්නම් මොකටද තියාගෙන ඉන්නේ? (නි)
ඉස්සැල්ලාම විනය පරීක්ෂණ තියන්න ඕනේ මෛත්‍රීට නේද ? (නදී)
විධායක ජනාධිපති සහ පක්ෂ නායක තනතුරේ තියෙන බලතල හරියට භාවිතා කලොත් මොකද කරන්න වෙන්නේ. බලතල අඩුකරන්න තිබුන අවස්ථාව හරියට කරගන්න මේ කට්ටිය මහන්සි උන විදිය මතකද. කුම්බලා මාළු කෑවා නම් වමාරපන් පූසෝ !! (නදී)
මදැයි වෙච්ච දේ? අපි මොනවා කරන්නද ඉතින්? (නි)
කෝ අර බුලත් දීපු කෙනා ? දුන්හිඳ පැත්තෙවත් ගියාද ?(නදී)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද ? (නදී)
අපි බොහෝ කාලයක් තිස්සේ බලාසිටි දෙයක් (නි)
දිනේෂ් ප්‍රියංකර තමයි මේ සත්‍ය තේරුම්ගත් එකම තැනැත්තා.අනිත් බොහෝ අදහස් දාන අය ඔහුගේ මේ පොඩි අදහස බලන්න. (නි)
කලින් කළයුතු දෙයක්, ප්‍රමාද වී හෝ කළා. පක්ෂයේ පිරිසිදුබාවය තියාගන්න පුළුවන් දැන් (නි)
අපි වර්ජනය කරමු. දිනන කෙනෙක් දිනපුවාවේ. ඊලඟට එන්නේ ජාතික ආණ්ඩුවක්. එ්ක ස්ථිරයි. (නදී)
තම තනතරු අත්තනෝමතිකව හා පෞද්ගලික ප්‍රතිරුප ඔප නංවාලීම සදහා පරිහරණය කල අයුරු පසුගිය කාල වකවානු තුල දැක ගත හැකි විය. පක්ෂ ලේකම් ධුරය වගකිව යුතු තනතුරකි. එහි ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කිරීමේ යුතුකම් පැහැර හැරීමක් සිදු විය. කාලින අවශ්‍යතාවයක්. (නදී)
මේ වැඩේ කරන්න තිබුනේ තව මාස 2 කට විතර කලින්. පරණ දුෂණ චෝදනා තිබෙන අයට අප්ක්ෂකත්වය නොදී තරුණ,දුෂණ චෝදන නැති බුද්ධිමත් අපේක්ෂකයන් කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් කළා නම් හොඳ ඡන්ද ප්‍රතිශතයක් අරගෙන සන්ධානය ප්‍රතිසංවිධානය කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තිබුනා. (නි)
පක්ෂයේ කීර්ති නාමයට හානිකළ තවත් අය ඉන්නවා (නි)
මම නම් මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ (නි)
වෙන ඉතින් මොකද කරන්නේ? (නි)
තරුණ නායකයන් සමඟ පක්ෂය ඉදිරියට ගෙනයාමට ජනාධිපතිතුමා දරන උත්සාහයට අපි ගරු කරමු (නි)
මේක ලිස්ට් එකෙන් එන්න ඉන්න මහින්ද හිතවාදීන් වෙනුවට මෛත්‍රී හිතවාදීන් දාන්න කරපු දෙයක් (නදී)
එදා මාධ්‍යවේදීන්ට මොවුන්ගෙන් කෙනෙක් බැනවැදුණු ආකාරය ඉතාම වැරදියි. ඡන්දය දවස් වල මෙහෙම තර්ජනය කරනවා නම් යම් විදියකින් බලය ලැබුනහොත් කොහොම වෙයිද. (නි)
විනය පරීක්ෂණ තැබියයුතු තවත් කට්ටිය ඉන්නවා (නි)
මහින්ද මහතා දිනුවොත්? (නි)
දැන්වත් ජනාධිපති තුමාට තේරුනා නම් ලොකු දෙයක්. (නදී)
මෛත්‍රී නියම වෙලාවට වැඩේ දුන්නා. අපි හිතපු තරම් දුර්වලයෙක් නෙමෙයි මෛත්‍රී. (නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා වෙනම පක්ෂයක් හදපු එකට විනය පරීක්ෂණ නැද්ද ? (නදී)
සුසිල්ටයි, අනුරටයි මේ මොකද වුණේ? (නි)
මහින්ද දිනන බව ස්ථිරයිද? (නි)
නියමයි. ජයවේවා! (නි)
හරියටම හරි.මේ වගේ අය එළවා පක්ෂය පිරිසිදුකරලා නැවත ශක්තිමත් ශ්‍රීලනි පක්ෂයක් හදන්න ජනාධිපතිතුමනි. (නි)
මෙතන සමහර අයගේ අදහස් බැලුවම පුදුම හිතෙනවා මොළයක් තියෙනවද කියලා. (නි)
හොඳ බුද්ධිමත් තීරණයක් (නි)
මැතිවරණය අවසන් වූ පසු සන්ධානය ජයග්‍රහණය කළහොත් වෙන දේ බලා ඉඳිමු.. (නි)
පක්ෂය දෙකට කැඩූ අයටත් විනය පරීක්ෂණ ඕනෑ (නි)
හැමදාම නත්තල් නැහැ කියනවනේ! (නි)
තව විනය පරීක්ෂණ ඕනෑ අය ඉන්නවා (නි)
මේ සිදුවීමෙන් මහජනතාව බොහෝ දේවල් තේරුම්ගන්න ඇති (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
වතුර පැහෙනතුරුම දිය කෙළමින් සිටිති කකුළුවෝ. (නි)
මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. (නි)
ජර්මනියේ ඉන්න ආචාර්යවරයෙක් විදිහිට පෙනීසිටින කෙනා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කියන්නේ. (නි)
මේවට කියන්නේ කළ පව් පස්සෙන් එනවා කියලා (නි)
මොනවා එළිවෙයිද දන්නෙ නැහැ දැන් (නි)
රට විනාශයට ගෙනයන්න නම් එපා (නි)
ඔයාලට පොඩි සතුටක් ගන්න පුළුවන් 17 වෙනතුරු. මහජන මතය තේරේවි 18 උදේ වෙනකොට. (නි)
නිදහස් පාක්ෂිකයන් පක්ෂයට සුළු වශයෙන් හරි ඡන්දය පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ මෛත්‍රී ජනපති මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියන පොරොන්දුව නිසා. ඒ ජනතාව රවටන්න නම් සූදානම් වෙන්න එපා. (නි)
කෙළින් වැඩකරන ඕනෑම කෙනෙකුට මම නම් එක පයින් කැමතියි. (නි)
රනිල් කියන්නේ ප්‍රතිපත්තිගරුක හොඳ ආර්ථික දර්ශනයක් තිබෙන මනුස්සයෙක් (නි)
එජාපය 77 දී දිනුවටත් වඩා බලයක් අරගෙන මේ පාර 5/6 ක බලයක් ගන්නවා. (නි)
80 දශකයේ මැද භාගයේ ශ්‍රී.ල.නි.පක්ෂයේ ප්‍රචාරක ලේකම් වශයෙන් හා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ මාධ්‍යය උපද්ශක ලෙස කටයුතු කළ මා මේ සිදුවීම දකින්නේ පක්ෂයේ මතු උන්නතිය සඳහා පක්ෂයේ සභාපති වුත්, රටේ ජනාධිපති වුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ඵෙතිහාසික තීරණයක් ලෙසයි. දුෂණයට කිසිදා නොපෙළඹුන මහත්මා දේශපාලනය කළ ජයග්‍රාහී ජනාධිපති කෙනෙක් පක්ෂයට සිටියදී පරාජිත ඒ වගේම බංකොලොත් අපේක්ෂකයෙකු පිටුපස ගිය සහ යන හැම කෙනෙක්ම ඒ පියවර අරගනු ලැබුවේ සොරකම, වංචාව හා භිෂණය දිගටම පවත්වාගන යන්න බව පැහැදිලියි. ජනතාවනි! ඔබගේ වටිනා ඡන්දය අවංක, දක්ෂ රටට ආදරය ඇති උගතුන්ට පමණක් දී රටට හෙටක් ඇති කරන්න පියවර ගන්න! (නි)
සමන්ති , මේ දවස් වල සමහරුන්ගේ අසනීප හොඳටම වැඩිවෙලා (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
මේ අය විතරක් නෙමෙයි, තවත් බොහෝ අය උසස් තැන්වල ඉන්නවා පැරදුන මහින්ද මහත්තයට කඩේ යන. මෛත්‍රී ජනාධිපතිවරයා හිතන යහපත් ගමන යන්න නම්, මේ හැමෝම තරාතිරම නොබලා ඉවත් කරන්න ඕනෑ. දැන් රාජ්‍ය සේවයේත් දේශපාලනය ඔඩුදුවලා තියෙන්නේ. (නි)