
(ඩබ්ලිව් ඩී එම් විතානගේ )
කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියම කළාය.
මෙසේ රිමාන්ඩ කරනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා වෙති.
මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්හ. ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
මේ අතර මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා ඒ පාරත් මිස් වුණා. හොඳවායින් වාඩියක් පෙරාගන්න හිටියේ..
මේ තක්කඩි බලය තියෙන කොට සිංහයෝ වගේ හිටියේ. දැන් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට බැලූ කුක්කෝ වගේ. අපේ රට බංකොලොත් කරන්න මුළු රටම හොරා කෑවා රාජපක්ෂ සහ රනිල් ඇතුළු තව විශාල පිරිසක් පෝලිමේ ඉන්නවා. හොඳ සෙල්ලම් තව ඉස්සරහට තියෙනවා.
මේ වගේ තුප්පහි චරිත පාර්ලිමේන්තු ගිහින් රට මේ තරමට ඉතුරු උනා අති.