මාදිවෙළ මන්ත්‍රී නිළ නිවාසවල සිටියදී කුලී නොගෙවන ලදැයි කියන හිටපු මන්ත්‍රීවරුන් 19 දෙනකුට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.
ජුලි 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට සිතාසි යවන ලෙස දිසා විනිසුරු නාමල් බණ්ඩාර බලල්ල මහතා නියෝග කළේය.
2001 දෙසැම්බර් මස 05 වැනිදා සිට 2004 පෙබරවාරී 07 වැනිදා තෙක් නිළ නිවාසවල පදිංචිව සිටි
මහීපාල හේරත් , ඩී.එම් බණ්ඩාරනායක, රාසා කුගනේෂ්වරම්, සංජීව බණ්ඩාර කවිරත්න, සිරි ආන්ද්‍රා හැන්නදි , සුරේෂ් සතාසිවම්, චන්දන කත්‍රිආරච්චි , තිළිණ බංඩාර තෙන්නකෝන්, පතිරගේ දොන් අබේරත්න, මොහොමඩ් අබ්දුල්ලා මහරුෆ්, මොහොදීන් බාවා අබ්දුල් අසීස්, බද්දේගම සමිත හිමි , උපාලි සමරවීර ,ජස්ටින් ගලප්පත්ති, ලකී ජයවර්ධන , තම්බි මොහොමඩ්, මොහොමඩ් අබ්දුල්ලා මොහොමඩ් යන මන්ත්‍රීවරුන්ට එසේ සිතාසි නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සේවය කරනවා කියල මහජන චන්දයෙන් ගොස් රටටම පොලු තියන මන්ත්‍රී වරු මේ ගොල්ලෝ. රජයේ සේම දෙයක්ම නඩත්තු වන්නේ මහජන මුදලින් . අපේ බදු මුදල් . මේ වගේ මත්රිවරුන්ට චන්දය දෙන අපිටම අපි තලා ගන්න ඕනේ .
අපි තම මුන්ගේ පවු ගෙවනවා, ලබනපාර ඡන්දෙ එනකන් බලන්ඉම්මු (අ)
සමහර විට වැඩ අධික නිසා ගෙවන්න අමතක වෙන්න ඇති. (නි)
පිළියන්දල ඉන්න මන්ත්‍රීට මාදිවෙල ගෙවල් දීලා චන්දදායක්යන්ට බයේ හැංගිලා ඉන්නද? (ස)
ඕක නිසා තමයි දැන් ඉන්න අයගේ නිවාස කුලී, වතුර බිල් , විදුලි බිල්, රියදුරු බිල්, අරක්කැමි බිල්... එකී මෙකි සෑම බිලක්ම රජයෙන් ගෙවන්නේ. (නි)
එයත් ඉන්නවාද (අ)
අයියෝ ඕකවත් ගෙවා ගන්න බැරිද? (නි)
මේ සමහරු දැන් පාර්ලිමේන්තුවේත් නැහැ නේද? (නි)
තව කොහාට කොහාට පොළු තියලද කියලත් හොයලා බලන්න ඕනෑ (නි)
මේ අය ඒ කාලේ ගමට යන්නෙම නැතුව මෙහෙම හිටියද දන්නෙ නැහැ නේද? (නි)
මේ අය බලයේ ඉදිද්දි වගේම දැනුත් දුප්පත් අපිටමයි සෙත සලසන්නේ.අපි කොච්චර වාසනාවන්තද? (නි)
ඔන්න ජනතාවනි චන්දෙ දෙන්න ඉස්සරලා බලන්න ඕන ලිස්ට්එකක් (අ)
වංචනිකයන්ට ජාති, ආගම් භේද නැහැනේ. අනික ඉතින් ලොකු ඉස්කෝලේ කට්ටිය ඔහොම බව මුළු රටමත් දන්නවනේ. ලැයිස්තුව මෙච්චර කෙටිවීම ගැන සතුටු වෙලා හිත හදා ගම්මු. (නි)
පව් අසරණ මිනිස්සු , අපි වගේ නෙමෙයිනේ දුප්පත්නේ. අපිවත් මේක ගෙවලා දාමුද නිල්මිණි , මංජු ,අමිල? (නි)
මොකද මේ සීලට සේනාවම මතක් වෙන්නේ. මොකුත් වෛරයක් එහෙම තියෙනවද. කමක් නැහැ බනිනේ විද්‍යුත් මාධ්‍ය මගින්නේ. (අ)
අයියෝ! ඔයාලත් දෑත් ශක්තිමත් කොළා නම් ඉවරනේ. (නි)
මරණයට පත්වුනු අයටත් උසාවියට එන්න කියන රට ලංකාව විතරක් වෙන්න ඇති. මන්ද මෙහි වරදකරුවෙකු යැයි කියනු ලබන එම්.බී අබ්දුල් අසීස් යන අය මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන අතර මෑතකදී මරණයට පත්වූ ඔහුටද දැන් උසාවියට ඒමට සිදුව තිබේ. ආශ්චර්ය පිට ආශ්චර්ය. (අ)
අනේ පව්. දුප්පත් මිනිස්සු ටිකක්. (නි)
ඌරො ජීවත් වෙන්නේ කන්ඩ නිදියන්ඩ.අපේ රටේ ජනතාව කව්ද? (අ)
ගෙවල් දෙනකොට ඉපදුන තැන බලන්නේ ,ආසනේ නෙමි,නැතනම් චන්දන මන්ත්‍රී තුමාට ගෙයක් ලැබුනේ කොහොමද (අ) '
කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් (නි)
ලැජ්ජයි. රටට ආදර්ශමත් විය යුතු අය නේද මේ? (නි)
ජේ.වී.පී. කට්ටිය නැහැ නේද ? (නි)
බොහෝම හොඳයි අහන්නත් සන්තෝසයි, ජාති ආගම් බේදයකින් තොරව හැමෝම වාගේ ලිස්ට් එකේ ඉන්නවා, රට පෙරට යන ගමන් අපිත් යමු පෙරටම මෙයාලගේ කුලිය ගෙවලා දාන්න !(අ)
දුර බැහැර මන්ත්‍රීවරුන්ට නිලනිවාස දීමේදී අදාල කුලිය වැටුපෙන් අඩු කරගැනීමේ ක්‍රමවේදයක් සකසා නොගැනීම පාලන තන්ත්‍රයේ වරදක්. (ත)
දුර බැහැර මන්ත්‍රීවරුන්ට නිල නිවාස දීමේදී අදාල කුලිය වැටුපෙන් අඩු කරගැනීමේ ක්‍රමවේදයක් සකසා නොගැනීම පාලන තන්ත්‍රයේ වරදක්.සිතාසි නිකුත් කිරීමට ප්‍රථම ,ඒ ඇත්තෝ දැනුවත් කළා නම් ගෙවා දමයි.මට කනගාටු 1 වැනියට ඉන්න කෙනා නිහතමානි ,අවංක පුද්ගලයෙක්.ඉල්ලීමක් කළා නම් 19 දෙනාගේම කුලිය එතුමා ගෙවයි. (නි)
මේ රටේ මිනි මරන්නේ, මංකොල්ල කන්නේ, පොලු තියන්නේ, කරන තරමක් අපරාධ කරන්නේ බැලුවම දේශපාලකයෝනේ. ඉතින් කොහොමද එල්ලුම් ගහ ගේන්නේ? (නි)
හාමුදුරු නමකුත් පොලුතියලද? (ත)
අර සේනා මේ සේනා කෝ... හාමුදුරුනමකුත් ඉන්නවා මේ ලයිස්තුවේ.... මේවට කෑගහන්නේ නොර්වෙන් අනුමත කලොත් විතරද.(ත)
කොයි කාටත් බලය නැතුව ගියහම ඔය ටික තමයි (නි)
ජනතාව පත් කරන මන්ත්‍රීලා තමන්ගේ යුතුකම් නොකර රටේ මිනිසුන්ගේ යහපතට වැඩ කරාවිද? අනේ මන්දා මෙහෙමත් ශ්‍රී ලංකාවක් ..... (නි)
ශීලා, මොකද ඔයා සේනාව පස්සෙම එලවන්නේ. (නි)
අනේ අපොයි මේ නඩු දාලා තියෙන්නේ සේවය කරන්න ඇවිල්ලා පොල් සම්බෝල් එක්ක බත් කාලා තමන්ගේ තුට්ටු දෙකත් අපි වෙනුවෙන් වියදම් කරපු අපේ මහජන සේවකයන්ට නේද? ඒ මදිවට මේකේ තියෙන හොඳම ප්‍රවෘත්තිය බද්දේගම සමිත හමුදුරුවන්ටත් නඩු දාපු එකනේ. සමාජ වාදයේ හැටි පෙනෙනවානේ. අනේ මේ රජයේ නිලදාරීන් කරලා තියෙන්නේ මොන තරම් වැරදි වැඩක්ද.(නදී)
ශීලා කවුරු උනත් කියපු දේ නම් ඇත්ත. වංචාව බොරුව බෞද්ධ භික්ෂුවට අකැප දෙයක්. මේ වහන්සේලාගේ නම පමණක් නොව මුහුණේ පින්තුරෙකුත් පල කරනවා නම් ඒක ලොකු සේවයක් වේවි.(ස)
ඇමතිවරුන්ගේ ලිඝ්ට් බිල් රජයෙන් නොගෙවිය යුතුයි.(නදී)
ඔචුචර හොරකම් කරලත් ඒකවත් ගෙවලා නහැ. තව රටවල් පාලනය කරන්න හදනවා.(නදී)
මේ අය කුලී ගෙවන්න බැරුව දුක් විදිනවා පෙන්නේ නැද්ද මහජනයාට ? ලයිට් බිල වැඩි කරන්න අනුබලදීලා පෙළපාලි ගිය කට්ටියගේ ලිස්ට් එක අරන් එයාලට කියලා මේ බිල් ටික ගෙවා දමමු. තව ඇමතිලා ලයිට් බිල් ගෙවලා නැත්තම් ඒවත් එයාලට කියලා ගෙවන්න පිළිවෙලක් හදමු. අහිංසක ජනතාවගේ කරපිටට මේ දේශපාලුවන්ගේ පව් පුරවන්න එපා.(නදී)
අනේ පවු , ආපදා කළමනාකරණ ඇමතිට මේවා පේන්නේ නැද්ද දෙවියනේ.(නදී)