IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු මන්ත්‍රීගේ කීම පිට බොරු සාක්කි දී හිරේ යයි

අනුරාධපුරයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී බී දිසානායකගේ ඉල්ලීම පිට මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් නොච්චියාගම හැළඹවැව සරත් විජේසිංහට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළේය.

1994 ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ ආධාරකරුවකු වූ නොච්චියාගම පහමුණේගම සුනිල් සේනාරත්න මහතා ඝාතනය කිරීමේ නඩුවේදී තමා මුල සිටම බොරු සාක්කි දුන් බව විජේසිංහ කීවේය.

ඔහු නඩුවේ පළමු සාක්කිකරු විය.

නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් විපක්ෂ නායක (එජාප) සමරකෝන් රත්නායක ඇතුළු හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

සැකරකුවන් වසර 19ක් තිස්සේ දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා කීවේය.

 

 



අදහස් (0)

හිටපු මන්ත්‍රීගේ කීම පිට බොරු සාක්කි දී හිරේ යයි

ලුම්බිණි Wednesday, 04 September 2013 06:23 AM

හිටපු මන්ත්‍රී උසාවියට කල මේ බල පෑමට විරුද්ධව මොකුත් කරන්නේ නැද්ද? (නදී)

:       0       0

සංජීව Tuesday, 03 September 2013 05:16 PM

දේශපාළුවන් පස්සෙන් යන, ඒ අයගේ කුණු හෝදන අම්බරුවන්ට මේක හොද පාඩමක්, අනෙක් අයට මේකවත් ආදර්ශයක් අරගෙන හැදෙන්න පුලුවන්නම් හොදයි.(නදී)

:       0       0

අනුර Tuesday, 03 September 2013 07:57 PM

එක එක්කෙනාගේ කතාවලට අහු උනාම වෙන්නේ අතරමන් වෙන්න. දැන් ඉතින් පවුලේ අය දුක් විදිනවා නේද පවු. ඒත් නීයට ගරුකරන්න ඕනේ.(නදී)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 03:36 PM

මේක තමයි සත්‍යය, මිනිසුනේ තමන් හිතට එකඟව වැඩ කරන්න ඕන. නැතිනම් මුළු ජීවිත කාලෙම තමන්ගේ හිත ශාප කරනවා ...දැන්වත් තේරුනාද...බුදු ගුණ අනන්තයි ...!!!!දම් ගුණ අනන්තයි!!!! සඝ ගුණ අනන්තයි ..!!! (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 03 September 2013 03:44 PM

ඔන්න බලන්න දේශපාලුවන්ගේ කීමට අවනත උනාම වෙන වින්නැහිය.දැන් දේශපාලුවා අඹු දරුවන්ව බලයිද? (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 03 September 2013 11:26 PM

කාටත් ඕක තමා වෙන්නේ. මුළු ලෝකයටම සැගවුවත් තමන්ගේ හිතට හංගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site