හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය ගොනු කර තිබූ අභියාචන පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.
රවිරාජ් මහතාගේ බිරිය විසින් ගොනු කැරුණු මේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඇය හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු ඉදිරිපත් වූයේ නැත. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය පෙනී නොසිටීම මත මෙ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාදනාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පවුලේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණොත් කොහොමද? (නි)
බමුණු ආරච්චි, මගේ අදහස කියවන්න කලින් පුවත්පත් වාර්තාව හරිහැටි කියවලා තේරුම් ගන්න. දන්නේ නැති දේවල් කතා කරන්නේ ඔබයි. මා එසේ කියූ හේතුව ඔබට වැටහෙන්න නැත්නම් ඔබට අනුකම්පා කරනවා හැර මම වෙන මොනවා කරන්නද? (නි)
අගතියට පත් පාර්ශවයට නීතියේ සාධාරණත්වය ඉටුවී නොමැති බව මගේ නම් පුද්ගලික හැඟීමයි
තමන්ගේ පවුලේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණොත් කොහොමද? මම බොහොම සන්තෝස වෙලා පාටියක් දානවා නිදහස් කෙරුවට. (ම)
අගතියට පත් කොරන්න හැදුව පාර්ශවයට නීතියේ සාධාරණත්වය ඉටුවී ඇති බවටයි මගේ නම් පුද්ගලික හැඟීම.(ම)
හරියට මොලෙන් කල්පනාකරලා බලන්න, ඒගොල්ලන්ට සාධාරණයක් ඉටු නොවුණා නම් නඩුවට අවේ නැත්තේ. මේවා අපේ රණවිරුවන්ව තවත් අපහසු තත්ත්වයට පත් කරන්න දෙමළ ඩයස්පොරාව කරන කුමන්ත්‍රණ. (ම)
කියන්න නම් ගොඩක් දේ හිතට එනවා ,නමුත් මේකද සමාජ සාධාරණත්වය කියන්නේ , හරිම කනගාටුදායකයි, (බ)
ඩීල් එකක්ද එහෙම නැත නම් ජිල්මාට් එකද්ද? (බ)
එහෙනම් මිනීමරුවන්ට නිදැල්ලේ සිටීමට නීතිය පිහිට වෙලා ? (බ)
බමුනුආරච්චි, අද(සෙනසුරාදා 21) එක්තරා වෙබ්සයිට් එකක මේ කරුණ සම්බන්ධයෙන් පළවී ඇති පුවත බලන්න. තමා නොදන්නා දේවල් තිබෙන්න පුළුවන් බව එවිට තේරේවි! (නි)
චානක, ලොස් ඇන්ජලිස් වලත් නඩුවකින් නිවරදිකරුවන් වුණාම ඒගොල්ලෝ තවදුරටත් වැරදිකරුවෝ වෙනවද? නිවැරදි නිසානේ නිවැරදිකරුවන් බවට තීන්දු දීලා තියෙන්නේ. එ්කට එකඟ නැත්නම් අභියාචනා දලා උත්තර බඳින්න ඕනෑ. (නි)
අධිකරණය අපිට විශ්වාසයි (නි)
උසාවිය තියෙන්නේ අපේ දුක අහන්න අහලා සාධාරණ තීන්දුවක් දෙන්න තිබෙන තැනක් නේද? (නි)
චානක ලොස් අැන්ජලීස්, නඩුව දාපු මිනිස්සුම නඩුව අහන්න ඇවිල්ලා නැහැ. මෙයා නීතියට බනිනවා. නීතිය මොනවා කරන්නද නඩුව දාපු මිනිසුන්ට නඩුව එපා නම්. යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු. (නි)
රණවිරුවන් නිදහස් කළත් කමක් නැහැ. නමුත් නීතිවිරෝධී අණදීපු අයට දඩුවම් කළයුතුයි. මේ මිනිස්සු සියදිවි නසාගෙන නෙමෙයිනේ. සාක්ෂි වලින් හෙළිවූ දේවල් ගැන වැඩිදුර පරීක්ෂණ නැද්ද? (නි)
යහපාලනය කියලා තවමත් බැරිවුණානේ ස්වාධීන උගත් කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් පත් කරගන්න (නි)
ඩීල් එකක් වුණත් ජිල්මාර්ට් එකක් වුණත් මිනීමරුවන් නිදැල්ලේ සිටියත් නිදොස්කර නිදහස් කළ කෙනෙකුට නැවත එම චෝදනාව යටතේ නඩු දාන්න බැහැ. (නි)
මම නම් මේ තීන්දුව ගැන සතුටු වෙනවා (නි)
චානක, රොකී, දන්නා දෙයක් කතා කරන්න. තීන්දුව දුන්නේ දේශපාලුවෝ නොවෙයි ශ්‍රේෂ්ඨාධිකරණය (නි)