( ඉන්දිකා රාමනායක)
නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු කණ්ඩායමක් අත්අඩංගුවට ගත්හ.
පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට හිටපු පොලිස්පතිවරයාද නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස්පතිවරයාට අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වන බැවින් එහි නොපැමිණෙන බව ඒ මහතා දැනුම් දී තිබිණි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මහත්තයා නීතිය නම නම වංගු දම දමා හිටියා දැන් එයාට ඒ නීතියම බල්ටි ගහ ගහ දෙනවා. ලංකාවේ නීතිය සමානයි කිව්වට එහෙම නැහැ නේද..
උණ හැදිලා ඉන්න මේ අසරණ මනුස්සයාට මෙහෙම කරදර කරන එක හරිම කැත වැඩක්
මේවට කියන්නේ ජාතික අපරාද කියල