( ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වතු දමිල කාන්තාවන්ට අපහාස කලේ යැයිකියන සිද්ධියක් සම්බන්දයෙන් ලුණුගල අඩාවත්ත තේ වත්තේ කම්කරු කාන්තාවන් පිරිසක් අද(26) දින දවල්තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි පැයක් තිස්සේ උද්ඝෝෂණයක නිරතවිය.
 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අරවින්ද්‍ර කුමාර් නැමැති මන්ත්‍රිවරයා රජයෙන් වතු කම්කරු කාන්තවන්ට ලබාදුන් රුපියල් 5000ක මුදල සම්බන්දයෙන් ජනමාධ්‍ය හරහා කාන්තාවන්ට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරිම හේතුව නිසා උද්ඝෝෂනය පැවැත්විය.
 
බැනර් පුවරු අතතිව උද්ඝෝෂණයේ නිරතවුවන් කියා සිටියේ මන්ත්‍රිවරයා වතු කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවයි. මන්ත්‍රිවරයා සම්බන්ද කරගැනීමට උත්සාහ කළත් එය නොහැකිවිය.