ලංකාදීපයේ පළවූ ප්‍රවෘත්තියක තොරතුරු දුන්නේ කවුදැයි අසමින් තමාගෙන් බලෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් මරාදමන බවට තර්ජනය කළැයි ඇත්කඳුර ලංකාදීප වාර්තාකරු ජනත් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිරි ඇතුළු කණ්ඩායමකට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරඹූ බව පොලිසිය කියයි.
ජනත් ද සිල්වා යතුරු පැදියෙන් යද්දී ගෝනාපීනුවලදී බලෙන් බිමට බස්වා ඇදගෙන ගොස් ප්‍රවෘත්තියක මූලාශ්‍රය හෙළිකරන ලෙස තර්ජනය කර ඔවුන්ට ඕනෑ විදියට ප්‍රකාශයක් පටිගත කරගත්තැයිද පොලිසියට පැමිණිලි කළහොත් ගෙදරටම අවුත් මරා දමන බවට තර්ජනය කළැයිද විනාඩි 20ක් පමණ තමා බලෙන් රඳවාගෙන තර්ජන හා අඩම්තේට්ටම් කළැයිද හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
සාපාරාධී ලෙස රඳවාගැනීම, මරණ තර්ජන එල්ල කිරීම, බලෙන් ප්‍රකාශයක් ලබාගැනීම හා මාධ්‍යවේදියකුගේ රාජකාරියට අවහිර කිරීම යන කරුණු යටතේ එම පිරිස අත් අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ලංකාදීපයේ පළවූ පුවතක් වැරදි යැයි කියමින් හිටපු සභාපති එවූ පැහැදිලි කිරීමද පසුගියදා ලංකාදීප පත්‍රයේ පළවීමෙන් පසුව මාධ්‍යවේදියාට මෙසේ හිරිහැර කර ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මැරබලය හැමතම. මුන් අතුගාලා දාණ්ඩ ඕන (බ)
පොලිසියක් උසාවියක් හරියට නීතිය ක්‍රියා නොකරන රටේ ..මාධ්‍යවේදියෙකුගේ ඉරණම ගැන කුමන කතාද..? දැන් මාධ්‍යවේදීන්ට එදාට වඩා බලතල දීල තියනවා කීවා නේද? ඒ මේවද? (බ)
මැර බලය පාවිච්චි කරන අයට උපරිම දඬුවම් දෙන්න. (ර)
මම හිතාගෙන හිටියේ දැන් අපේ රටේ මාධ්‍ය නිදහසට අවහිරයක් නැහැ කියලා. (නි)
මේක පුදුම නීතියක්නේ. අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කරගත යුතුයි (නි)
එදා තිබුණු මැර බලයේ තරම තවම සම්පූර්ණයෙන්ම ගිහින් නැහැ. (නි)
බලය නැති වෙලාවේ හැසිරෙන්නේ ඔහොම නම්, ආයෙත් බලයට ආවොත් මොනවා වෙයිද (නි)
පොලිසිය කඩිනම් පියවර නොගන්නේ මොකද ?(ම)
මේ වගේ නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කලයුතුයි. බලධාරීන් මේවට නිසි ක්‍රියා මාර්ග නොගැනීම ප්‍රමාදකිරීම ලොකු වරදක් (නදී)
ජනාදිපති මෛත්‍රීපාල මෙයාට නීතිය කරාවිද බලමු.(නදී)
යහපාලන ආණ්ඩුවේ තවත් ප්‍රතිපලයක් (නදී)