ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සිය නිල රථයෙන් හමුදා මූලස්ථානයට යද්දී තර්ස්ටන් පාරේදී එම රිය ඡායාරූප ගත කළ බව කියන හිටපු නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව ගුවන් හමුදා ආරංචි කියයි.
මොහු ඡායාරූප ගත කළ පුද්ගලයා හිටපු ලුතිනන්වරයකු බවත් ගුවන් හමුදාපතිගේ ආරක්ෂාවට ගිය ගුවන් භටයන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් මිනිස්සු ඉදිරියේ එන්රිකේ බදාගෙන කිස් කරපු කෙල්ලගේ සදාචාරය ගැන මුලින්ම පරීක්ෂණ කරන්න (ම)
ලොක්කෝ යන තැන්වල පාරවල් දෙපස තියන ටීවී කැමරා සියල්ලම ගලවල දාන්නද කියන්නේ (බ)
මොනවා හිතාගෙන එහෙම කළාද දන්නෙ නැහැ (නි)
පමණ ඉක්මවායෑමක්. සැකයක් ඇත්නම් කරදර හිරිහැර නොකර සොයා බලන්න තිබුණා නේද? (නි)
ඉතින් දෙවියනේ මෙතන වරදක් කරලාද? ජංගම දුරකථන වලින් ෆොටෝ නොගන්නේ කවුද? හෙට අපිවත් අල්ලාගෙන යයිද දන්නෙ නැහැ. (නි)
මිනිසුන් රවටන්නට දේශපාලුවෝ දේශප්‍රේමය දොඩවනවා. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන දෙයක් නැත. (බ)
දැන් ඡායාරූප ගන්නත් නිදහසක් නැද්ද? (නි)
සමහරු හිතාගෙන ඉන්නේ තවමත් යුද්ධය ඉවර නැහැ කියලා වගෙයි. (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
අපිට දැනගන්න පුළුවන් වෙයි මොන අරමුණකින් එහෙම කළාද කියලා (නි)
අමරසේන මහත්තයෝ, මේ සිද්ධිය ඕගොල්ලන්ගේ කාලේ වුණා නම් මොකද වෙන්නේ කියලා දන්නවා නේද? (නි)
එයා වැරැද්දක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
රුවන්, මොකක්ද ඔය අමරසේනගේ කාලය? එහෙම එකක් අපි අහලා නැහැනේ (නි)
සමහරු නම් පාරේ වාහන වල යන විදියට ෆොටෝ ගහලා මදි. (නි)
අපි සමාජයේ, කල යුතු දේවල්, නොකළ යුතු දේවල් සහ අපේ සීමාවන් මොනවාදැයි හරියටම දැනුවත් වෙලා නැහැ. ඉතින් නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනවා. (බ)
මොකද ඒ? ෆොටෝ ගහන්න බැහැ කියලා රටේ නීතියක් සම්මතකර තිබෙනවද? (නි)
ජනාධිපති එක්ක සෙල්පි ගන්නත් පුළුවන් නම් මේ අයගේ ෆොටෝ එකක් ගත් එක මහා ලොකු දෙයක්ද? (නි)
දිනු දේශය අනතුරේ. කෝ මේ අපේ දේශප්‍රේමින්? (නි)