ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකි. ඔහුට විරුද්ධව අල්ලස් නඩුවකි.
ඔහුගේ බැංකු ගිණුමක් ගැන බැංකුව වික්ෂිප්ත වී සිටී. එය රහස් ගිණුමක්ලු. බැංකුව හිතුවේ එය පෞද්ගලික සමාගමක ගිණුමක් විය හැකි බවලු.
බැංකුවට කාරණේ වැටහුණේ කලක් ගතවුණාට පසුවලු. ඛනිජ ද්‍රව්‍යවලට ඔහුගේ ලොකු සම්බන්ධයක් තිබුණාලු. ඇතුළේ අය කියන්නේ ඔහු තම ජ්‍යෙෂ්ඨයා වෙනුවෙන් පෙනී සිටින බවලු. ඔහුගේ වත්කම් ඇත්තේ ලංකාවේ නොවේලු. ඔහු කලක් බලගතු පුද්ගලයකුව සිටියාලු. කෝකටත් තෛලයක් වගේලු. ගිය ආණ්ඩුව කාලේ දෙස් විදෙස් වැඩ සෝදිසි කිරීම ඔහුට බාරදී තිබුණාලු. එම කටයුතු අධීක්ෂණය කරන ගමන් ඔහු තවත් අධීක්ෂණයක් කළාලු. ඒ ඔහුගේ කලත්‍රයා යන එන තැන් සොයා දීමලු.
ඒකට ඔහු අධි තාක්ෂණයේ පිහිට පැතුවාලු. ඇගේ රියට අලුත් කෑල්ලක් හයි කළාලු. ආරක්ෂකයකුත් මේ බව දන්නවාලු. අධීක්ෂණ තොරතුරු දන්නේ අධීක්ෂකයාලු.
COMMENTS
ඔහොම හංගන් නැතුව කියන්න. මේ රටේ අහින්සක මිනිසුන්ගේ සල්ලි ඕවා.... (හේ)
හැමෝම ඔය වගේ තමයි.(හේ)
තව පුදුම හිතෙන දේවල් ඉස්සහට හමුවෙයි (නි)
විජේපාල, අශ්ව රේස් තෝරා තිබේද? ලිස්ට් එක අරගෙන සැකසහිත උන් අඩුකර, දෙන ලද දත්තයන්ට අනුකූලව කොටසක් කපාහැර ඉස්පිරිට් එක ගන්න. ඒ අතර දිනන්නා සිටියි. (නි)
හැබැයි ඩුබායි තිලක්, ඒගොල්ලන්ගේ පැටිකිරිය කෙසේවෙතත් සුපිරි මගේ යද්දී නම් මට මතක්වුණේ ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය වැනි වූ වෙනත් රටවල් හතරක්. ඒ නිර්මාණය ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. (නි)
මේ වෙනකොටම රට හදන වැඩපිළිවෙල පටන් අරගෙනයි තියෙන්නේ. කම්බා හොරු, කුඩු මුදලාලිලා, කුඩු ගෙන්වන්නෝ සියල්ලෝම සිය කැමැත්තෙන්ම ඇවිල්ලා රජයට බාර වෙනවා. ඒ ජීවත්වීමේ ආශාව නිසයි. (නි)
කම්බා හොරු ගැන පරීක්ෂණ කරන ඇමරිකාවත් ලෝකයේ තිබෙන බැංකු මුදල් ගැන පුදුම වෙලා තියෙන්නේ මේ තරම් මුදල් ධනස්කන්දයක් හොරා කෑවේ කොහොමද කියලා වෙන්න ඇති. (නි)
රාජපක්ෂලා තවත් අවුරුදු 2 ක් රට පාලනය කළා නම් අපේ රට ඉතියෝපියාවක්, සෝමලියාවක්, උගන්ඩාවක්, ස්වාසිලන්තයක් වෙන එක වළක්වන්න බැහැ. (නි)
අපිට ඉතින් අබ සරණයි! (නි)
ලංකාවේ පාඨකයා කොච්චර මෝඩද කියලා හිතෙනවා. ඡන්ද කාලේ රැවටුනා වගේ මොකක්හරි අාරංචියක් ආවම හරි වැරදි මොකක් වුණත් කැමති විදියට බාර ගන්නවා. මේකත් හරියට ලැම්බෝගිනි කාර් වගේ. (නි)
ජනතාවගේ මුදල් හොරකම් කරපු අය කැමරා වලට විරිත්ත විරිත්තා රිමාන්ඩ් එකට යන්නේ බොහොම සන්තෝෂයෙන්. දන්නවනේ කොහොමත් ටික දවසකින් එළියට දමනවා, ඇතුළෙදි හොඳ සැප ලැබෙනවා කියලා. තවම් මේ කිසිම කෙනෙකුට විරුද්ධව චෝදනා ඔප්පු කරගන්න බැරිවෙලා තිබෙන්නේ ඇයි? (නි)
දැන් මූල්‍ය අපරාද අංශය මේ උතුමා ගැන මොකද කියන්නේ? (ම)
ඔය එළිවෙන්නේ ටික ටික (නි)
මොන පිස්සුද? හොරකම් කරලා තියෙන එක දේශපාලනයට සුදුසුකමක්. බලන්නකෝ වීරයෙක් පිළිගන්නවා වගේ මිනිස්සු එකතුවෙලා නාමල් මහත්තයා පිළිගන්න හැටි (නි)
නම කියන්නකෝ අපිටත් දැනගන්න (නි)
ඇයි මේ ගිණුමෙහි නම නොකියන්නේ?සත්‍ය සහ සම්පුර්ණ තොරතුරු දෙනවා නම් අගයකරන්නෙමු (නි)
මම නම් දන්නවා නම. (නි)
මහජනතාවට අබ සරණය තමයි (නි)
සිරිසේන, එහෙමත් නැත්නම් අන් අයට සරණ වුන කෙනෙක්ද දන්නේ නෑ නේද (බ)
නෙලුම්,ඔබ තමා මෝඩ. වෙන කියන්න දෙයක් නැහැ (නි)
ඔහු ගුණය වර්ධනය කරපු කෙනෙක්ද ? (බ)
මට නම් හිතාගන්න පුලුවන් කවුද කියලා (නි)
ඔහු කවුද කියා මම නම් දන්නවා (නි)
"දෙස් විදෙස්' කටයුතු අධීක්ෂණය කලේ කවුද කියලා හිතාගන්න අමාරු නැහැ (හේ)
කවුද මේ පුද්ගලයා.(හේ)
මේ දේවල් අහපුවම අපිත් පුදුම වෙනවනේ.(හේ)
කියන කතා, කෙරෙන වැඩ අහනකොට දකිනකොට පේනවා නේද දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. දැන් ඉතින් ජනතාව ගතයුතු තීරණය මොකක්ද? (නි)
ඩුබායි තිලක්ට තියෙන්න රාජපක්ෂ භීතිකාව...අපිටනම් එහෙම භිතීකාවල් නැහැ. රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි රට නව තැනකට ගෙනාවේ..නැත්නම් තවමත් ඉතින් මරලතෝනි තමයි හැමදාම..ඔය කියන හිටපු ඇමතිවරයා තමයි හිටපු ආණ්ඩුවෙ පරිහානියට ප්‍රධාන හේතුවක් වුනේ..හැබැයි දැන් එයා කොහෙද ඉන්නෙ කියන එකත් දන්නවනෙ..(බ)
නම හොයන්න සරණක් පතන්න වෙයි (ම)
කවුද කියලා අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
කෙළින් කියන්නකෝ නම මොකක්ද කියලා (නි)
අයියෝ අසරණ සරණ (ම)
අපිට නම් පුදුමයක් නැහැ (නි)
ගුණවත් අයට සරණ වීමෙන් මේ විපතෙන් රට බෙර ගන්න පුළුවන්. (අ)