රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් අද (15) ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර පොලීසිය හරහා මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසට ඉල්ලා ඇත.
මහින්ද රාජපක්ෂ සමයේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලිම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ නියෝගය ලබන 18 වැනි දා ලබාදීමට තීන්දු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු නායකයා යන යන තැන සෙල්ෆි වල මෙයත් හිටියා නේද. (නි)
කෙසේ හෝ අල්ලා ගත යුතුම මෝරෙක් බව පෙනේ. (ර)
මේවා බල බලාද රාජපක්ෂලා අායෙත් බලයට පත්කරන්න දඟලන්නේ? 8 වෙනිදා යහපාලනය නොඑන්න රට සුනේ සුන් (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)