ගිය රජය කාලයේ අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ රන් බඩු හා වෙනත් වටිනා භාණ්ඩ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ටගෙන් පැය තුනක් ප්‍රශ්න කළේය.
ඔහු එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව සිටි බව කියති.
රාජසන්තක කළ වාහනයක් පුනරුත්තාපනය කළ සැකකරුවකුට බාර දුන්නැයි කියන සිද්ධියක් ගැන ද ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන්ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල පොලිස් පරිසර ලොක්කගේ හෝටලය හදන්න සල්ලි කොහෙන්ද. අනවසර ගරාජ රකින ලොක්ක. (බ)
ඕක මුලින්ම අහන්න ඕන හිටපු ආරක්ෂක ලේකම් ගෙන් හා හිටපු ජනාධිපතිගෙන් නේ , කෝ එම රත්තරන් වලට මොකද වුනේ ජනශක්ති රක්ෂණ සමාගම හරහා රත්තරන් කිලෝ 5000 ක් රට යැව්වේ කොහොමද කියල අහන්න බැරි ඇයි.(බ)
පසුගිය ආණ්ඩුවේ නායකයින්ට දෙමළ ජාතිකයින් හොඳ මදි වගේ. නමුත් ඒ මිනිසුන්ගේ රත්තරන් හොඳයි. (නි)
අතුල වගේ දන්නා අය ඔන්න ඔහොම කියන්නකෝ මහත්වරුනේ. (නි)
අතුල, ඔයා ඒ තොරතුරු හොඳට දන්නවා නම් ඇයි වහාම පොලිසියට ඒ සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ? නඩුව ඉක්මනට විසඳාගන්න වහාම ඉදිරිපත්වෙලා ඒ යුතුකම කරන්නකෝ. (නි)