මාලබේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුවකු පැහැරගෙන ගොස් තුවාල කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන හිටපු ඩීඅයිජී වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය අද (5) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා එම නඩුවට බන්ධනාගාරයේ සිට අද රැගෙන විත් නොතිබීම නිසා එම නියෝගය නිකුත් කැරිණි. නඩුවට සැකපිට 8 දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාගම දහමට නැඹුරුව ජීවත් වියයුතුයි. එවිට මෙවන් ගැටළු ඇතිනොවේ
මෙයා රටේ නම තියාගෙන හොඳට වැඩ කරපු කෙනෙක්. මෙයාට නඩු කීයක් පටලවලද? මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා. (බ)