(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
එවැනි පසුබිමක මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බවද මන්ත්‍රීවරයා කීය.
වසර තුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් කිසිවක් කරකියා ගත නොහැකි වූ යමපාලන ආණ්ඩුව තෙවර්ෂ පූර්ණය සමරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් දඩයම් කරමින් බවත් ජනාධිපතිවරණය දිනෙන් දිනම ලංවීමත් සමඟම මෛත්‍රී - රනිල් දෙබෑයන්ගේ කකුල් වෙව්ලන්නට පටන් ගෙන තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මොන දඩයම් කළත් තව වසරකින් මහින්ද ප්රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීමට නොහැකි බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න බොරු නොකියා.. යාපන පහරදීම එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත තව ගොඩක් තියනවා...
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත වගේ මාධ්‍යවේදීන් හිටපු ජනපතිතුමාගේ හොඳම මිතුරන් වෙන්න ඇති නේද? ගොනා වුණාට උම්බෑ කියන්න එපා කියලා බී.ඒ. සිරිවර්ධන කියාපු කතාව නම් සත්තකින්ම ඇත්තයි.
ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ එහෙමත් හොඳ යාලුවෝ. මේ වගේ අයටද මිනිස්සු ඡන්දෙ දෙන්නේ..
වහලෙක් වුණත් අවංක වහලෙක් විය යුතුයි. ඇත්තෙන්ම ඔබතුමා ගැන අපි සතුටු වෙනවා. මනුෂ්‍යයින් කාලා දාන දේ කන අයට ඔය වගේ කතා කියන එක සුලු දෙයක්...
ඇයි හොඳ මිතුරියෙක් සිටියේ පෙඩ්රිකා ජෑන්ස් කියලා...
මාසෙකට සැරයක් විතර දැනුත් මාධ්‍යවේදීන්ට අරලිය මන්දිරයේ දාන හා මත් වතුර සල් පවත්වා ගතමනාවක් දුන්නා නම් දැන් ඉන්න ලොක්කොත්, මාධ්‍යවේදීන්ගේ මිතුරන් බවට ඉබේම පත් වේවි. ඒ දවස්වල භුක්ති විඳපුවාට තමයි ඇතැමුන් තවමත් කඹුරන්නේ....
හිනා වෙන්නද?
අපේ රටේ මාධ්‍යකරුවන් ගම් කුකුලන් මෙන් තමන්ට ඇවැසි ටික පමණක් අහුලාගෙන කෑම සාමාන්‍ය සිරිතයි.
මේ මහත්මයා හොඳ උස මහත කෙනෙක්. හැබැයි ඇඟේ හැටියට මොලේ ටිකක් මදි වගේ...
එතුමාගේ හිතවත් මාධ්‍යවේදීන්ගේ “රට යන අත”, “විමසුම ” ආදියෙන් අප ලද වින්දනය ඇති විශිෂ්ටයි..
බත් කන හරක් ඉන්න විත්තිය නම් අපි දන්නවා.
චේතිය රජතුමාගේ පරම්පරාවෙන් ද?
පත්තර කන්තෝරු ගිනිගන්නකොට තමයි එකේ සත්‍ය වැටහුනේ නියම මිතුරෙක් කියලා
දැන් මොවුන් රටේ පත්වෙලා ඉන්නේ දේසපාලන අනාථයෝ ලෙසටයි . වුනු අපරාධයට පව් කියලත් හිතෙනවා ..