පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
සන්නද්ධ හමුදාවලට පොලිස් බලතල පවරමින් නිකුත් කෙරෙන රෙගුලාසිවල පදනම මත ඔහු හමුදා කැඳවා ඇතැයි එම පක්ෂය කියයි.
‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අධ්‍යාපනයට 6% ආවේ කාගේ අරගලයෙන්ද ? පොඩි වුණත් ජනතාව මේ දේශපාලන පක්ෂය වටා එකතුවෙන්න ඕනෑ. (නි)
මේවාට වගකිවයුත්තේ කවුද? (නි)
හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් මේ වෙනකොට තත්ත්වය සෑහෙන වෙනස් වෙන්න තිබුනා.නැවත විපක්ෂයක් කියලා නායකයෙක් බිහිනොවෙන්නම වැඩ සිද්ධවෙන්න ඉඩ තිබුනා.මේ ගැන පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවාමයි. (නි)
ජනපතිතුමනි, අපි නම් සැමදා ඔබ සමඟයි. ඔබට සුඛී දීඝායුකෝ භව! (නි)
අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි, ඔබට ජයවේවා! (නි)
මොකද මේ අය මෙච්චර හමුදාවට, පොලිසියට බය? පොලිස් බලතල, යුධ, නාවික හා ගුවන් හමුදාවන්ට පැවරුවා කියලා සාමකාමී පුරවැසියන් වන අපේ නම් කිසිම මූලික අයිතිවාසිකම් කඩවුණේ නැහැ. (නි)
ගමගේ, ඔහේට මෛත්‍රීට කඩේ යන්න තියන අයිතියම දිනේෂ්ට මහින්දට කඩේ යන්නත් තියනවා. එ්කයි ප්‍රජාතන්ත්‍රවාදය (නදී)
දිනේෂ්, ඔබ ජනපතිතුමා සමඟ වුණාට ඔබ සමඟ එතුමා සිටිනවාද? ඒ නිසා කරුණාකරලා කට වහගන්න (නි)
ජනාදිපතිතුමනි කවුරු මොනවා කිව්වත් අප ඔබ සමගයි (නදී)
අයුතු ලෙස බලය පාවිච්චි කළා නම් ඊට වගකිවයුතුයි (නි)
අමරණීය විරුවාණෙනි, අපි සැමදා ඔබ සමඟයි (නි)
මෙයාලාගේ සමහරු ලංකාවේදී එක කතාවක් ඕස්ට්‍රේලියාවෙදී තව එකක්. (නි)
අපි පසු කළේ දින ගණනයි. ඔබ තුමාගේ වටිනාකම අපිට මහමෙරක් වගෙයි. අපේ රටට ඔබේ සේවය හොදටම දැනෙනවා. ඔබයි අපේ වීර නායකයා. (නදී)
විශ්‍රාම ගියත් විධායක ජනාධිපතිවරයකු බලයේ සිටි කාල සිමාව ඇතුලත සිදු කරන ලද හෝ සිදු නොකරන ලද වගකීම් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවිය හැකිද යන්න ප්‍රශ්නයක්. (නදී)
කාට කඩේ ගියත් හරි දෙය වෙනුවෙන් යායුතුයි. නැත්නම් ඒ කඩේ යාමෙන් වැඩක් නැහැ. දිනේෂ් මහත්තයගෙ කඩේ යාම වැඩක් නැත්තේ ඒකයි. (නදී)
මෛත්‍රී පාලනය කියන්නේ කුඩු ගෙන්වපු අයට, ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මෛත්‍රී කරලා නිදහස් කරන එක නම් නෙමෙයි. (නදී)
ඉදිරියේදී එක බෝම්බයක් පිපුරුවා නම් හරි. උතුරේදී එක සිංහලයෙක් මැරුවා නම් තේරෙයි හිටපු ජනපති අගය. දැනටමත් හමුදාව බාගයක් අයින් කරන්න තීරණය කරලා ඉවරයි. (නදී)
හිටපු ජනපතිතුමනි, දසවසරක කාලය තුළ යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දී රට යෝධ සංවර්ධන මාවතකට යොමුකළ ඔබගේ මෙහෙවර සදා අමරණීයයි. අපි සැමදා ඔබ සමඟයි (නි)
මුලික අයිතිවාසිකම් ගැන කතා කරන්න ගියොත් කාට කාටත් නඩු ලක්ෂයක් විතර වැටේවි. (නි)
මෙතන කවුරු හරිද කවුරු වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නය. දුෂණය භීෂණය කියන දේ නැත්තටම අතුගාලා දාන්න ඕනෑ අපේ රටෙන්. නැතුව කවදාවත් මේ රට ගොඩගන්න ලැබෙන්නේ නැහැ (නි)
අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි, ඔබට ජයවේවා (නදී)
මේ දවස් වල ලංකාවේ නීති වේදියෝ තරම් හම්බ කරන වෙන කොට්ටශයක් තවත් නැතිව ඇති. අප්පච්චියේ නඩු කීයක්ද? අරය මෙයාට නඩු දානවා. මෙයා එයාට නඩු ෆයිල් කරනවා. එයා අනෙක් එක්කෙනාට චෝදනා කරනවා. තව කට්ටියක් එකතු වෙලා උසාවි යනවා. මම බැලුවේ පිවිතුරු යහපාලටයි ඇසිලින් නෝනාටයි ඇරෙන්න ලංකාවේ හැම කෙනාටම මෙහෙම බලන කොට නඩු වැටිලා ඇති. (නදී)
ඔබ තමයි තවමත් අපේ ජනපති. (නි)
මම හිතන්නේ මිනිස්සුන්ට හිතේ හැටියට නඩු දාන්න වටපිටාවක් තියෙන්නෙත් දැන් තමයි. ඔය විපක්ෂයේත් දෝෂාභියෝග අවනඩුවක් තියෙන්නේ. පසුගිය කාලයේ තමන්ගේ ප්‍රශ්නෙකට කට අරින්නවත් පුළුවන් උනේ කීයෙන් කි දෙනාටද ? (නදී)
හමුදාව කියන්නේ හමුදාවට. පොලිසියට නෙමෙයි. පොලිසිය කියන්නේ හමුදාවට නෙමෙයි. හමුදාව රාජකාරි කල යුත්තේ හමුදා පනත් යටතේ. පොලිසියේ රාජකාරි පරාසය හමුදාව දන්නේ නැහැ. පොලිස් බලතල හමුදාවට පවරනවාට විරුද්ධ නැහැ හැබැයි පොලිස් රාජකාරි වපසරිය හමුදා සෙබලුන්ට පුහුණුකර ඔවුන් "සාම නිලධාරීන්" ලෙස අදාල පනතට ඇතුලත් කල පසු. (නදී)
ඇසළ, ලහිරු, එක සිංහලයෙක් නෙමෙයි එක මනුස්සයෙක් කියලා හිතන්න. (නි)
තවමත් කොටි සෙල්ලම් මතක් කර කර අමරණිය නායකත්වයක් ගැන කතා කරනවා. අපි ඒකට සුදුසු ගරුත්වය දෙනවා. නමුත් ඒ පුද්ගලයා හැරෙන්න මේ රටේ ඊළඟ කල්ප ලක්ෂයකට සුදුසු නායකයෙක් පහළ වෙන්නේ නැහැ කියලා අතිශයෝක්තියෙන් ඇදහීම නම් මේ රටේ අනාගතයට හොඳ මදි. (නි)
කරලා තිබන දේ දකිනකොට උල තියන්න ඕනා (නදී)
තල වැපුරුවොත් ලැබෙන්නෙත් තල අස්වැන්නක්. මුං වැපුරුවොත් ලැබෙන්නෙ මුං අස්වැන්නක්. එසේනම් හැම දෙනෙක්ම කළ කී දේවල් වලට නිසි දඬුවම් ලැබිය යුතුයි.කුමන පුද්ගලයෙක් වුවත්. (නි)
මම නම් දන්නා විදියට විධායක ජනාධිපති කෙනෙකුට එරෙහිව අධිකරණයට යන්න බැහැ. (නදී)
ඇසල, ඔච්චර නපුරු වෙන්න එපා. (නි)
පෙරටුගාමින් සරසවියේදී කල කි දේ නම් අපිට හොඳට මතකයි. ඉගෙනීමට බාධා ඇති වෙලා අවුරුදු කීයක් නිකරුනේ අපි එතනට නාකි වුනාද ? (නදී)
මේ මොකද? මෙයාලා දැන් ධනපති නීතියටද වැඩ? (නි)
ඇසළ වගේ උදවිය අතීතයේත් ලංකාවේ හිටියා. දැනුත් ඉන්නවා. ඉස්සරහටත් උපදිවී. ලේ වැගිරීමක් සිදු වෙලා හෝ කාට හරි විපත්තියක් කරලා හරි තමන් කැමති නායකයාව බලයට ගේන්න වලි කන මිනිස්සු ඉපදීම මේ රටේ අවාසනාවක්. (නදී)
ඇසළ, ඔයාගේ තිබෙන්නේ මොන වගේ දේශපාලන ප්‍රතිපත්තියක්ද කියල ඔය කියපු බෝම්බ කතාවෙන් අපිට පේනවා. චිකේ අර පිවිතුරු බන්දුල යහපාලවත් ඔහොම පහත් කතාවක් මෙතන ලියල නැහැ. (නදී)
උතුමාණෙනි, බය නැතුව ඉදිරියට යන්න. අපි සැමදා ඔබ සමඟයි (නි)
ඔය කල ප්‍රකාශය වගකිමෙන්ද ඇසළ ඔබ මෙතන ලිව්වේ ? ඔබ කැමති හැටියට, බෝම්බයක් හරි පිපිරිලා එහෙම නැති නම් මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙලා හරි යම් පුද්ගලයෙක් බලයට පැමිණීම අනුමත කරනවා. මොන විදියේ මනුස්සයෙක්ද ඔබ ? (නදී)
ඇසළ වගේ අයගේ අදහස් දැක්කාම එදා අර ජනවාරි 9 වෙනිදා උදේ පාන්දර සිද්ද වෙන්න ගියා කියන දෙය ගැන අපිට හිතා ගන්න පුළුවන්. (හේ)
මට ප්‍රශ්ණ දෙකක් තියෙනවා. කැමති කෙනෙක් උත්තර දෙන්න බලන්න. මහ පක්ෂ දෙකේම හොරකන් නොකරපු එක් කෙනෙකුගේ නමක් හා කෙළෙහි ගුණය කියන එක සිංහල අයට තියෙනවද කියල තමන්ගේ පපුවට තට්ටු කරලා බලල ඔව්ද නැද්ද කියල කියන්න. (නදී)
බන්දුල නඩරාජා පෙරේරාට ජයවේවා. (නදී)
මට ප්‍රශ්න දෙකක් තියෙනවා, කැමති කෙනෙක් උත්තර දෙන්න බලන්න.ප්‍රධාන පක්ෂ දෙකේම හොරකන් නොකරපු එක කෙනෙකුගේ නමක් හා කෙළෙහි ගුණය කියන එක සිංහල යට තියෙනවද කියලා තමන්ගේ පපුවට තට්ටු කරලා බලලා ඔව්ද නැද්ද කියලා කියන්න.(හේ)
මේ හැමදේටම මුල යුද්ධය අවසන්කළ එක කියලයි මම හිතන්නේ (නි)
යුද වීරයාට ගරු කරමු. (නදී)
පන්නමු හොරු රැල රටින්ම .(හේ)
හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ගිය අයට දෙන්න ඕනේ දඩුවම දෙන්න කල් ගත වුණා වැඩියි. ලිබියාවේ ගඩාෆිට වගේ පැය 24 රෙන් පිළිතුරු නුදුන්නු එකට කවදා හෝ දවසක අපිට විදවන්න සිද්ද වෙනවා. හරියට සුනාමියෙන් කෝටි 8.5ක දුෂණයට දඩුවම් නොදී තියන් ඉදල අද වෙනකොට රටම විනාස කළා වගේ විනාසයක් ඉදිරියේදීත් අපිට බලා පොරොත්තු වෙන්න සිද්ද වෙනවා. (නදී)
ඔබ තුමා රටටට ඕනැ වෙන දවස වැඩි ඈතක නොවේ. ඔබට චිරන් ජයතු. (නදී)
මේවට දඩුවම් දෙන්නම ඕනා. අපේ ඡන්දෙන් ගිහින් අපිව ගොනාට අන්දලා කාබාසිනියා කරපු දනස් කන්දේ දිහා බැලුවම ? (නදී)
යුද්ධය දිනුවා කියලා රට විනාශ කරන්න දෙන්න කැමති කවුද? (නි)
ආයුබෝවේවා මහරජාණෙනි! (නි)
යුද්දයෙන් මොළ හෝදපු අපි ඉස්සර බලන් හිටියේ යුද්දය ජයග්‍රහණය කරන හැටි විතරයි. ලසන්තලා, ප්‍රගිත්ල කියපු මිග් යානා ගනු දෙනු, කෆීර් යානා ගනුදෙනු, පත්තු වෙන හැම බුලට් එකකින්ම එකතු වෙන ඩොලර් දනස් කන්දය ගැන කියපු දේවල් අපිට ඇහුනේ නැහැ. නැවත අපිව පුනුරුත්තාපනය කරලා නැවත යතා තත්වයට පත් වෙනකොට රටට වෙන්න ඕනේ විනාසය සිද්ද වෙලා ඉවරයි. (නදී)
දවස් 100ම නඩු වලටම ගෙවෙයි නේද? (නි)
සමහරු තවමත් පරණ ජනපති සමගයි කියල කියන්නේ චෝදනා ඔප්පු උනත් ඔහු සමගයි කියන එකද. ඒ කියන්නේ තමන් ප්‍රවේනි දාසයෝ මිසක් පුරවැසියෝ නොවන බවයි. (නදී)
වහාම විභාග කරන්න. ජනතාවට අයිතියක් තියනවා දැනගන්න. මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. (නි)
අපිට නිදහස් රටක් ලබාදුන් ඔබ සමඟයි අපි සැමදා. ඔබට දීර්ඝායු! (නි)
ආ තාමත් කට්ටිය මේ හොරුන්ට ගොට්ට අල්ලනවා (නදී)
බලාගෙන ගියාම පුදුම වැඩනේ කරලා තියෙන්නේ.... (නි)
අපි ඔබ අමතක කළේ නැත මැතිඳුනි! (නි)
අපි ඔබ සමඟයි සැමදාම ජනපතිතුමනි. අපි තවම සිතන්නේ ඔබතුමා ගැන පමණි. අපේ එකම නායකයා ඔබතුමායි. චිරන් ජයතු! (නි)
කවුරුහරි රටක නීතිය කඩනවා නම් කවුරු කළත් ඒක වැරදියි. මොළය ටිකක් හරි ඇත්නම් මෝඩකතා නොකියා ඉන්න. (නි)
සමහරු තවමත් තේරුම් අරගෙන නැහැනේ! (නි)
පෙරටුගාමී නොවී පසුගාමී වැඩ නම් කරන්න එපා (නි)
අප ජනාධිපති මහින්ද රාජපක්ෂතුමනි, මේ පළිගැනීම් තුළින් ඔවුන් පිරිහෙනවා ඇති. එතැනින් ඔබේ ආරම්භය පටන්ගනු නියතයි (නි)
එතුමාගේ වචන වලින්ම හඳුන්වපු බුද්ධිමත් ජනතාවට සාධාරණයක් ඉටුකළා නම් නඩු වැටෙන්නේ නැහැනේ. (නි)
සමහරු ජනප්‍රිය වෙන්නට ක්‍රමයක් සොයනවා වාගෙයි (නි)
රුවන් - ඔස්ට්‍රේලියාව,පසුගිය ආණ්ඩුව තරම් හොරකම,දුෂණය,වංචාව වැපුරු වෙනත් ආණ්ඩුවක් තිබුණේදැයි මට කියන්න.(හේ)
හැමදාම රජකරන්නත්, නොමැරී ඉන්න හිතාගෙනත් කළ දේවල් වල ප්‍රතිඵල දැන් සමහරු විඳිනවා (නි)
සමහරු අදහස් පළකරන්නේ මැරිලා ඉපදුනා වගේ එක මාසෙට. උදේ ගෙදරින් ගිය කෙනා නැවත ගෙදර එන එකවත්, යන එකවත් විශ්වාසයක් නැතුව තිබුන රටකට කොන්ද පණ තියාගෙන පිටරටවල තර්ජන වලට අවනත නොවී ත්‍රස්තවාදය නැති කරන්න නායකත්වය දුන් එකේ කළගුණ සළකන්න අපේ මිනිස්සු ළඟ මනුස්ස ගතිගුණ නැති එක පුදුමයි.හිටපු ජනාධිපතිගේ අඩුපාඩුකම් තිබුන නිසා එතුමා ඡන්දෙන් පරාජය වුණා.තවත් මොනවාද කරන්න තියෙන්නේ? (නි)
අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි. ඔබට ජයවේවා! (නි)
ඡන්දය ඉල්ලනකොට 'විධායක ජනපතිකම' නැහැ. තවත් ජනාධිපති අපේක්ෂකයෙක් විතරයි. නඩු දාන්න පුළුවන් ඒ කාලයේදී කළ දේවල් වලට. (නි)
ගඩාෆි, මුබාරක්, සදාම්හුසේන්, බෙන් අලි යන අය සැප වින්ඳත් තෙල් සම්පතින් ජනතාවට යමක් කළා, දුප්පත් අයට උදවු කළා. ඒත් මෙහේ එහෙමද? (නි)
ජනාධිපතිතුමනි, ඔබට බුදු සරණයි! (නි)
රට බේරගත්තාට වැඩිය රටට විනාශයක් කර තිබෙනවාද කියා තේරුම් නොගන්නේ ජනතාවගේ මොළ සේදී ඇති නිසාද? (නි)
එතුමාව හැම පැත්තෙන්ම හිරකරන එක වැරදියි (නි)
මේ වගේ අයට මිනිස්සු ඡන්දත් දුන්නද? (නි)
තවමත් පැවති රජයට කඩේයන අය ඉන්නවනේ? (නි)
මිනිසුන්ට තවත් ලැජ්ජා නැහැනේ! (නි)
සංචාරක වීසාවකින් ලංකාවට පැමිණ මෙරට දේශපාලනය පහුරුගාන උදවියටත් නඩු දැමිය යුතුයි. (නි)
මේ අය බයවෙලා දගලන්නේ මහින්ද මහත්මයා නැවත ඡන්දයකට ඉදිරිපත් වෙයි කියලා .(හේ)
මහින්ද මහත්තයාට පෙරටුගාමීන් බයයි වගෙයි (නි)
අනාගතයේදීවත් බලයෙන් මාන්නයෙන් හිස උදුම්මාගෙන නාඩගම් නටන්න කවුරුවත් එන්නේ නැහැ මේ විදියට නඩු දැම්මහම. (නි)
ඡන්දෙන් පසු හැමදාම දකින්නේ වෛරී දේශපාලනය? කෝ මෛත්‍රී දේශපාලනය? ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ (නි)
ඔන්න තවත් නඩුවක් වැටිලා. අනුන්ට කරන දේවල් පාරා වළලු වගේ තමන්ට ආපසු එනවා. (නි)
සැමදා අපේ ජනපති ඔබමයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
වැරදි කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
අපි ඇත්ත දකිනවා (නි)
නඩු දදා කාලය නාස්ති නොකර යුද්දයෙන් බේරාගත් රටට ආදරයක් ඇතිනම් සහයෝගය දෙන්න. දුෂණයෙන් තොර රටක් ගොඩනගා තවත් රට සංවර්දනය කරන්න. එය තමයි ප්‍රයෝජනවත්ම දේ රටේ පුරවසියන්වන අපට (නදී)
දැන් මේ දේවල් ඇති. අපිට වැඩකරලා පෙන්වන්න (නි)
කපිල, ඒ නීතිය අපි දන්නෙම නැතුව වෙනස් වෙලා වගෙයි නේද? අන්න ඒකයි ප්‍රශ්නය! (නි)
නඩරාජා, ඔබ කියන විදියට එහෙනම් වැරදිකරුවෙකුට විරුද්ධව ඒ අගතියටපත් කෙනාට නඩුවක් පවරන්න බැහැනේ! (නි)
කපිල මහත්තයෝ, ඔබතුමාට වැරදිලා. බලයේ ඉන්නතුරු බැහැ. බලය නැතිවුණ දාට පුළුවන්. (නි)
නඩරාජා, මම මේ නඩුව ගැන නෙමෙයි අහන්නේ. ඔයා කියන විදියට එතකොට මේ රටේ වැරදිකාරයන්ට දඬුවම් ලැබෙන්න විදියක් ඇත්තෙම නැහැනේ. කුඩු ගෙන්වපු අයට, ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මෛත්‍රී කරලා නිදහස් කරන්න ඕනෑ. එහෙමද? (නි)
ජනපතිතුමනි, අපි නම් සැමදා ඔබ සමඟයි (නි)