ජනධිපතිවරණයට පසු දින (2015 ජනවාරි 09) රාත්‍රී දිවයිනෙන් පිටව ගිය හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (21) දිවයිනට එන බව කියතත් ඔහු පිළිගැනීමට නොයෑමට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බස්නාහිර පළාත් සභා සහ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ඇමෙරිකා පුරවැසියකු ද වන හිටපු ඇමැති අඟහරුවාදා පස්වරු 1.32ට පමණ කටුනායකට ළඟා වීමට නියමිත බවත්, එම වෙලාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එම සාකච්ඡාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ගම්පහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිවරයා ඉදිරි මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන්නැයි බල කරමින් පෙරමුණේ සිටින බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම සාකච්ඡාව සංවිධානය කරයි.
ගිය රජය සමයේ බලය අයුතු ලෙස භාවිත කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල විය. මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස්ද චෝදනා කළේ හිටපු ජනපතිගේ පරාජයට හිටපු ඇමැති බැසිල් හේතු වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හොඳ සෙල්ලමක් බලාගන්න පුලුවන් වගේ. (නි)
ඕවා ඔහොම තමයි (නි)
මේ එන කෙනාව ගුවන් තොටේදීම අත්අඩංගුවට ගන්නවා කිවුවට එයා එන්නේ කවුන්සලේට යන්න බලාගෙන කියලයි අපිට නම් හිතෙන්නේ! (නි)
දැන් ඉතින් ඔක්කොම වැරදි බැසිල් රාජපක්ෂ පිටින් යවන්න හදනවා. (නි)
එයාව පිළිගන්න යන්නම ඕනෙද? ඕක තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම්. ඒ මනුස්සයා පාඩුවේ ගියානම් පාඩුවේ ආවදෙන්. (බ)
අයියලා, මල්ලිලායි, වටේ ඉන්න ගෝලබාලයෝ ටිකයි ඔක්කොම එකයි. ඡන්දදායකයෝ ටිකට තමයි පිහිටක් නැත්තේ (නි)
එදාට කටුනායකදී බලා ගන්න පුළුවන්, හරියටම කවුද හොරු කියල. (ස)
හිටපු ජනාධිපති මැතිවරණයේදී අගමැති අපේක්ෂකයෙක් ඉදිරිපත්කළාද? දැන් අවශ්‍යවෙලා තියෙන්නේ මොකද? (නි)
සත්‍යපාලට ලැජ්ජද? (නි)
මොන සෙල්ලමක්වත් නැහැ. වෛරය නිසා මේ වගේ දේ සිදුවෙනවා. මේවා ටික කාලයයි. (නි)
ඔබතුමා ඕවා ගණන් ගන්න එපා (නි)
කවුරු පස්ස හැරෙවුවත් අපි හැමදාම ඉන්නවා (නි)
අනේ බැසිල් මහත්තයෝ, ඔය කීයක්හරි වැඩිපුර අතේ සල්ලි තියනවා නම්, සහෝදරයට අර මොණර මන්දිරය අරගෙන දෙන්නකෝ. (නි)
සමන්ති, ඉස්සර එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. (නි)
කවුරු මොනවා කිවුවත් අපි මහින්ද ගෝඨාභය වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්. ඒත් බැසිල් ගත්තොත් අපි වචනයකින්වත් සහයක් නැහැ (නි)
බැසිල් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි නොදන්නවායැ? (නි)
හොද නැද්ද මෙතන අදහස් දාන කට්ටිය අලුත් පක්ෂයක් හදාගෙන අගමැති සටනට අවොත් ..පිස්සු ලිය ලියා ඉන්නේ නැතිව (අ)
ඉස්සරත් කියන ඕනෑම වෙලාවක මෙයාට පස්ස හරවන්න බලාගෙන හිටිය අය හිටියා. (අ)
මෙයාට කොච්චර හොරා කෑවත් ඇතිවෙන කෙනෙක් නෙමෙයි. තව කාලයක් ඇමරිකාවේ හිටියනම් ඇමරිකාවත් ඉවරයි. (අ)
යහා පාලනේ වියරු වැටි ඉන්නේ, මහින්ද මහතාගේ හිතවත්තු කොටවන්න එක එක දේවල් කරයි, ප්‍රවේසමෙන් කටයුතු කරමු. (අ)
හොරා හොරා කියමින් නොසිට කළ හොරකම් මොනවාද කියා ඔප්පුකර දඬුවම් නියම කළයුතුය. (නි)
මේ වටේ බහුතරය ගැන අපි හොඳට දන්නවා (නි)
ඇයි සුමුදු හේවා ඉන්නේ ඔය පිළිගන්න වැඩේට . එයා දැන් මෙතන කිව්වානේ බැසිල් මහතා ගැන ආඩම්බරයි කියලා.(බ)
කෝ මේ සුමුදු සළු වඩන නිලමේ? එයා ඉන්දෙද්දී තව මොනවටද පිළිගන්න මිනිස්සු සොයන්නේ? (බ)
සියලු දෙනාට සුබ අනාගතයක් වේවා ? දැන් රටට තියන ලොකුම අභියෝගය මේකද ? රට දියුණු කරන්නත් මේවගේ උත්සහ කරනවානම් කොච්චර හොඳද (බ)
මහින්ද වටේ බහුතරය ඉන්නේ හොඳට ගසාකෑ කට්ටිය විතරයි. (නි)
කලින් නම් මේ අය බැසිල් මහත්තයාගේ පස්සෙන් තමයි වැටිලා හිටියේ වැඩක් කරගන්න, තනතුරක් ලබාගන්න. හැමෝටම බැසිල් මහත්තයා ඕනෑවුණා. දැන් පස්ස හැරෙව්වාට මේකෙන් පෙනෙන්නේ මේ අයගේ බලයට හා ධනය තියන කෑදරකම හා තියන නිවටකම තමයි. මෙහෙම අය මහජන නියෝජිතයෝ හැටියට යවපු ජනතාව තමයි ලැජ්ජා වෙන්න ඕනෑ. මොකද මේ අයට ලැජ්ජාව නැහැනේ! (නි)