මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ප්‍රවාහන ඒකකයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක කීර්ති දිසානායක කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීලාමනී ලියනාරච්චි මහත්මියගේ නියෝග මත බදාදා ( 18) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ජනාධිපති කාර්යාලය සතු රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහන තුනකට වූයේ කුමක්දැයි ප්‍රකාශ කිරීමට ඔහු නොදත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මීරිය මී සේ...... (නි)
වුණ දේ කිවුවා නම් ගෙදර යන්න පුළුවන්නේ. මොකද ඕවා ගෙදර අරගෙන ගියේ නැහැනේ (නි)
ඕවා කාටත් පොදුයි. වරදට දඬුවම් දියයුතුයි තරාතිරම නොබලා (නි)
අනේ ගොඩක් අඩු ගණනකටනේ හිරේ යන්නේ (ලක්ෂ පනහයි) . තෝරුන් මෝරුන් තල්මසුන් නිදැල්ලේ . හාල්මැස්සන් ඇල්ලේ (අ)
අනේ කපිලත් කියන මෝඩ කතා? එක වාහනයක් වුණත් කජු ඇටද,කොස් ඇටද....? (නි)
මොන පහත් වැඩේ කළත් ලංකාවේ මිනිසුන්ගේ අතේ කඹ සයිස් පිරිත් නූල නම් වරදින්නේ නැහැ. (නි)
වාහන විශාල ප්‍රමාණයක් පරිහරණය කරන තැනකට පළපුරුදු නිලධාරියෙක් යෙදීම අවශ්‍යයි. (නි)
කන්දක් විළිලා මීපැටියෙක් වැදුවා වගේනේ. කිවුවේ වාහන දහස් ගාණකට වෙච්ච දෙයක් නැහැ කියලා නේද? (නි)
සිදුවිය යුත්තේ මාධ්‍ය සංදර්ශන නොව මේ ක්‍රියාවලියයි.ඕනෑම ආයතනයක ඕනෑම අංශයක් සදහා වගකිවයුතු නිලධාරියෙක් සිටිනවා.යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ප්‍රශ්නකර විසඳුම ලබාගත යුත්තේ ඔහුගෙන්.මේ කියනාකාරයට සියලු වාහන පිළිබඳව විස්තර තිබෙනවා තුනක හැර.මොහුගෙන් ලබාගත් විස්තර අනුව වාහන බාරනොදුන් අයට නීත්‍යානුකූල පියවර මෙන්ම අඩු වාහන තුන සඳහා වටිනාකම මොහුගෙන් ලබා ගතයුතු නොවේද? (නි)
ඔය ලක්ෂ පනහ තුළ අහිංසක කුලී කම්කරුවාගේ රුපියල පවා තිබෙනවා (නි)
කරණ කලට පව් මිහිරිය මී සේ, කරන කලට පව් දුරු වෙයි ගිනි සේ (නදී)
හිනාවෙලා මාරුවෙන්නේ නැතුව කියන්න පුළුවන් නම් හොඳයි අපේ සල්ලි වලට කළදේවල්. (නි)
නියමයි ! (නදී)
තව ගොඩක් අය එළියේ නේද? ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනතුරු අපි බලාසිටිනවා (නි)