හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට භික්ෂූන් වහන්සේලා සියයකගේ හා ගිහියන් දහසකගේ බලකායක් පිහිටුවන බව බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියෝ අද පැවසූහ.
එක් භික්ෂූන් වහන්සේ නමකට ආරක්ෂකයන් දස දෙනකු බැගින් බාර දෙන බවත්, ඊට එක්වීමට කැමැති පුද්ගලයන්ට ලියාපදිංචි වීම සඳහා සිය තොරතුරු ලබාදිය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.
‘රජය ගෙනයන භික්ෂු මර්දනයට එරෙහිව‘ යන තේමාව යටතේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සඟ සමුළුවක් අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ බව කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයේ වලකැපුනු 1980 දශකය ගැන මෙහි අදහස් දක්වන සමහරු දන්නේ නැතුව ඇති. සමහරවිට ඉපදිලා දණ ගානවා ඇති. එනිසා බෙන්ගමුවේ නාලක හිමියන් ගැන හෝ මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් ගැන දන්නේ නැතුව ඇති .සිංහල බල මණ්ඩලය ගැන හෝ සිංහල වීර විදහන ගැන හෝ සිංහල බලවේගය ගැන හෝ දන්නේ නැතව ඇති. එදා එහි ප්‍රධාන තැනක් ගත සෝබිත හිමියන් අද නැත මේ හැම එකක්ම විනාශ කරන ලද්දේ බලපෙරේත සිංහල ද්‍රෝහී දේශපාලකයන් විසිනි. (බ)
එතොකට දොර අරින්න , වැසිකිලි පරීක්ෂාව කනබොන දේවල් පරීක්ෂාව ගේට්ටුව අරින්න, කාරකෙ දොර අරින්න, පාත්‍රය වෙනුවට ටී 56 උරේ දාගෙන් , සිවුරු ඇදගෙන යනකොට කොහොම හිටීද අපේ හාමුදුරුවනේ (බ)
නියම වැඩේ රජයේ මුදල් ඉතිරි කරගන්න එක ඔය කියන විදියට මිනිසුන් ලියාපදිංචි වෙයිද ගෙවීමක් නැතිව දිනපතා කෑම බිම කවුද දෙන්නේ මේ රජයෙන් මහජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ නොමිලේ සිල්රෙදිවත් දෙන්නේ නැහැ හිටපු ආර්යාවගේ ආරක්ෂාවට අැබිත්තයට බාර දෙනවලු දැන් ඉන්නේ බුද්ධ පුත්‍රයනට බුදුදහම රකින්න ප්‍රචාරය කරන්න වෙලාවක් නැ දැන් පන්සල් වල නම් වෙනස් කරලා ප්‍රබු ආරක්ෂක බලකා කදවුර කියල නම් කරන්න වෙනවා (බ)
මේ රට බේරාගත්තු නායකයා වෙනුවෙන් ඔබ වහන්සේලා කරන කැප කිරීම ඉතා අගය කරමි (බ)
එතකොට කන්න දෙන්නේ මහින්ද ද? (බ)
සිවුරු යුනිෆෝම් එක්ක තුවක්කුත් දෙනවද හාමුදුරුවනේ? (බ)
එතකොට ඒ බලකායට කියන්නේ නිල් බලකායද? නැත්නම් කහ බලකාය කියලද ? (බ)
මට පුලුවන් ද මහණවෙලා, මේ බලකායට එකතුවෙන්න. පිං පෙට්ටිය රකිනව වගෙ මම බලාගන්නම්. (බ)
හාමුදුරුවනේ සිවුර ගෙන කරන්න ඕනේ ආගමික වැඩ මිස කඩේ යන එක නොවේ (බ)
එතුමා වටාසිටි අවස්ථාවාදී දූශිතයන්ගෙන්,යුද්දය දිනවීමෙන් පසු එතුමා ගලවාගෙන නිසි මගට යොමු කළා නම් අද මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. කොටි හිතවතුන් මෙරට පාලනය නටවන්නේ නැහැනේ. (බ)
ඒ දේවල් විනය පිටකයේත් තියෙනවාද දන්නේ නැහැ ? හිටපු රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව සැපයීම පන්සලේ ඇත්තන්ගේ කාර්යභාරයක් කියලා. (ම)
නියම වැඩේ රජයේ මුදල් ඉතිරි කරගන්න එක ඔය කියන විදියට මිනිසුන් ලියාපදිංචි වෙයිද ගෙවීමක් නැතිව දිනපතා කෑම බිම කවුද දෙන්නේ මේ රජයෙන් මහජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ නොමිලේ සිල්රෙදිවත් දෙන්නේ නැහැ (බ)
පුදුමයි ලංකාවේ බහුතර සිංහලයා ගුණමකු වී ඇති තරම. (ම)
එතකොට හිටපු ආර්යාවගේ ආරක්ෂාවට (බ)
මට බණ්ඩාරනායක මහත්මයාව මතක් වුනා?(හේ)
දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ මේ යන දේශපාලන ක්‍රමය අන්තවාදී දේශපාලන ක්‍රමයක් කියලයි.(කෞ)
අනේ සෙනග මදිනේ හාමුදුරුවනේ. (හේ)
මෙයාලට පිස්සුද ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මේ වගේ වැඩ වලට යන්න .(හේ)
මේවගේ අදබාල හිමිවරුන් බුද්ධ ශාසනයේ ගරුත්වය කෙලෙසීම මහා නායක. හිමිවරුන්ගේ අවධානයට යොමු විය යුතුයි නේද ? (ම)
හොඳමයි හාමුදුරුවනේ. (හේ)
හාමුදුරුවරු හෝ පෙරමුණ ගැනීම වටිනවා. අපිත් මේ වැඩේට කැමතියි (නි)
මේක මහා සංඝරත්නයත් බුද්ධ ශාසනයත් විනාශ කරන්න මිනිසුන් බිහිවන යුගයක්. අනාගතය ඉතාම භයානකයි (නි)
අපිට පුළුවන් උපරිමයෙන් අපි සහය දෙනවා හාමුදුරුවනේ (නි)
මේ ප්‍රකාශය බුදුදහමට ගැලපෙන්නේ නෑ කියන අය අඩුම තරමේ පන්සිල්වත් සමාදන් වෙනවද ?? ඒ කාලයේත් අපේ හාමුදුරුවරු තමයි පෙරමුණ ගත්තේ (ම)
කොටි ඩයස්පෝරාවටවත්, මෙරට බංකොලොත් කරන්න බලා ඉන්න අයටවත් ලේසියෙන් ඕනෑ දේ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අතීතයේ පටන් භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් තමා ලංකාව රැකගත්තේ. (නි)
මේ වගේ වැඩ ශාසනයේ ගෞරවයට ගැළපෙන්නේ නැහැ නේද? (නි)
යුද්දේ ජයගන්න දායක වුන අය ගැන හුගක් කතාකරන අයගේ මතය දැනගන්නයි අහන්නේ? රටේ ඒකීය භාවයට විශාල හානියක් විය හැකිව තිබූ සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, අන්තර් පාලන මණ්ඩල යෝජනාව පරාජය කිරීම ,උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම ඒකීය යන වචනය ව්‍යවස්ථාව තුල පවත්වාගෙන යාම ආදී කාරණා වලදී ඔය දේශප්‍රේමී නායකයන්ගේ දායකත්වය ගැන ඔයාල දන්නවද? දන්නවනම් සැහීමකට පත්වෙනවද? (බ)
බුද්ධ ශාසනය අාරක්ෂා කරන්න, දේශපාලනයෙන් වළකින්න. සංඝයා වහන්සේලා ගමන්කරන දිශාව බුද්ධ ශාසනයෙත් රටේත් ජාතියෙත් විනාශයි. (නි)
මමත් බැඳෙනවා මේ බලකායට (නි)
සිංහල ජාතිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා මේ කරන කැපකිරීමට අපි බොහොම ගරු කළයුතු වෙනවා. මවුබිමට ආදරේ කරන කවුරුත් මොහොතක් සිතා බලන්න (නි)
අපි මනසින් මෙතරම් ලාබාල ජාතියක්ද කියා සිතුනා (නි)
බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නම් පළමුව කළයුත්තේ මෙරට සංඝයා වහන්සේලා බුද්ධාගමට ගැළපෙන ලෙස හසුරුවා ගැනීමයි. (නි)
අනේ සාදු! සාදු!! අපේ හාමුදුරුවොත් අතර මැදියෙක් හැටියටයි ඉන්ඩ හදන්නේ. ඕකට මිනිස්සු අල්ලගන්ඩ ඕන නෑ. එහෙම වුනොත් ඒ ගෙවල්වල ඉන්න ගැණු (දරුවෝ) බලාගන්ඩ හාමුදුරුවෝ වඩිනවද? අලියා බලන්ඩ කෙක්කත් අරන් යන්න වෙයි. සංසාර සාගරේ ගිලෙන්න දඟලන දැඟලිල්ල (බ)
සිවුර විතරක් නම් මදිවෙයි මේ වැඩේට. ආරක්ෂාවට පිස්තෝලයක්වත් උවමනාවෙයි නේද? (නි)
හාමුදුරුවරු දේශපාලකයෝ ආරක්ෂා කරනකොට ශාසනය ආරක්ෂා කරන්නේ කවුද? ලංකාවේ වෙන ආගම වල නායකයෝ වැඩ කරන්නේ ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරගන්න. නමුත් අපේ හාමුදුරුවරු සියලු දෙයම කරනවා, කරන්නේ නැති එකම දෙය තමා බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට කටයුතු කරන එක (නි)
මෙහෙම හිතෙන හිතෙන විදිහට ශාසනයේ පුද්ගලික හමුදා හදාගෙන තියාගන්න පුළුවන්ද? (නි)
තුන් ලෝකයම පාලනයට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයෙහිම හැසිරෙන්න, ධර්මය ඔබව ආරක්ෂා කරයි කියල. එතකොට මේ අපේ පික්ෂුන් වහන්සේලා ධර්මයට වඩා ඉහළද? (ම)
කොච්චර වටකරගත්තත් වැඩක් නැහැ, කළ හොරකම් අහුවෙනවාමයි. (නි)
අපොයි! දැන් ලංකාව තලෙයිබාන් වගේ වේගෙන එනවා. අපිට නම් ලැජ්ජයි (නි)
ඇතැම් බෞද්ධ නොවන ඇත්තන්ට බුද්ධාගමේ පැවැත්ම ගැන දුකින් සිටිනා බව ඇතැම් අදහස් වලින් පැවසෙනවා. හරි හෝ වැරදි බව වෙන දෙයක්. සෝභිත හාමුදුරුවන් ද වර්තමාන ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටියා නම්, අනෙත් ස්වාමින් වහන්සේලාට ද හිටපු ජනාධිපති තුමා ව ආරක්ෂා කර රැක ගැනීමේ ඇති වරද කීම දැයි නොතේරේ. (ම)
ඉදිරියට අපිට හොඳ හොඳ සෙල්ලම් දකින්න වෙයි වගේ (නි)
බොහොම හොඳ දෙයක් හාමුදුරුවනේ, පින් බත් කකා ඉන්න එකේ මෙහෙමවත් වැඩක් කරන්නකෝ?(ම)
මේවා නව පරපුරේ අළුත් අාරේ වැඩ වෙන්න ඇති සමහරවිට (නි)
එතකොට එයා යන යන තැන මේ අයටත් යන්න වේවි. බලාගෙනයි. ශාසනයේ නම කන්න එපා. (නි)
එතකොට මේ හිමිවරුන්ට වැඩ දෙකක් කරන්න වෙනවා. එකක් තමන් වහන්සේලාගේ ශීලය රැකගන්න එක. අනෙක හිටපු ජනපති රැකගන්න එක. හැබැයි අපි දන්නා හැටියට එකවර වැඩ දෙකක් කරන්න ගියොත්, දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා. (නි)
ලෝකය හිනස්සන වැඩ මේවා (නි)
2005 මහින්ද ජනපති නොවුණා නම් අද ශ්‍රී ලංකාව එකිනෙකා මරාගන්නා රටකි. අදහස් දමා තිබෙන සමහර කළු සුද්දන්ට මහින්දගේ ආරක්ෂාව විහිළුවකි (නි)
බොරුවට එතුමාට හේත්තුවෙලා එතුමාගේ නම කන්න එපා. කරපු වැරදි වලට මේ ලෝකෙදීම පටිසන් දෙනවා බුදු බණේ හැටියට (නි)
ඉදිරියට මොනවා වෙයිද මං දන්නේ නැහැ. මහින්ද මහත්තයාට ආරක්ෂක හාමුදුරුවෝ කාණ්ඩය ඉස්සරහා දණ ගහගෙන ඉන්න වෙයිද? (නි)
එතකොට බණ කියන්නෙ ගිහියන්ද ඉදිරියට? (නි)
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මිනිස්සු එතුමාව ආරක්ෂා කරයි. එතුමාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. බුදු බණ පිළිපැද්දා නම් ඔහොම අමාරුවේ වැටෙන්නේ නැහැ (නි)
උතුම් අදහසක් අපි ඉන්නවා නිගරු නොකරන් මහා සඟ රත්නයට හෙළයිනි (ම)
අනේ මන්දා ශාසනයටත් ගිය කල! බුදුහාමුදුරුවෝ කිවුවේ නැහැ සිවුරු දාගෙන දේශපාලනය කරන්න කියලා. ඔය දේවල් කරන්න ඕනෑම නම් සිවුරු ගලවා කරන්න. සුඛවිහරණ බලාපොරොත්තුව සිවුරු දරන්න එපා හාමුදුරුවනේ. (නි)
හැමදේම ඔය හිතන හැටියෙන්ම කරන්න බැහැ අපේ හාමුදුරුවනේ (නි)
මෙතුමාව සියලු දෙනාම එක්වී ආරක්ෂා කළ යුතුය. නායකයින් මරා දමන්නට රටම විනාශ කරන්නට අාපු කොටි වැරදිකරුවන් වන අයටත් සමාව දෙන යුගයකි මේ. (ම)
අපි කැමතියි රට ජාතිය රැක දුන් නායකයා ආරක්ෂා කරන්න (ම)
අපේ සිඅලු දෙනාම එකගි ඔබ වන්සේගේ ඉල්ලීමට කාලෝචිත අවස්ථාවක් (ම)
ඒ බලකායේ අණදෙන නිලධාරියාට නියම හිමිනමකුත් ඉන්න එකේ ඒ අදහස මමත් අනුමත කරනවා. (නි)
“හාමුදුරුවෝ“ කියන වචනයේ ගරුත්වය රැකගන්න හාමුදුරුවනේ (නි)
අපේ නිර්මල බුදුදහම නැතිවෙනවා, ටිකෙන් ටික. (නි)
ඔව් ඉතින් කරන්න දෙයක් තියෙන්නත් එපායැ. බුදුන් වහන්සේගේ නිර්මල බුදුදහම විනාශ කරන්න එපා (නි)
සසරින් එතෙරවීම කෙසේවෙතත් වෙනත් බාහිර අරමුණු මුදුන්පත් කරගැනීම උත්සාහය බවයි අපිට හැඟෙන්නේ (නි)
අපි එනවා හාමුදුරුවනේ හොද අදහසක් තෙරුවන් සරණයි (ම)
ඇයි බෞද්ධයින්ට මෙහෙම නින්දා කරන්නේ? (නි)
ගිහියෙක් ප්‍රවේශම් කරන්න හාමුදුරුවරු යනවලු? (නි)
අපිට හදිසියට දහම් කරුණක් දැනගන්නවත් හිමිනමක් නැතිවෙන වැඩක් මේක (නි)
වෛරය පලි ගැනීම් මත රටක් දියුණු ව කර යන්නැහැ(රේ)
මේ අයුරින් පන්සල් යන පරාජිත නායකයෙක් මා කිසිදිනක දැක නැත. ධර්මය ඔහු රකිනු අැත. අාරක්ෂකයන් අවශ්‍ය නැත. (නි)
අන්න කරන්න පුළුවන්නම් ලොකු දෙයක් හාමුදුරුවනේ. අද කාලේ වැඩිය වැඩක් නැති දේශපාලකයොත් කිසිම ශීලයක් නැති හාමුදුරුවරුත් ඉන්න නිසා දෙගොල්ලන්ට එකතුවෙලා මෙහෙම දෙයක් හරි කරන්න පුළුවන් නම් අර දුප්පත් පොලිස් නිලධාරීන්ට පොඩි නිවාඩුවක් හරි ලැබෙනවා. එ්කත් ලොකු පිනක්නේ අපේ හාමුදුරුවනේ. (නි)
අතීතයේත් රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් හිමිවරු පෙරමුණ ගත්තා (නි)
එතකොට අමතන්නේ \"ස්කොඩ් එකේ හාමුදුරුවෝ\" කියලද නැත්නම් \"සේකුරිටි හාමුදුරුවෝ\" කියලද?(රේ)
ස්වාමින් වහන්සේලා ලබන දානය ට \'පිං බත්\' යයි කියන ඇත්තන්ට ද,උන් වහන්සේලා අඳින සිවුර, යුනිෆෝම් යයි කියන්නාවූ ඇත්තන්ට ද, බුද්ධාගමේ පැවැත්ම වෙනුවෙන් දුක් වන ඇත්තන් ටද සහ එය හැල්ලුවට පත්කර මින් අදහස් දමන ඇත්තන් ටද යහපතක් ම වේවා!.. යහපතක් ම වේවා!!... යහපතක් ම වේවා....!!!(රේ)
දැන් හිමිවරු කරන්න හදන්න්‍ෙ ආරක්ෂක රාජකාරියද? (නි)
පියුමිට පුළුවන්නේ මොන මොනවාහරි කරලා කන්න දෙන්න (නි)
අර නර්සලා ටිකත් ගත්ත නං මාරු මෙයාට, සාසනේට හෙනගහල ගියත් මොකද , (රේ)
ප්‍රනාන්දු ඉන්නේ ලංකාවේද? එහෙම නැත්නම් සිහින රාජ්‍යයකද? (නි)
බුදුහාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේට මොනවා හිතෙයිද මේ වෙන දේවල් වලට? (නි)
අසවු!අසවු! හිටපු රාජකීයන් රැකීමට මුරුත්තෙට්ටුවේ හිමි යටතේ සේනා බලඇණිය රැස්කරමින් සිටින වගයි. තවමත් රාජකීයන්ට වන්දනාමාන කරන වැසියන්ගේ හිතසුවය සඳහා ඉවහල් වේ. (නි)
අනේ ඉතින් කිවුවට මේ දේවල් කරන්න පුළුවන්ද? (නි)
අනේ අපේ රටට ගිය කලක්. මේවා තමයි රට කෝලම් (නි)
හාමුදුරුවනි කරුණාකර ඔය දේවල්වලට අත ගහන්න යන්න එපා. අැයි එහෙම මම කියන්න හේතුව මේ කියන දේශපාලන කෙරන හැම එක්කෙනාම කවදාවත් විශ්වාස කරන්න බැරි මිනිස්සු අද අැණ කොටාගනියි හෙට කරේ අත දාගනියි අන්තිමට රැවටෙන්නේ අපිමයි. (බ)
කළගුණදත් හිමිනමක්. කොටින්ට ඉන්න එකම පරම හතුරා හිටපු ජනපති. එතුමාට ආරක්ෂාව අවශ්‍යයි. දැන් ඉන්න සමහර අයට කොටි මල් මාලා දාලා පිළිගන්නවා. (නි)
දැන් ඉන්නේ බඩගින්නේද පියුමි? (නි)
වැඩේ නම් හොදයී . ප්‍රශ්නේ තියෙන්නේ මේ නඩු හබ වැටී තියෙන්නේ හොරකම් වංචාවලට නේද මේ හාමුදුරුවරු බහුතරයකට .මේ අය පෙන්වන්න හදන්නේ මහින්දට සහයෝගය දෙන නිසා නඩු දාල වගේ .මෙතන හිමිවරු ව්‍යාපාරිකයෝ , රජයේ වාහන දේපල වැරදියට පාවිච්චි කළ උදවිය (බ)
රටක් වටිනා දරුවන්ගේ ආරක්ෂාවත් බැලුවොත් හොඳයි නේද අපේ හාමදුරුවනේ (නි)
ඔන්න කඩේ යන අයට හොඳ අවස්ථාවක් මහින්ද මන්ත්‍රීතුමාට සේවය කරන්න. (නි)
රට ජාතිය නිදහස් කර දුන් නායකයා ආරක්ෂා කිරීම ආගමික කටයුත්තක් (බ)
නියම බෞද්ධයෝ වන අපි මෙය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. (නි)
බුදුහාමුදුරුවො මේගොල්ලන්ට කිව්වේ, " චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය" කියලා. අනික, "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" (නි)
“ගිහිගෙය දුක් කම්කටොලු සහිතයි. අභ්‍යවකාශය වැනි පැවිද්ද උතුම්“ (නි)
බෞද්ධ භික්ෂුවකගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනයක් ඇතිකරගෙන එමගින් ගිහියන්ට ධර්මය කියාදී ඔවුන්ව ආගමික නැඹුරුවකට යොමු කිරීම හා බෞද්ධ දර්ශනය චිරාත් කාලයක් මේ ලෝකයේ පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි. අද බහුතරයක් වූ ශ්‍රමන වෙස් ගත්තවුන් නිසා, බෞද්ධයෙක් වීම ගැන අතිශය කළකිරීමකට පත් වී සිටිමි. මහනායක හිමිවරුන් පවා මේ දේවල් නොදැක්කා සේ සිටීම කණගාටුදායකයි (නි)
අනේ හාමුදුරුවනේ, කටට ආ පළියට මෙහෙම දේවල් කියවන්න එපා. (නි)
භික්ෂුන් වහන්සේලා “සෙකියුරිටි“ වැඩ වලට දාලා උන්වහන්සේලාට තිබුන ටිකක් හරි තිබුන ගෞරවයත් නැතිකරන පොටක් මේක. (නි)
මේ වගේ දේවල් වලින් අප ගිහියන් විසින් රැකගන්නා ධර්මයටද නින්දාවක් වන බවයි මට හිතෙන්නේ. බුදුදහමේ නාමයෙන්වත් බලයට කෑදර වැඩ කරන්න එපා. (නි)
එතකොට බලකායේ නායකකම දෙන්නේ කාටද? (නි)
හොද අදහසක් අපිත් සහයෝගය දෙනවා (බ)
නරකද අසරණ වකුගඩු, පිළිකා ලෙඩුන් වෙනුවෙන් බලකායක් පිහිටුවා පිහිටවුණොත්? (නි)
අනේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව (බ)
එතුමාව විනාශකළේ කවුද කියලා නම් අපි දන්නවා. ඔය හදන්නේ ඉතුරු ටිකත් විනාශ කරලා දාන්නද? (නි)
අපේ හාමුදුරුවෝ ඉල්ලන් කන්න වගේ යන්නේ. බැරිවෙලාවත් යම් කරදරයක් මහින්ද මහත්තයට වුණොත් (වෙන්න එපා) ආණ්ඩුව අත හෝදගන්නවා විතරක් නොවෙයි, ඔබ වහන්සේලාට මහ උළු ගෙදරත් යන්න වෙයි. (නි)
මේ හාමුදුරුවන් සමච්චලයට ලක්කරමින් අදහස් දක්වා ඇති පිරිසගේ දැනුමේ තරම තමුන් විසින්ම ලෝකයාට පෙන්වා දී තිබෙනවා, ඉතා පැහැදිලි ලෙස. අපේ මතු පරපුරට අබ සරණයි! (නි)
එතකොට ඒ සියක් නම ගමේ පාංශකූල වලට වඩින්නේ නැද්ද? හාමුදුරුවනේ, ඒ අයට දානේ එහෙම කොහොමද? (නි)
එතුමාට මෙච්චර සෙනඟක් අරගෙන යන්න ප්‍රවාහන පහසුකම් එහෙමත් දෙන්න වෙයිනේ (නි)
හොඳ වැඩක්. මටත් පුලුවන්නම් එකතු වෙනවා. කෑම බීම ගෙදරින් අරන් එනවා (නි)
කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය (නි)
මිනිසුන්, පුද්ගලයන් සහ බොරු පෞරුෂයන් රකින්න එකතුවෙන්න පුළුවන් වුණාට ප්‍රතිපත්ති රකින්න පෙළගැහෙන්නේ කීයෙන් කී දෙනාද? (නි)
මේ යන විදිහට ඊළඟට පාතාල නායකයන් කණ්ඩායමක් හදන්න තවත් කවුරුහරි කතාකළොත් පුදුමවෙන්න දෙයක් නැහැ. විචාරශීලී උගත් බෞද්ධයනි, ශාසනය ආරක්ෂා කරගැනීමට පෙරට එන්න! (නි)
මේවාට මොනවා කියන්නද මන්දා? (නි)
හාමුදුරුවරුන්ට මේ දේවල් ගැළපෙනවාද කියා ඇතිවෙන්නේ ගැටළුවකි (නි)
මේ යන විදිහට “බොඩිගාර්ඩ් නායක“ තනතුරුත් දෙන්න වේවිද මන්දා ඉදිරියේදී. (නි)
මහින්දට ටිකක් හරි ගෞරවයක් ඉතුරුවෙලා තිබුනා නම් මේ අය ඒකත් කනවා. ගිහියෙක් මුර කරන්න සංඝයා යනවා. අහෝ දෙවියනි! ශාසනයට අගෞරව නොකර සිවුර ගළවාවත් ගියා නම් විශාල ශාසන සේවයක්. (නි)
දළදා මන්දිරය ලග පිස්සු නටන කොට ,මේ අය කොහෙද හිටියේ (හේ)
මේ හදන්නට හදන බලකාය වගේම බලකායක්, නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමටත් හදන්නකෝ. ඔබවහන්සේට මතක ඇතිනේ සිංහල බෞද්ධ අයිතියේ විනාශය පටන්ගත් අවදිය. මතකනේ සිංහල බල මණ්ඩලය ගැමුණු මහා රජුගේ පිළිරුව රැගෙන අනුරපුර ගිය හැටි. මමත් එදා ඔබ වහන්සේ ළඟින්ම සිටි කෙනෙක්. තව එක දෙයක් තියෙනවා. වැරදි දහසක් තිබුනත් හිටපු ජනපතිතුමා තමයි මහා කොටියා වැනසීමට අවශ්‍ය නියෝග සහ අවි ආයුධ ලබාදුන්නේ. ඉතින් එතුමාට ආරක්ෂාව අඩුකිරීම නිසා යම් විපතක් වුණොත් මේ රට ගිනි ගොඩක් වේවි. (නි)
බුද්ධාගම වනසන්න හදන්න එපා. සිවුර ගළවලා ඕනෑම වැඩක් කරගන්න කියන්න තමයි දැන් වෙලා තියෙන්නේ. (නි)
අයියෝ හාමුදුරුවනේ මොනවද හැබෑටම මේ කරන වැඩ? (නි)
අනේ හාමුදුරුවනේ, මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
එතකොට නිරායුධවද ආරක්ෂාවට යන්නේ? (නි)
හාමුදුරුවරුන්ට රටේ යුද්ධයක් තිබුණ කාලේවත් ඔහොම කැක්කුමක් තිබුනේ නැහැනේ (නි)
අපේ හාමුදුරුවරු කරන්නේම ශාසනයට ගැළපෙන වැඩමනේ ඉතින් (නි)
ශීලවන්ත ස්වාමීන් වහන්සේලා අගතියට යැවීමට දායකවන අය කරගන්නා අකුසලයේ තරම හා එහි විපාක අඥානයෝ නොදනිති. (නි)
මේ දේවල් දකින කොට අපට හිනා යනවා.(හේ)
සිවුරට අපේ බුදුදහමට ගැලපෙන වැඩ කරන්න ඕන.(කෞ)
අනේ මෙහෙමත් බුද්ධාගම නැතිකරන්න පහළවන අය. සිවුර නිසයි මෙහෙමවත් ලියන්නේ. (කෞ)
අපේ හාමුදුරුවනේ, පුත්තු තුන්දෙනාටයි ආර්යාවටයි ඔක්කොටමත් එක්ක ඔය ගාන මදි නේද?(කෞ)
යුද්ධය ජයගැනීමට දේශපාලන නායකත්වය දුන් ඔහුව රැකගැනීමේ වගකීම රජය නිසියාකාරව කළ යුතුයි . එසේනොකර , ඔහුගේ හමුදා ආරක්ෂාව ඉවත්කර පොලිස් ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇත්නම් එය වෙනත් අරමුණකින් කර ඇති බව මෑතකදී අසු උ මරගන මැරෙන බෝබ්ම කට්ටල සාක්ෂි දරනවා. (කෞ)
මේ හාමුදුරුවන්ගේ අදහසට විරුද්දව කොමෙන්ට් දාල තියෙන්නේ පක්ෂ උන්මාදයෙන් ඇස් අන්ධ වූ අය (කෞ)