ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනියුක්ත කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය යටතේ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම ස්ථාන මාරු සිදු කර තිබේ.
ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා බ්‍රහස්පතින්දා (07) රාත්‍රී නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මරන බයෙන් ජිවත් වනවාට වඩා හොදයි අැමරිකාවෙි පුරවැසි බාවය ලබාගෙන ඒහි ජිවත්විම අනිකුත් රාජ්‍ය නායකයන් කළ අාකාරයට. (බ)
අහෝ දුකකි. ලෝකයේ කිසිම රටක නැහැ මේ වගේ අතීතය මෙතරම් ඉක්මනට අමතකවන මනුස්ස කොට්ඨාශයක්. මේ විදියට සමච්චලයට කතා කරන්නේ කාටද? (නි)
250ක ආරක්ෂාවක් දීලත් මදි වෙලාද ? කොටි බෝම්බෙකට අහුවුණු චන්ද්‍රිකාට ඕව තියනවද ? ෆොන්සේකා හිරේ ඉන්නකොට ඔහොම ආරක්ෂාව දුන්නද ? (බ)
එ්කනේ උපාලි, ප්‍රභාකරන් කිව්වේ සිංහලයාට සතියෙන් හැම දෙයක්ම අමතකවෙනවා කියලා. වසර 30 කට වැඩි කාලයක් නොමැරී මැරුන අපිට ජීවය දුන්නේ හිටපු ජනාධිපතිතුමයි. (නි)
මේ රටේ ඉන්න සමහරුන්ට නම් මොනවා කළත් හොඳක් පේන්නෙම නැහැ (නි)
මෙහෙම ප්‍රතිචාර දක්වන අයට මරණ බයක් නැතුව හුස්ම ගන්නවත් අභීත තීන්දු ගත් නායකයෙකුට ඔහොම කියලා මදි (නි)
වැරදි කරලා නැත්නම්, හොරකම් කරලා නැත්නම්, දූෂණ කරලා නැත්නම්, කිසිම බයක් නැතුව ජීවත්වෙන්න පුලුවන්නේ. මොකටද ආරක්ෂාවට මෙතරම් හමුදාවක්? (නි)
සෑමදෙනාම අද බියසැක නැතුව ඉන්නේ එතුමාට පින්සිද්ධ වෙන්න බව මතක තියාගත්තොත් හොඳයි (නි)
හාමුදුරුවෝ බලකාය 100යි. මිනිස් බලකාය 1000යි. මගේ අම්මෝ! එතුමාට තිබෙන හයිය. (නි)
අපි ඔක්කොටම කිසිම බයක් නැතුව ජීවත්වෙන්න රට හැදුවේ දැන් පාලනය කරන කිසිවෙක් නොවෙයි,එතුමායි. එහෙත් එතුමාට සැඟවුණු කොටි තර්ජන නැහැ කියලා කියන්න පුලුවන්ද. ඉතින් එතුමාට සහ එතුමාගේ ආරක්ෂාවට ගන්න තීරණ වලට අපහාස කරන අයට අතීතය මෙච්චර ඉක්මනට අමතකවෙලාද. (නි)
ඔච්චර බය නම්, මොකටද ඇවිදින්නේ? නිවසටම වෙලා ඉන්නකෝ. (නි)
මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීමත් දුකක්. දැන් ලොකු කතා දාන්නේ මහින්ද මහත්තයා යුද්ධය ඉවරකළ හින්දනේ (නි)
ඉස්සර ගොඩක් අයට වැඩේ කරගන්නතුරු මහින්ද. ඒකට දැන්? (නි)
මේ වගේ රටක ඉපදීමත් දුකකි. අපි සියලු දෙනාම නිදහසේ හුස්ම ගන්නේ මෙතුමා ඇතුළු රණවිරුවන්ට පින් සිදුවන්නටය. (නි)
අපරාදෙනේ. 100 ක බලකායක් දැන් පුහුණු වෙනවනේ ඔය වැඩේට. (බ)
මේ මොන විකාරයක්ද . ග්ලාස් හවුස් එකක් හදලා ඇතුලට දමන්න මුදලුත් ඉතුරුයි බිල්ලාඩන් මරපු ජනපතිටවත් මේ වගේ ආරක්ෂාවක් නැහැ පැරදිලා කියපුව දැන් පස්සෙන් එනවා (බ)