මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආරක්ෂාව මදි බව මහින්ද යාපා අබේවර්ධන මහතා බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. (ඔහුගේ ආරක්ෂවට 100 කට වැඩි පිරිසක් සිටිති)
රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතු යැයි කීවේය. ඔහුගේ රජය සමයේ අත්අඩංගුවට පත් කැරුණු කොටි සාමාජිකයන් දැන් නිදහස් කරගෙන යන බවත් පාතාලය ද දැන් හිස ඔසවා ඇති බවත් ඔහු කීවේය. මහින්දගේ වෙඩි නොවදින කාරය කැඩී මාස කීපයක් ගත වන බවත් ඔහුට මාස 14 යනතුරු නිල නිවසක් නැති බවත් ඔහු සඳහන් කළේය.
ජීවන වියදම වැඩි වී ඇතැයි කී මන්ත්‍රීවරයා පාන් පිටි මිල රුපියල් 7.20 කින් ඉහළ දමා ඇති බවත් හැම කිලෝවකින්ම රුපියලක් එකිතරා පුද්ගලයෙකුට යන බවත් ඔහු චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට වැඩි ආරක්ෂක සේවයක් දීලත් මදි , දාහක් දෙදාහක් විතර ඕනේ ඇති ඉස්සර වාගේ සංදර්ශන කරන්න , ලෝකයේ කිසිම රටක නොවෙන නොඉල්ලන දේවල් මෙහෙ ඉල්ලන්නේ (බ)
අනේද කියන්නේ පිටිගල. ඒ වුණාට මතකද ආරක්ෂක බලඇණි නිහඬව රැස්වෙන බව ඡන්දෙ දවස්වල මාධ්‍යයෙන් පෙන්නුවා. එපමණ බලඇණි ඉඳලත් බැරිවුණ එකේ එකසිය පනහකින් මොනවා කරන්නද? එ්කයි සමහරවිට වැඩිපුර ඉල්ලනවා ඇත්තේ. (නි)
තිලක් ඩුුබායි ඔබ ඩුබායි ගැන දන්න තරම් ශ්‍රී ලංකාව ගැන දන්නේ නැති පාටයි.තමන් පලඳින කන්නාඩිය අනුන්ට පලඳවන්න උත්සහ නොකර ඔය ඉන්න තැනම ඉන්න බලන්න.(අ)
මහජන මුදලෙන් යැපෙන මොහුන්ට වැඩක් නැති නිසා කබර ගහනවා. මොහුන්ගේ උත්සාහය ඉදිරියට එන නඩුවලින් බේරී හිරෙයන එක වලකා ගැනිමය. එකට හොරකම් කරලා සාමුහිකව බේරීමේ උත්සහයක්..(අ)
150ක් දීලත් තවත් මදිද (අ)
දෙන්න තියෙන්නේ අර චන්ද්‍රිකාට දුන්නා වගේ වයසක පී සී කට්ටෝ දෙන්නෙකුයි අවුරුදු 20ක් පරණ මග හිටින පොලිස් ජීප් කබලකුයි. මෙවට බදුගෙවන අපේ සල්ලිවලින් පඩිගෙවන 150ක් දීලත් මදි. අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් (අ)
නැතුව නැතුව, රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතුයි හරිද? (අ)
බොරු කෙකර ගාන්නේ නැතුව ඉන්නවා. තමුසෙලා ඔක්කොම ලෝක හොරු. මහා හොරාට නිතරම කඩේ යන පල් හොරු බේරෙන්න බලනවා නැති තර්ජන මතු කරලා.(අ)
ඡන්දය දී මිනිස්සු රජය වෙනස්කළේ එහි තිබු වැරදි සහ අඩුපාඩු නිසයි. ආපසු එම වැරදි කරපු කට්ටිය ඔලුව උස්සලා ආවොත් මෙම යහපාලනය ගැනත් මිනිස්සු තීරණයක් ගනියි (නි)
රටට වැඩක් කළ නායකයන්ට තර්ජන වැඩියි තමයි. නිසි ආරක්ෂාව දියුතුමයි (නි)
රටේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සියල්ලමයි, පොලිසියේ සියල්ලමයි දුන්නත් මෙතුමාට නම් මදි (නි)
පවු අප්පා ඇඩෙනවා මේවා බලද්දී.මෙයාලට ජනතාව ගැන හරියට දුක හිතිලා දැන් . මෙයාල රජ කරපු කාලේ මිනිස්සු පාන් වෙනුවට කේක්නේ කෑවේ අඩුමිලට. (බ)
ඔබ සහ ඔබේ කණ්ඩායම අල්ලසේ රජවරු. (බ)
ඔව් ඔව් ඔය කරපු හරිය ගැන කරුණු විමසන්න ජනතාව ගෙදරට එයි කියලා හිතුවොත් නම් ආරක්ෂකයෝ මඳි තමයි නමුත් බුද්ධිමත් ශ්‍රීලාංකිකයෝ ඔවැනි ගනදෙනු විසඳන්නේ ජනවාරි අටවැනිදා කළාක් මෙන් සරල පැන්සල් කතිරෙකින්. (බ)
මේ මම අහන්නේ මේ මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද. ඔහේ මොක්කුද වගේ කියවනවා. (බ)
හැබැයි ඉතින් බීලා වැටිලා මොනවා හරි වුණොත් ඒකට වග කියන්න නම් මේ ආණ්ඩුවට බැරිවෙයි .(ම)
දේශපාලනඥයන්ට හමුදා ආරක්ෂාව ලබා නොදීම යටතේ සරත් ෆොන්සේකාට හමුදා ආරක්ෂාව ලබා නොදේ නම් මන්ත්‍රීවරයෙක් වන මහින්ද රාජපක්ෂට සෙබලුන් 150 කගේ ආරක්ෂාවක් ලබා දී ඇත්තේ කෙසේද? (බ)
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එකදු හමුදා නිලධාරියෙකු හෝ ආරක්ෂාව සඳහා නැති වුවද පැන්ෂන් ගිය කර්නල් වරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කොමාන්ඩෝ යුද හමුදා සෙබලුන් 50 කගේ ආරක්ෂාවක් ලබාදී තිබේ. (බ)
හමුදාවකට වෙන වැඩක් නැහැනේ එක පවුලකට ආරක්ෂාව දෙනවා හැරෙන්න.(ම)
ඔය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගැනද?150 දීලත් මදිද? (බ)
කියන දෙයක් ඇත්නම් කෙලින් කියන්න. (බ)
අර ඉස්සර ගෙන්නපු බයිසිකල් වලින් බයිසිකල් හමුදාවක් දාමු (බ)
මහින්ද යාපා අබේවර්ධන දීර්ග නින්දකින් අවදි වෙලා කටමැත දොඩවනවද, නැත්නම් හීනෙන් කතා කියනවද දන්නේ නැහැ. [රාජපක්ෂ මහතාගේ සුළු සීරීමක් හෝ සිදු වූවහොත් රජය ඊට වග කිව යුතු යැයි....] යාපා කිවුවත් එයාලගේ පාලන කාලයේ තිබුන සුදු වැන් සංස්කෘතිය දැන් නැති බව යාපාට මතක් කර දෙමු ! (බ)
ජනතාව ගෑන හිතනවානම් ඔහෙලගේ ලොක්කට කියන්න නිල නිවාස ගන්න එපා ජනතාවට සහන දෙන්න කියන්න (බ)
අනේ පරාද වුනානම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව තව ආරක්ෂාවත් ඉල්ලනවා .අනික එයාල ත්‍රස්තවාදය නැතිකළ එකේ අැයි මේ බය (බ)
ඉඟටියෙන් එල්ලිලා ඉන්නවා ඡායාරුපයක් තියෙනවා දැක්ක, ලෙලි යන්ඩ ඕනෙව දැන් නෑ කියල නේද? කියන්නේ.(බ)
මහජනතාවගෙන් ආරක්ෂා වෙන්නද? ලිබියාවේ ගඩාෆි නම් වරක් කිව්වා "මගේ ජනතාව මා ආරක්ෂා කිරීමට මැරෙන්නත් සුදානම්" කියල. එහෙම කට්ටිය ලංකාවේ නැද්ද දන්නෙ නෑ.(කෞ)
කුරුණෑගල ඇතුගල යට ගුහාවල් තියනවා අතීතයේ රජවරු පැරදුනහම ගල්ගුහාවල හැංගුනාලු. වාරියපොළ විශාල ගල් ගුහාවක් තියනවා.(කෞ)
1000ක් කරමු. නැතිනම් ඊට වැඩි කළත් කමක් නැහැ. අපි ගෙවන්නම් පිටි පරිප්පු සීනි අල තව මොනවද? (බ)
නාමල්, ඔයා කොහොමද අනුන්ට හොරු කියන්නේ? ඔයත් බොරුවට රැවටුණ තව කෙනෙක් විතරයි. (නි)
දැන් ඉන්න අය අඩුමගානේ බෝක්කුවක්වත් හැදුවද? කියන කිසිදෙයක් කරන්නේ නැහැ (නි)
එයා දැන් නිකම්ම නිකම් මන්ත්‍රී. සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට දෙන ආරක්ෂාව එයාටත් දිය යුතුය .(බ)
එතුමාට මොනවාහරි වුණොත් එය සමාව දෙන්න බැරි ලොකු වරදක් වේවි (නි)
ඇත්ත..ඇත්ත...ආරක්ෂාව මදි කියල අපටත් තේරෙනවා.(ම)
අනේ ඔයා නේද කිව්වේ තව ඉතුරුවෙලා තියෙන්නේ අතුරුපස විතරයි කියල.කාපු කෑම හිතාගත්තැකි. (බ)