‘ඇඬුවත් දෙඩුවත් කවුරු පොල් ගැහුවත් ජනපතිත් ආණ්ඩුවත් තව වසර හතරක් යනතුරු වෙනස් කරන්න බෑ. මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. හිටපු ජනපති හොඳ කෙනෙක්. නමුත් ඔහුට නිදහසේ ඉන්න සමහරු ඉඩ දෙන්නේ නෑ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළොන්නාව රජමහා විහාරයේ පැවැති උත්සවයකදී පැවසුවාය.
එම ප්‍රදේශයේ තෝරාගත් ගැබිණි මව්වරුන් පිරිසකට පෝෂණ ආහාර මලු පරිත්‍යාග කිරීම එහිදී සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා දැන් දේශපාලනයේ පරතෙරටම ගිහිල්ලානේ. අපිට හරි සන්තෝෂයි ඔයාගේ පරිණතභාවය දැක්කහම. (නි)
අපෝ මෙයාගේ හැටි අපි දන්නවා (බ)
යු අැන් පිය බැබලේවා අපි මැරුණත් කොළ පහුගිය කාලේ පොඩි පවා දීම් වුනා තමා දැනුත් සිදුවනවා තමා රණවිරුවන්ට වඩා අපිට ඩයස් පෝරාව ගැන බලන්න වෙනවා අපිට ඡන්දය අරන් දීල විශ්ම කර්මදෙයක් අපිට වුනේ හිතුවවත් නැතිව (බ)
පෙර වැරදි මොන දේ තිබුණත් කතාව ගැන නම් මට හරිම සතුටුයි. (නි)
ඒ ගමන මොනදේකට සූදානම් වෙනවද කියලා හිතාගන්න අමාරුයි. ඔහොම යමුකෝ (නි)
එතුමාගේ හොඳ ගොඩක් දෙනෙකුට දැනෙන්නේ තව ඉස්සරහට (නි)
ඔව් අනේ එයා හොඳයි. නොකියා කියන්නේ මොනවද කියලා තමයි අපිට තේරෙන්නේ නැත්තේ (නි)
හිටපු ජනපති හොඳ කෙනෙක් කියලා දැන් දැන් කාට කාටත් වැටහිලා ඉවරයි. ඒත් දැන් ප්‍රමාද වැඩියි !! අනේ තවත් කතා එපා. අපිට දැන් ඔයාගේ කතා ඇතිවෙලා (බ)
අනේ තවත් කතා එපා. අපිට දැන් ඔයාලගේ කතා ඇතිවෙලා (නි)
කෝකටත් දෙපැත්තම බේරලා කතාකරන එක තමයි ඥානවන්ත දේ. දැන් එහෙම කතාකරන ලොකු පිරිසක් ඉන්නවා. අපිටත් හිතාගන්න බැහැ මොනවද මේ කියන්නේ කියලා බොහොම වෙලාවට. (නි)
බෝට්ටුව පෙරලුනත් මොන පැත්තක් හෝ තිබෙනවා. එන ඕනෑ පැත්තක් දේශපාලකයින්ට ඔට්ටුයි (නි)
ඔබතුමියගේ කතාව සම්පුර්ණයෙන් ඇහුවේ නැත. එය අසා වැඩක්ද නැත. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වලු..... (නි)
අනේ ඉතින් එයාලා කියන දේවල් අපි අහගෙන ඉන්නවා. අන්තිමට අපිම රැවටෙනවා (නි)
හිටපු ජනපතිගෙ හොඳ දේවල් තිබෙනවා. ඒකනේ එතුමාට දෙවැනි වරටත් ඡන්දය දුන්නේ. ඒක නැහැ කියන්න කාටවත් බැහැ. යුද්ධය ඉවර කළ එක හොඳම හොඳ දෙයක්. නමුත් ඉන්පසු වැරදිත් සෑහෙන තිබෙනවා. ඒකත් නැහැ කියන්න බැහැ. එතුමා කෙසේවෙතත් වටේ හිටිය කට්ට්ය නැවත ආවොත් නම් මොකින් මොකක් වෙයිද කියන්න බැහැ. (නි)
එතකොට මෙයාලා දේශපාලනයෙන් පරිණතද? මේ වගේ අයටනේ ජනතාව ඡන්දෙ දුන්නේ. (නි)
හිටපු ජනපති කෙසේවෙතත් වටේ හිටිය හෙංචයියො ටික නම් අපිට අරහං! (නි)
නෙත බඳනා මන බඳනා මේ ආකර්ශනීය කතා පවත්වන්නන්ගේ අතීත පැටිකිරිය වෙනුවෙන් අන්තර්ජාලය ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරනු ඇති. (නි)
මේ කර ඇති කතාව නම් සාධාරණ කතාවක් කියලා මම පිළිගන්නවා. (නි)
හිටපු ජනපති හොඳ කෙනෙක් කියලා දැන් දැන් කාට කාටත් වැටහිලා ඉවරයි. ඒත් දැන් ප්‍රමාද වැඩියි (නි)
හිරුණිකා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා මේ කතාවෙන්. එයා කියන්නේ ඇත්ත (නි)
සුද්දවන්ත දේශපාලකයා/ පාලකයා කොපමණ පාඩු ලැබුවත් ප්‍රතිපත්තිගරුක වියයුතුයි. තම බඩගෝස්තරවාදයට කටයුතු කිරීම නොකළ යුතුයි. එවැනි මහත්වරුන් අදටත් මහින්ද ළඟ ඉන්න එක ගැන ආඩම්බරයි. ඒ අයට මගේ ප්‍රණාමය! ඔබතුමිය පටන්ගත්තේ කොතනින්ද කියන එක සිතන්න. (නි)
මහින්දගේ හොඳ කියන්න තවම පටන් ගත්තේ නැහැ හරියට. යහපාලනය දිගටම මෙහෙම යනකොට පටන් ගනීවි එතුමාගේ ගුණාංග ගලා ගෙන එන්න. (බ)
මහින්දගේ හොඳ කියන්න තවම පටන්ගත්තේ නැහැ හරියට. යහපාලනය දිගටම මෙහෙම යනකොට පටන්ගනීවි එතුමාගේ ගුණාංග ගලාගෙන එන්න. (නි)
වැදී බන කීමට නම් බොහොම උනන්දුයි මෙයා දැන් සිටින ජනාධිපති වගේම. (අ)
කිවුවත් නැතත් "හිටපු ජනපති හොඳ කෙනෙක් " තමයි . එක රටම දන්නවා. ඒකනේ ඔය හුඟදෙනෙක් සුළුදිය වගුරවන්නේ පිස්සුවෙන් වාගේ .(අ)
කෑම බීම වලින් බදු මුළුමනින්ම ඉවත් විය යුතුයි. කන බොන දේට බදු ගහනවා කියන්නේ මහා අපරාදයක් . මේ බදු නිසා දරුවෝ කී දාහකට තමුන්ගේ කෑම වේල අහිමි වෙනවා ඇතිද? කන බොන දේ ප්‍රවාහනය කරන ලොරි රථ වලින් රෙගු බදු , එම ලොරි වලට ගහන ඉන්දන වලින් බදු, මේ සියල්ල ඉවත් විය යුතුයි. (අ)
සුරන්ජිත් දාබරේ , එහෙමම නැහැ. නාස්තිය දූෂණයට ලංකාවේ මිනිස්සු කවදත් විරුද්ධයි. ඒ අයට දඩුවම් ලැබෙනවට තමයි කැමති. රාජපක්ෂ මහතා සහ ගෝඨාභය ගැන නෙමෙයි ජනතාවගේ ලේ කකියන්නේ. ඒ බලය තමන්ගෙ අතට අරගෙන රටකාපු සෙල්ලම් දාපු හෙන්චයියෝ ගැනයි. මේ අය ලොකු පුටු වල තාම ඉන්නවා. මේක අප්පිරියයි.(අ)
ගම්බද අපේ වැඩිහිටි අම්මලා නම් ""තෝරාගත් "" ගැබිණි මව්වරුන්ට විතරක් නොවේ, ඕනෑම බඩදරු අම්මෙකුට තමන්ගේ වියදමෙන් කන්න මොනවා හරි රසට හදලා දෙනවා .ඒ විතරක් නොවයි ඒකට දහස් ගණන් වියදම් කරලා උත්සව පැවැත්වුවේ නැහැ. රජයේ මුදලින් මෙවැනි සෝබන වැඩ කරලා තමන්ගේ ප්‍රතිරූපය නංවන්න හැදුවාට මිනිස්සු මෝඩ වෙන්නේ නැහැ (අ)
බදු නැතුව රටක් කරන්න බැහැ. පොහොරත් නිකන් ඉල්ලනවා. අධ්‍යපනයත් නිකන්, සෞඛත් නිනක් මේ ඔක්කොම නිකන් දෙන්න් බදු ගහන්න වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් බදු ගගහ මන්ත්‍රිලට විශ්‍රාම වැටුප් දෙනඑක, දිමනා වැටුප් වැඩි කරන එක, ලොකු ලොක්කන්ගෙ මපණක හොර රහසේ පඩි වැඩි කරගන්න එකනම් කැතයි. (අ)
අපෝ මොකොද මේ හිරුනිකා මහත්මියට අරයා ගැන අමුතු පන්නයේ ආදරයක් ඇති වුණේ? "අමතක කරලමු පැරණි කතා" කියන සින්දුව මෙයාට මතක් වෙලා වගෙයි!(අ)
කෝනාර මහත්තයෝ ,මන්ත්‍රී පර්මිට් දීමෙන් විතරක් රජයට ලක්ෂ 45000 ක් බදු අහිමි වෙනවා. තව පළාත් සභා අයට ලැබෙන පර්මිට්. මේවා අහෝසි කලොත් කන බොන දේවලට බදු ගහන්න ඕනෙම නැහැ. ගොඩාක් ව්‍යාපාරිකයෝ මේ වාහන ගන්නවා. නැත්තන් මේ ව්‍යාපාරිකයෝ මේ වාහන ගන්න ඕන බදු ගෙවල.(අ)
දැන් ජනතා බලවේගයකට කාලය හරි. රටේ සිටින උගතුන් එක්වී නව පක්ෂයක් පිහිටවිය යුතුයි. අද අපි කරමින් සිටින්නේ මිලියන 20 ක ජනතාවක් 225 කගේ සුඛවිහරණය වෙනුවෙන් කැපවීමකි. මෙය සිදුකළ හැක්කේ ජනතා බලවේගයකින් මතුවන නව පක්ෂයකින් පමණි. (නි)
තවම තේරුනේ නැහැ මහින්ද මත්තයාගේ අගය දැන් පේනවනේ රටේ වෙන දේවල් (බ)
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩුකළ යුතුමයි. වැඩේ කියන්නේ මේකට එකල සිටිය අයයි මෙකල ඉන්න අයයි දෙගොල්ලොම විරුද්ධ එකනේ. ඒ නිසා මේ අය යවලා එයාලා ගෙන්වලා නම් හරියන්නේ නැහැ. ජනතාව එකතුවෙලා දේශපාලඥයින්ගේ වරප්‍රසාද අඩුකළ යුතුයි. (නි)
දහස් ගණන් වියදම් කරලා ගැබිණි මව්වරුන්ට මොනවාහරි දෙනවා නම් එය වැරදියි. එහෙම වුණොත් අපරාදේ සල්ලි! (නි)
යහපාලනයට මුවා වුණාම අන්ධ වෙනවා තමයි. දැන් තමයි ටිකටික තේරෙන්නේ.(බ)
මන්ත්‍රී පර්මිට් ගැන හැම පක්ෂයේම කට්ටය ගෙන්වා ප්‍රසිද්ධ සාකච්ඡාවත් පවත්වන්න. ජනතාවට බර පටවලා සැප විඳින්න හදන්නෙ කවුද කියලා අපිට බලාගන්න පුවළුන්. ඡන්දය දෙනකොට මතක් කරගන්නත් පුළුවන් (නි)
අනේ ඇයි ඉතින් අපිට මේවා කියන්නේ? රටේ සංවර්ධනය අපිට හොඳටම පේනවානේ (නි)
මාධ්‍යයටත් විශාල වගකීමක් තිබෙනවා මේ අනවශ්‍ය වරප්‍රසාද ගැන ජනතාව වෙනුවෙන් හඬක් නඟන්න. වාහන පර්මිට්, දුරතන දීමනා, ඉන්ධන දීමනා, නිවාස කුලී දීමනා, ඒ මදිවට පඩිත් වැඩිකර ගන්න යනවලු. අපි රස්සාවට නොගියොත් පඩියෙන් කපනවා. මේගොල්ලන්ට පඩියට අමතරව එනවාටත් දීමනාවක් ගෙවනවා. (නි)
දේශපාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයකගේ කැමැත්ත පරිදි රට පාලනය කරන එක කියලා පාර්ලිමේන්තුවට ගියාට පසු අමතක වෙනවා. රටේ බහුතරයක් මේ මහජන මුදල් වලින් මේ දේශපාලකයන් විඳින දිව්‍යමය සැප සම්පත් වලට විරුද්ධයි. (නි)
කවුරුත් දන්නවා දේශපාලඥයින් යනු කවුද කියලා. අපිට නම් ලැජ්ජයි. (නි)
තෝරාගත් ගැබිණි මව්වරුන්ට ආහාර දුන්නාට පාර්ලිමේන්තුවේ දීමනා සහ අනෙකුත් ගෙවීම් වැඩිකළේ තෝරාගත් මැති ඇමතියන්ට නෙමෙයිනේ. එම දීමනා සහ අනිත් ගෙවීම් නොදී හිටියා නම් එ් මුදලින් රටේම ගැබිණි මවුවරුන්ට ආහාර දෙන්න පුළුවන්. මොවුන් හිතාගෙන ඉන්නේ අපි රැවටෙයි කියලා ඔය බයිලා වලට. (නි)
අපිට වඩා සල්ලි තිබෙන කුවේට් පාර්ලිමේන්තුවේ ආසන ගණන 50 යි. අපිට 225 ක් ඕනෑද? මේක මිනිසුන්ට කොච්චර බරක්ද? ඒ මදිවට පළාත් සභා, ප්‍රාදේශීය සභා. ඉවරයක් නැහැ. (නි)
අසංගගේ කීම හරියට හරි. මැති ඇමතිලා සැප විඳිනවා, රටේ මිනිසුන්ට දුක සහ බඩගින්න . ජනතාව අපාදුක් විඳිනවා මොවුන්ට සැප දෙන්න. පක්ෂ දේශපාලනයෙන් ඇති වැඩක් නැහැ. (නි)
මට හිතෙන්නේ මහින්දගෙ අගය බලෙන් තේරුම් කරවන්න වගේ මේ වගේ ජරා වැඩ මේ ටිකේ රට හැමතැනම කවුරුහරි කෙරෙව්වා කියලයි. (බ)
මෙයානම් මෝරලා දේශපාලනේට ඇවිත් තියෙන්නේ (බ)
මට මේ නෝනා ගැන එතරම් පැහැදීමක් තිබුනෙම නැහැ, එත් මේ කතාව දැක්කට පස්සේ හිතට පොඩි පැහැදීමක් ඇති උනා. (ර)
කෝ අර දින චර්යා විඩියෝ (බ)
මම නම් මුකුත් කියන්නේ නැහැ. (ර)
නිල් රතු කොළ සියල්ලෝම එකතුවෙලා ජනතාව මරාගෙන කනවා. පොඩ්ඩක් බස්නාහිරින් එළියට ගිහින් බලන්න ඉස්පිරිතාල වල තත්වය. ලෙඩුන්ට නිදාගන්න ඇඳන් නැහැ. මේගොල්ලන්ට අර දීමනා මේ දීමනා. (නි)
මෙයාගේ බුද්ධිය ගැන දන්නා හින්ද සහ පසු ගිය දේවල් තාම අපට අමතක නැති නිසා මේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ . (අ)
මට මේවා අහනකොට කියන්න හිතෙන දේවල් මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)
මට හිතෙන්නේ ඉදිරියේදී අපිට අලුත් ආරංචියක් අහන්න ලැබෙයි වගේ. මට නම් මේ කතාව එච්චර ඇල්ලුවේ නැහැ (නි)
මේ මොනවද කියන කතා? ඔයාලා කලින් කියපු දේවල් ඔයාටවත් මතක නැහැ (නි)
අනේ ඔයාගේ කතා? ඔයාම අහන්න ඒ අනුව වැඩ කරන්න. අපිට කතා වලින් වැඩක් නැහැ (නි)
ලැජ්ජයි අපිට නම් දැන් මේ එකට එකක් නොගැළපෙන පරස්පරවිරෝධී කතා අහන්න. (නි)
හොඳ නරක, හරි වැරැද්ද ගැන අවවාද අනුශාසනා ගන්නවා නම් අපේ දේශපාලඥයින්ගෙන් ගත්තා නම් හරි (නි)
ඊළඟ පාර ගෙදර යන්න කතා පවත්වනවා. මොන රාජපක්ෂට කතා කිව්වත් ගෝඨා ගැන ෆොන්සේකාගේ වෛරි කතා අරන් කියවීම මිනිසුන්ට ඔබ එපාවීමට ප්‍රධාන හේතුවක්. (බ)
ඕනේ ගොනෙකුට කරන්න පුළුවන් කිව ඇමති ළගදී කිව්වා, ලංකාව අසාර්ථක රාජ්‍යක් කියල. මෙයාලගේ අවුරුද්දේ පාලනයට තමා එහෙම වුනේ. නැත්නම් අසාර්ථක රාජ්‍යකට පුලුවන්ද ලෝකේ වේගයෙන්ම සංවර්ධනය වන අගනුවර බවට පත්වන්න ? හිරුනිකාට දැන් මහින්දගේ පැත්තට පනින්න හිතිලා වගේ. (බ)
දැන් මොකද අලුත් කරුණාවක් මතුවෙලා. දියවන්නාවේ 225 දෙනාම වරප්‍රසාද වලට පක්ෂ බේදයෙන් තොරව එකාවගේ කැමැත්ත දීලා ජනතාව ගැන හිතන්නේ නැතිව. (බ)
හිටපු ජනපති හොඳ කෙනෙක් නිසානේ ඔබගේ තාත්තාව මහා පාරේ මරල දැම්මේ.මිනීමරුවන්ට දැඩි ආරක්ෂාව දීල සින්ගපූර් ඇරියේ. එහෙදි සුපිරි හොස්පිටල් එකේ මාස ගණනක් තියන් මහජන මුදල් විනාශ කළේ . අනේ මගේ කට. (බ)