අනීෂා මානගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් මැදමුලන නිවස වෙත ඊයේ(22) හා අද(23) දිනයන් හීදී පැමිණියහ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන හා එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙලෙස චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.
පැමිණ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියල්ලෝම පාහේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සුහද කථාබහකද නිරත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා මිය ගියේ තංගල්ල මූලික රෝහලේදීය. එතුමා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. නමුත්, ඒ මහතා සිය සහෝදරයින් සමග පෙනී සිටි ඡායාරූප මිට පෙර කිසිවෙකුවත් දැක නැති තරම්ය. කොතැනක වත් ප්‍රසිද්ධ නොවූ තරම්ය. බොහෝ දෙනෙකු එතුමාගේ නමවත් අසා නැති තරම්ය. කොටින්ම රාජපක්ෂ පවුලේ සුප්‍රකට දෙතුන් දෙනාට මෙවැනි සහෝදරයෙක් සිටියාද කියාවත් සමහරු නොදනී. මේ ඡායාරූප දෙස බලු විට මට සිතෙන්නේ මේ දේහය මේ මොහොතේ තැන්පත් කර තිබෙන්නේ මැදමුලන වලව්වක නොව කුඩා මල් ශාලාවක කියාය. මියගිය ඔහු මේ නිරූපණය කරන්නේ සමාජය තුල ඇතිකරගත් එතුමාගේ අව්‍යාජ ස්ථානයයි. එතුමා රජ පවුලකින් වෙන්වී ස්වාධීනව ජීවාත් වූවා විය හැකිය. එතුමාට නිවන් සුව අත්වේවා.
අනේ ඇත්තම කියනවනම් මෙහෙම කෙනෙක් උන්නද කියලවත් අපි දැනගෙන හිටියේ නැහැ. තමන්ගේ පාඩුවේ ජිවත් වෙලා අනේ දන්නෙම නැතුව මිය ගියා. මටනම් හිතෙන්නේ ඔය පවුලේ ශ්‍රේෂ්ටම පුද්ගලයා එතුමා තමයි කියලා.